300%ක_වැටුප්_වැඩිකිරීමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති තනතුර දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයාට තුන් ගුණයක වැටුප් වැඩිවීමක් ලබාදීමට ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ....
ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අයත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ විෂයභාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරන අතර ඔහුගේ අනුදැනුම මත අධ්‍යක්ෂක මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ...
මේ අතර වාර්තා වන්නේ ටෙලිකොම් සභාපති තනතුරට අමතරව ටෙලිකොම් ආයතනය මගින් පාලනය වන මොබිටෙල් සමාගමේ ප්‍රධානියා ලෙස ද කුමාරසිරි සිරිසේන වැඩබලන අතර ඒ සඳහා ද ටෙලිකොම් සමාගමේ වැටුපට සමාන මුදලක් ලබාගන්නා බවයි....
ඉහතින් දක්වා ඇත්තේ ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප පමණක් වන අතර ටෙලිකොම් ආයතනයෙන් සහ මොබිටෙල් ආයතනයෙන් ලබාගන්නා වෙනත් දීමනා සියල්ල සමග රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබාගනී....

විමලෙගේ පච සයිට් එක.