35 ට අඩු නම් ත්‍රිවීල්වල මගීන් ගෙන යන්න බෑ’

lastman

Banned
May 29, 2014
76
11
0
35 ට අඩු නම් ත්‍රිවීල්වල මගීන් ගෙන යන්න බෑ’

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිවීල්වල මගීන් ගෙන යන්න බෑ’






විනීතා එම් ගමගේ



ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට අඩු හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට‍්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් මේ සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අස්සනින් යුතුව ඉකුත් 26 වැනිදා නිකුත් කර ඇති අංක 2081/44 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ ත‍්‍රිරෝද රථවල මඟී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට අඩු හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මඟින් ප‍්‍රවාහනය සඳහා අදාළ ත‍්‍රිරෝද රථයට අවසර ලබා දෙන විශේෂ පිටසන මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන බව ද එම ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.

මෙම විශේෂ පිටසන නොමැතිව ත‍්‍රිරෝද රථවල මඟීප‍්‍රවාහනය තහනම් වන බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් නව නීතිය කෙදින සිට ක‍්‍රියාත්මක වන්නේ දැයි එහි සඳහන් ව නැත.