30%ක ආත්මයවත් අපිට තියාගමු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    30%ක ආත්මයවත් අපිට තියාගමු....!

    මේ සීන් එක මං පටං ගත්තෙ අවුරුදු 18න් විතර රස්සාවල්/හම්බු කරන වැඩ පටං ගත්ත කාලෙමයි...මං කිසිම දවසක 100%ක් මගේ සියළුම effort එක දාල හොම්බෙං ගිහිං personal life එකත් අවුල් කරගෙන වැඩ කරල නෑ...මගේ උපරිමේ උනේ 70%යි...ඒක ඇතුලෙ මං වැඩේ හරියට කරල ඊලඟ ඉහල තැන් වලටත් ගියා...හැබැයි අර 30% තමයි මගේ ඇතුලෙ මං ඉතුරු කරගෙන පරිස්සං කරගෙන තියන අරටුවක් වගේ හයිය...ඒ 30% ඇතුලෙ මගේ තෘප්තිය, ලඟාකරගැනීම්, ආතල් සියල්ල තියනව...හෙට මාව රස්සාවෙං අයිං කරත් මෙච්චර කල් කරපු වැඩ සත පහකට වැඩක් නෑ කියල බැන්නත් අර 30% මාව ශක්තිමත්ව, පසුතැවීම් කලකිරීම් වලින් තොරව තියනව...

    මේ පුරුද්ද කොච්චර දුරදිග ගිහිංද කියනවනං ආදරේදි, දරුවො, අම්මල තාත්තල එක්ක පවා මං අර 30% ඉතුරු කරගෙන ඉන්නෙ...කවුරු කොහොම කරත් ගේමක් නෑ...වැඩිපුර ආවොත් ඒව 100%ටත් එහා ගියපු පතරංග බෝනස්....

    හැඟීම් එක්ක කිරල මැනල වැඩ කරන්නෙ කොහොමද කියල හිතෙනවනෙ...හුරු උනාම ඒක ගේමක් නෑ...වැදගත්ම දේ ඕනෙම situation එකක තමං ඇතුලතින් ශක්තිමත්ව satisfy වෙලා ඉන්න එක...අපි වටේට තියන ඕනෙම දෙයක් ඕනෙම මොහොතක නැතිවෙන්න හේතු දාහක් තියන්න පුළුවං...හැබැයි අර 30% නැති කරන්න මොකාටවත් බෑ...ඒ තමයි අපිට තියන එකම buffer zone එක...👊🏾👊🏾
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒක දන්නේ උඹම තමයි
    මම නම් හිතන්නේ ජොබ් එක කරන්න තියෙන්නේ පැය අටනම් ඒක හරියට කරලා අවාම ඇති. ආපහු ගෙදර ඇවිත් ජොබ් එකේ වැඩ කරන්න ඕන නැ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    clapping-mr-bean.gif
     
    • Haha
    Reactions: Shamal3001

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump.. තමන්ගේ core values පාවා නොදෙන තාක් කල් තමන් ශක්තිමත්..
     
    • Like
    Reactions: Shamal3001