3D තාක්ෂණයට මාගේ පියවර.... (Part 1)
මීට පෙර එලකිරි එකේ සහෝදරයන් විසින් 3D තාක්ෂණය පිලිබඳව ත්‍රෙඩ් සහ පෝස්ට් සැලකිය යුතු ප්‍රමාණයක් ආරම්භ කර තිබුනා, ඒ වගේම ගොඩක් හොඳ ප්‍රතිචාර ඔවුනට ඒ මහන්සියට ප්‍රතිඵල ලෙස ලැබී තිබුනා. මමත් ඒ තාක්ෂණය ගැන සුළුවෙන් දැන සිටියත්, ඒ පෝස්ට් කියවා ලබාගත් දැනුමෙන් අනතුරුව ඒ ගැන පුළුල් අධ්‍යනයක යෙදුනා.(ගූගල් සමාගමේ පිහිටෙන්), ඉන් පසුව මටද මෙම තාක්ෂණය අත්හදා බැලීමට ආසාවක් ඇතිවුනා. මාගේ පළමු ඉලක්කය වූයේ 3D Monitor එකක් සොයා ගැනීමයි. (කලින් පලමු ඉලක්කය වී තිබුනේ 3D Vision Ready VGA Card එකක් සොයාගැනීමයි. එය සොයාගැනීම පහසු කරුනක් වූ බැවින් මොනිටරයට පලමු තැන ලැබුනා) පසුව මම දැනට තාවකාලිකව පදිංචි වී සිටින කටාර් හි මෙම පහසුකම් ලබාදෙන පරිගනක උපාංග සොයා දින ගනන්, පැය ගනන් පරිගනක උපාංග අළෙවි සැල් වල රස්තියාදු වීමෙන් පසු (කළු නික සොයන්නා වගේ නොවැ... ) ඊයේ (30/07/2011) මා හට මහන්සියේ ප්‍රතිඵල ලෙස සැම්සුන් ආයතනයේ නියෝජිත මහත්මයෙක්ගෙන් සුභ ආරංචියක් අසන්නට ලැබුනා. ඒ,ඔවුන්ගේ බහාලුම් (ස්ටෝස්) වල මෙම මොනිටර් වර්ගය තියෙන බවත්, එය සවස් භාගයේ මා හට ලබාදීමට හැකි බවත් ය. පසුව මම උදය වරුවේ ඒ මහතාට එහි වටිනාකමින් අඩකට වැඩි මුදලක් ගෙවීමෙන් අනතුරුව එය රැගෙන යාමට මා සවස් භාගයේ ඉතිරි මුදල් සමඟ පැමිනෙන බවත් පවසා සවස් වරුවේ, රාජකාරි අවසන් වී එම මොනිටරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය මාගේ කාමරයට රැගෙන ආවෙමි. එලකිරියේ මාගේ සහෝදරයන් සමඟ මාගේ සතුට නිහතමානීව බෙදාගන්නට සිතුනි.
පිංතූර ටිකක් ගතිමි.

විව්ර්ත කිරීමෙන් පසුව ගන්නා ලද පිංතූර පසුවට