ඉස්සර මමත් කම්සැප සීන් එකේ හිටියා, මගේම කියලා ගෑනියෙක් අරන් ආතල් එකේ කම්සැපෙන් පවුල් කන්න ඕනි කියල idea එක තිබ්බා...
හැබැයි 30 පැනලා මමත් තාම තනිකඩ, දූපතෙන් පිට රස්සාවක් කරගෙන හිටිය නිසා බඳින idea එක පස්සට ගියා, ඒකාලේ පවුලෙන් අයින් වෙලා හිටියේ (මව පියා එක්ක වැඩිය නෑ), ආර්ථික අතින් පට්ටම අස්ථාවර විදියට හිටියේ, වත්කම් තිබ්බෙම නැති තරම්, ඒ දේවල් නිසා මානසිකවත් අවුල් යනවා හිතෙන කොට ඉස්සර
පියා මව දෙන්නා වයස නිසා දූපතට එන්න උනා, දැනට ආපහු පටන් අරගෙන තියනවා ඒ දෙන්නා එක්ක bondඑක හදාගෙන වැඩ ටික කරගෙන යන්න, පියා එක්ක එකතුවෙලා (මගේ සල්ලි යොදවල) බිස්නස් වලට අතාගහලා ඉන්නේ, ආර්ථික අතින් පට්ට ස්ථාවරයි දැන් හැබැයි වගකීම් ටිකක් වැටිලා තියනව වැඩිපුර. (පියා මව දෙන්නගේ වැඩ එක්ක වෙන වෙන දේවල්)
දැන් ඒ දෙන්නට (මහ දෙන්නට) ඕනි මට කසාදයක් කරලා මෙහෙ දූපතේ settle කරවන්න, හැබැයි දැන් මට බඳින්න හිතෙන්නේ නෑ, වෙන වෙන අදහස් වලින් ඔලුව පිරිලා දැන්, ප්‍රධාන වශයෙන් ඔලුවෙ තියෙන්නේ දූපතෙන් වෙන කොහේහරි ගිහිල්ලා settle වෙන්න ඕනි කියන idea එක
"කාලෙ යනවත් එක්ක තමන්ගේ උවමනාවල් වෙනස් වෙන්න පුළුවන්, ඊට කලින් ඇණය ගහලා හිරවෙන්න පුළුවන් නම් / හිරවෙන්න උවමනා නම් එහෙම වෙන එකේ වරදක් නෑ ඉතිං

, ඇතිහැකියාව තියනවා නම් ආර්ථිකය ස්ථාවර නම් බැන්ඳට කමක් නෑ කියලා කියන්නම්

, හැබැයි බැන්ඳට පස්සේ එන වගකීම් වැඩි වෙනවා අනිවාර්යයෙන්, වයිෆ් ගැන බලන්න, ළමයි හැදුවොත් උන්ගේ දේවල් කරන්න වගේ දේවල්....."
(මමත් තාම බැඳලා නැති එකෙක් නිසා වැඩිය serious ගන්න එපා මම කියපු දේවල්

)