1.ලෝක යුද්ධය II-ගිනි මකර මෙහෙයුම
මම හිතන්නෙ මේක තමා ලන්කාවෙ 4 වැනි 3D FPS ගේම් එක. ( අන්තර්ජාලයේ පල වුන ). කීවෙනි එක උනත් වැඩක් නෑ. මේක ඔයාලට නොමිලයේ බාගත කර ගන්න පුලුවන් ගේම් එකක්.
මම මේක නම් කලේ "ලෝක යුද්ධය 2-ගිනි මකර මෙහෙයුම" කියල.
මේකෙ කරන්න තියෙන්නෙ නාසි හමුදාවට විරුද්ධව සටන් කරන එක.
දැනට නම් එක මිශන් එකයි තියෙන්නෙ. ටෙස්ට් කරල බලන්නත් එක්ක තමා මේක හැදුවෙ. මගෙ දෙවෙනි ගේම් එක. පලවෙනි එක නම් චා.
මම බලාපොරොත්තු වෙනව මේ වගෙ තව ගේම් [ මීටත් වඩා ගොඩාක් හොඳ , මිශන් ගොඩක් තියෙන professional මට්ටමේ ඒව ] හදන්න. මේ වෙනුවෙන් වෙනම web site පටන් ගන්නත් හිතා ගෙන ඉන්නවා. ඒ වගේම තමා , NFS-undercover වගේ ගේම් videos [
video 1] [
video 2] මගේ ගේම් වලට ඇතුලත් කරන්නත් හිතා ඉන්නව [ ඇත්ත මිනිස්සු රඟපාන ඒවා , මායි මගේ යාලුවො දෙන්නයි "FiiiRex" එක එකතු වෙලා ,
FiiiRex ගැන දන්නෙ නැති අය මේකට ගිහින් බලන්න ]
හැබැයි ඉතින් මේ මොනව කරන්නත් මට ඔයාලගෙ උදව් ඕනි. අඩුම තරමෙ comment එකක් දාල හරි , ඊමේල් එකක් එවල හරි යන්න. නැත්නම් මම මේ කරන වැඩෙන් කිසි සතුටක් නැති වෙනවා.
මගේ ලොකූ අදහසක් තියෙනවා , GTA වගෙ free roaming ගේම් එකකුයි , FarCry 1 වගෙ torpical envir එකක ගේම් එකකුයි , LTTE එකට ගේම් එකකුයි [ තොප්පිගල වගෙ එකක් ] ගහන්න.
ඒ වගේම තමා මම කැමතියි ඔයාලගෙ අදහස් දැන ගන්නත්. ගේම් එකකට අලුත් අයිඩියා එකක් , හොඳ script එකක් වගේ දෙයක් තියෙනවා නම් මට කියන්න.
[/LEFT]
[/CENTER]