ලෝක යුද්ධයක් තියෙන්න නම් පාර්-ශව දෙකක් තියෙන්න ඕනෙනේ. අනික ඕක පටන් ගන්න පොයින්ට් එකක් තියෙන්නේ ඕනෙනේ. පාර්-ශව දෙක මොකක්ද? ඇමරිකාව සහ නේටෝ එක එක පැත්තකයි, රුසියාව, චීනය, ඉරානය වගේ රටවල් අනික් පැත්තයිනේ. ඉතින් යකෝ ලෝකේ තියෙන ආර්-ථික ත්ත්වෙත් එක්ක කිසිම රටක් තව රටක් ප්රකෝප කරලා කෙළවගන්න යන්නේ නැහැ. රුසියාව වුනත් යුක්රේනය ආක්රමණය කළේ ඩිෆෙන්ස් එකක් හැටියට. හිකිල තියෙන විදිහට උන් ආයේ වෙන රටකට අත තියන්නේ නැති වෙයි. ඒත් පුටින්ගේ අන්ප්රේඩික්ටබල් ගතිය නිසා ඌ පිස්සුවක් කෙලල යුක්රේනයේ අනික් ප්රදේශ ඇදගන්න හෝ ෆින්ලන්තය ආක්රමණය කරන්න හෝ පුළුවන්. ඒ රටවල් දෙකෙන් එකෙක්වත් නේටෝ නොවෙන නිසා නේටෝ එකත් තමන්ගේ සම්පත් කැප කරලා යුද්ධෙකට යන්නේ නැහැ, ඒකම පුටින්ට වාසියි තමන්ගේ බලය පෙන්නන්න. චීනය නම් මේ වෙලාවේ කොහොමත් ප්රකෝපකාරී දේවල් කරල ආර්-ථිකයට කෙලවගන්නේ නැහැ. එහෙම කළොත් ජින්පින්ටත් සීසීපී එකේ උදහසට ලක් වෙලා ගෙදර යන්න වෙනවා. සමහර විට තායිවානය අත්පත් කරගනීමකට යන්න ඉඩ තියෙයි. ඒත් ඒකත් රීජනල් දෙයක් මිසක් ග්ලෝබල් ස්කේල් එකේ දෙයක් නෙවෙයි. දැනට ලෝකේ පුරාම පවර් ප්රොජෙක්ෂන් කරන්න පුළුවන් ඇමරිකාවට විතරයි. ඇමරිකාවේ තියෙන ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතිය නිසා ඇමරිකාවත් ග්ලෝබල් ස්කෙල් යුද්ධයකට මුලපුරන්නේ නැහැ. වෙන්න පුළුවන් දේ තමා ඉස්සරහදි රයිට් වින්ග්, ඉස්ලාමිස්ට්, රැඩිකල්, නියෝනාසිස්ට් වගේ අදහස් තියෙන අන්තවාදියෝ යුරෝපේ, ඇමරිකාවේ හෙම බෝම්බ පුපුරුවන්න ගනියි. යුරෝපයේ බලශක්ති සැපයුම ගැන ප්රශ්න එයි. ඔය මම කියපු බලකඳවුරු වල ටෙන්ෂන් වැඩි වෙයි. ඒ වගේ ඒවත් එක්ක මේ ත්රෙඩ් එකෙත් සමහරු කියල තියෙනවා වගේ ආසියාතික (නැගෙනහිර, ගිනිකොන) රටවලට බටහිර ඉඳල ඉමිග්රේෂන් ෆ්ලෝ එකක් වෙයි.