300%ක_වැටුප්_වැඩිකිරීමක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
300%ක_වැටුප්_වැඩිකිරීමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති තනතුර දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයාට තුන් ගුණයක වැටුප් වැඩිවීමක් ලබාදීමට ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ....

ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අයත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ විෂයභාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරන අතර ඔහුගේ අනුදැනුම මත අධ්‍යක්ෂක මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ...
මේ අතර වාර්තා වන්නේ ටෙලිකොම් සභාපති තනතුරට අමතරව ටෙලිකොම් ආයතනය මගින් පාලනය වන මොබිටෙල් සමාගමේ ප්‍රධානියා ලෙස ද කුමාරසිරි සිරිසේන වැඩබලන අතර ඒ සඳහා ද ටෙලිකොම් සමාගමේ වැටුපට සමාන මුදලක් ලබාගන්නා බවයි....

ඉහතින් දක්වා ඇත්තේ ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප පමණක් වන අතර ටෙලිකොම් ආයතනයෙන් සහ මොබිටෙල් ආයතනයෙන් ලබාගන්නා වෙනත් දීමනා සියල්ල සමග රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබාගනී....
 
  • Like
Reactions: chathu05

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත

    ලක්ෂ 95 ක් , ලක්ෂ 30ක් දක්වා අඩු කරන්නද ?
    නැත්නම් තව ලක්ෂ 30කින් වැඩි කරන්නද මේ කියල තියෙන්නේ ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලක්ෂ 95 ක් , ලක්ෂ 30ක් දක්වා අඩු කරන්නද ?
    නැත්නම් තව ලක්ෂ 30කින් වැඩි කරන්නද මේ කියල තියෙන්නේ ?

    නම ලක්ෂ පනස් දාහක් කියලා ඔතන තියෙන්නේ. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
    මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....
    :no::no:

    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව හිටoගෙ මල්ලි සබාපති කිරීමම ඇති ආයෙ කතා එපා ටොයියනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියුවෙ කොහොමද හිට පවුල් පාලනේ නැති කරනවයි අරකයි මේකයි මල්ලි සබාපති බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන.ටොයියො තාමත් පහන අල්ලනව.:lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
    මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....
    :no::no:

    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව හිටoගෙ මල්ලි සබාපති කිරීමම ඇති ආයෙ කතා එපා ටොයියනි.

    ඔට්ටුවක් අල්ලමුද??