හලෝ මිතුරනි.. 
සමාවෙන්න මේක පරක්කු උනාට..
පරක්කුවෙලා හරි ඔන්න සීරියස් එකේ ඊලග නූල ගෙනාවා..
මේ නූලෙ කතාකරන්නේ 3D field එකේ ගොඩක් පාවිච්චි කරන Softwares මොනවද කියලා...හැම Software එකකම ලින්කු දාලා තියෙයි...ගිහින් බලන්න

සමාවෙන්න මේක පරක්කු උනාට..

පරක්කුවෙලා හරි ඔන්න සීරියස් එකේ ඊලග නූල ගෙනාවා..

මේ නූලෙ කතාකරන්නේ 3D field එකේ ගොඩක් පාවිච්චි කරන Softwares මොනවද කියලා...හැම Software එකකම ලින්කු දාලා තියෙයි...ගිහින් බලන්න

Modeling Softwares -
Modeling වලින්නේ 3D පටන්ගන්නේ.. Modeling Softwares කිහිපයක්ම තිබ්බට වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ පහල දාලා තියෙන ටික තමයි...ඒ එක එක Softwares ගැන කතාකරමු..
1. Blender

Blender තමයි ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන free and open src 3d application suit එක.. Beginner කෙනෙක්ට 3D වලට අත්පොත් තියන්න හොද Software එකක් විතරක් නොවී Professional Level එකේ නිර්මාණ හදන්නත් Blender පාවිච්චි කරනවා.. Blender වල විශේෂතා කිහිපයක්ම තියේ..ඒවා ගැන ඉස්සරහට කතාකරමු.
මේ සීරියස් එකේ Modeling පාට් එක Blender මූලික කරගෙනයි ඉස්සරහට කරගෙන යන්නේ..

2. 3Ds Max & 3. Maya
Industry Standard 3D Modeling Applications කිව්වම මේ දෙක තමා ඉස්සරහින්ම ඉන්නේ..Blender කොච්චර හොද Software Kit එකක් උනත් තාමත් ගොඩක් Studios වල use කරන්නේ Autodex ලගේ මේ Softwares... මේ Softwares දෙකෙන්ම එකම වැඩ ටික කරගන්න පුලවන්..මැබැයි සාමාන්‍යයෙන් Games Studios වල 3D's Max නුත්..Film Studios වල Maya ත් තමා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ.. මොකද කියනවනම් Maya වල ගොඩක් Animation & RIgging වලට හොද tools ගොඩක් අඩංගු වෙනවා..
Max
Maya

Maya

Sculpting Softwares
1. Zbrush - Pixelogic ලගෙ Zbrush තමයි Sculpting වලට Industry Standard Software එක... Heavy Resource Usage එකක් නැති CPU Based Software එකක්..ගොඩක් Complex Sculpts කරද්දි පොඩ්ඩක්වත් හිරවෙන්නේ නැති නිසා වැඩකරන්න ලේසි... හැබැයි UI Navigation නම් ටිකක් හුරුවෙන්න කල් යනවා...



3. Mudbox - මේකත් Zbrush වගේ Commercial Sculpting Software එකක්.. Autodex Family එකෙන් අනික් Softwares වගේ වැඩිය ජනප්රිය නැති එකක් උනත් මේකත් Zbrush කරමට නැතත් Indusrty එකේ යම් තරමකට භාවිතා වෙනවා..

Texturing Softwares
1. Substance Painter - Texturing වලට ආවම(Originally Allegorithemic ලගෙ Products උන දැන් Adobe ලට අයිති


2. Substance Designer
ඊලගට එන්නේ Substance Designer.. මේක නම් Painter තරම් User Friendly නැහැ..මේක ටිකක් Advanced Software එකක්... .ඔක්කොම වැඩකරන්නේ Node Graph එකක් විදිහට.. අපිට තියෙන්නේ ඒ ඒ Nodes හරි විදිහට Connect කරලා,Parameter Values වෙනස් කරලා අපිට ඔනි Material එක හදාගන්න එක..


Designer වල විශේෂත්වෙ තමයි Non Destructive, Procedural Workflow එක...
ඔය පහල තියෙන Photo Realistic Brick Material එක හදලා තියෙන්නේ from scratch Designer වලින් Nodes use කරලා..



4. Quixel Mixer - මේක Epic Games ලා අරගෙන දැන් Free to Use දීීීලා තියෙන Software Kit එකක්.. Painter & Designer දෙක මීට වඩා features අතින් ඉස්සරහින් හිටියත් යම් තරමකට ඒ දේකේම වැඩ මේකෙන් කරගන්න පුලුවන්..හැබැයි තාම Industry එකේ ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ..තව, Substance වලට තරම් Learning Resources නුත් තවම නැහැ.. ඉස්සරහට ඒ දේවල් වෙනස් වෙයි කියලා හිතෙනවා..

Misc
01. Marvelous Designer - 3D Cloth Creation කියන්නේ අතින් model කරලා කරන්න අමාරු වැඩක්... මොකද රෙදි කෑල්ලක් වැඩ කරන්නේ ඇත්ත ලෝකේ Physics වලට අනුව..අපි මේසයක් උඩට මේස රෙද්දක් දැම්මම ඒකේ රැළි හිටින විදිහ..තැනින් තැන එල්ලෙන විදිහ Manually හදන එක අමාරුයි..ගොඩක් වෙලාව යනවා..ඒ හැදුවත් ඇත්ත ලෝකෙ තරම් realistic නැහැ..ඒකට තමයි Marvelous designer අපි පාවිච්චි කරන්නේ...මෙක Cloth Simulation Software එකක්...ඒ කියන්නේ අපිට ඇදුම අන්දන්න ඔනි Model එක Import කරලා ඇදුම හදල/තොා්රලා ඉවරවෙලා,ඇදුම පූට්ටු වෙන්න ඔනි තැන් Mark කරන් පස්සේ එක button එකයි ඔබන්න තියෙන්නේ අර ඇදුම අපි දාපු Model එකට ගානට වැටිලා Set වෙනවා...

මේ Cloth Simulation වලට අනික් අපි දන්න 3D Modeling Softwares උනත් Use කරන්න පුලුවන් (Blender,Max,Maya)..හැබැයි ඉතින් Industry Standard එක තමයි Marvelous Designer. 
02. Marmoset Toolbag - මේක Baking & Rendering Software එකක්..Baking කියන දේ වෙනම කතාකරන්න තරම් ලොකු දෙයක් නිසා අනිත් එකට එමු.. සාමාණයෙන් අපි හදපු Game Prop එකක,Material එකක HQ Image,Video Output එකක් ගන්න ඔනි උනාම පාවිච්චි කරන්නේ Toolbag...03. SpeedTree,TreeIt - 3D Games,Films වලට ආවම Vegetation & Plants කියන්නේ වෙනම ලොකු Subject එකක්.. Model කරලා ගස් හදන්න පුලුවන් උනත්..ඒකට යන කාලය සහ එන Output එක බැලුවම ඒ වැඩේ පාඩුයි..ඒකයි SpeedTree,TreeIt use කරන්නේ Tree Generate කරන්න...මේවා ගැන තව ඉස්සරහට කතාකරමු..සරලවම මතක තියාගන්න ඔනි ගස් හදන්නම වෙනම Softwares තියෙනවා කියලා විතරයි

04. World Machine - Assassin's Creed වගේ Open World Games ගහලා තියෙන්ම් දැකලා ඇති ලස්සන ලස්සන කදු,නිම්න තියෙනවා...ඒ වගේ landscapes අතින් Model,Sculpt කරලා හදන්න අමාරුයි..මොකද මේ ලෝකේ Natural දේවල් තමා Recreate කරන්න අමාරුම...ඒනිසා ඒකට අපි use කරනනේ World Machine කියන Software එක...
05. PureRef - මේක නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති''මේක Reference Gathering Tool එකක්..3D විතරක් නෙවේ ඔයා මොන field එකේ හිටියත් ඔයාට වටින tool එකක්..අපිට ඔනි Images,Links,Texts ඔක්කොම එක Board එකකට දාගන්න එක තමා මේකෙන් කරන්නේ..
ඉතින් මිතුරනි ඔන්න ඔච්චරයි මේ නූලෙන් ගෙනාවේ....
ඊලග නූලෙන් මේ Theory කියෝන එක පැත්තකට දාලා Practical වලට බහිමු 3D Modeling වලින්
මේ සීරියස් එක ගැන තියෙන අදහස්,යෝජනා චෝදනා සහ මේ නූල ගැන තියෙන ප්රශ්න පහලින් දාන්න..
ඊලග නූලෙන් මේ Theory කියෝන එක පැත්තකට දාලා Practical වලට බහිමු 3D Modeling වලින්

මේ සීරියස් එක ගැන තියෙන අදහස්,යෝජනා චෝදනා සහ මේ නූල ගැන තියෙන ප්රශ්න පහලින් දාන්න..

