තිහ පැන්නම බඳින්න හිතෙන්නැද්ද ??
තාමත් බැඳල නැති , ගොඩක්ම රට ඉන්න අයට ලියවුනු දෙයක්...
" ගොඩක් මිනිස්සු අවුරුදු 30 වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා... "
තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සෙ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සෙ අර ගෙදරින් කකා හිටපු කාලෙ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියල හිතෙන්න ගන්නවා....
ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා...
ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න දැකලා...
මිනිස්සු වෙනස් වෙන විදිහ දැකලා අර බොලඳ හිත් මැරෙනවා... හිත් දරදඬු වෙනවා...
ආදරය කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙ$ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා... කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා... ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක්, බැඳීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා....
ඕකට හේතු ගොඩක් තියෙනවා... පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු පට්ටම කෑලි අවුරුදු විසි ගණන් වලින් බැඳල දරුවෝ හදල වැරදිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....
කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්න ගොන්නක් ඔලුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිහ දැක්කම බය හිතෙනවා... උන්ගෙ ප්‍රශ්න ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින්...
ඉස්සර පන්තියේ හිටපු හැන්ඩ්සම් කොල්ලො ප්‍රශ්න දරා ගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගෙ ජිම් පප්පලා වගේ... ඕව පේන්න ගත්තම අර තිහ පැනපු බැඳපු නැති සෙට් එකට අනේ හපෝ කියල හිතෙනවා...
ඒ විතරක් නෙවෙයි... ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා... අවුරුදු පහ හය සම්බන්ධ තිබිල දෙන්නට දෙන්නා නැතුවම බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා... බැන්දට පස්සෙ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑනු...
ඒ ගෑනු එක්ක පැයක් කතා කරොත් කසාද බඳින්න බයම හිතෙනවා...
උන්ට මෙහෙම උනානම් අපිට මොනවා නොවෙයිද කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕන කියන ආකල්පය දැන් උන්ගෙ ඔලු වලින් මැකිලම යමින් ඉන්නෙ...
ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බඳින ප්‍රතිශතය දැන් අඩුයි... ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ලමයි කාලකන්නි වගේ හැදෙන විදිහ දෙමාපියො නැත්තටම නැති කරල දාන විදිහ, කෙයාර් නොකරන විදිහ, දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ලමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමනුත් නැති කරන් නැහිල ලමයි හදල කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉඳල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා...
ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉඳල ඇඳකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම කරදරයක් විහිදට පේන්න ගන්නවා... තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න හිතන්න හරිම අමාරුයි...
ආදරේ ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා දුවන්න ගත්ත වගේ තමා මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා... ලව් එක ටික දවසක් ගියාම හපෝ මේක මල වදයක් කියලා නවත්තන්න හිතෙනවා...
ගොඩක් ඔය වයසෙ මිනිස්සු ශාරීරික බැඳීම් හොයනව විතරයි... ඒවත් දවසයි දෙකයි ඉවරයි... හදවතේ බැඳීම් නෑ... ඒවත් එපා කියල පාඩුවේ ඉන්න උන් ඕනි තරම් ඉන්නවා...
ඉතින් ලමයෝ කසාදයක් ඕනි නම් ඔය වයසට කලින් කරගන්න... නැත්නම් සදා තනිකඩව සිටීමේ අවදානම වැඩියි...
මම තව දෙයක් මේකට එකතු කරන්නම්... මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ... එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනවා කියල හිතාගෙන තමයි එයාලා ඉන්නෙ... මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්... ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක්... 🥹❤
සෝස්
https://www.facebook.com/share/p/1C162igbQD/