3D Printing වලින් එහා ගිය 4D Printing

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
3D Printing වලින් එහා ගිය 4D Printing

3D Printing වලින් එහා ගිය 4D Printing

ත්‍රීමාණ මුද්‍රණය කියන්නෙ මෑත භාගයේ වඩාත් කතා බහට ලක් වුන ක්ෂේත්‍රයක්. එය ලෝකයේ නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් උනා. ඊට අමතරව කෘත්‍රීම අවයව නිෂපාදනයටද මෙම තාක්ෂණය ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස භාවිතා කෙරෙනව.

ත්‍රිමාණ මුද්‍රණ ක්ෂේත්‍රය පිලිඹද කතා බහ යන අතරතුරේ 4D Printing හෙවත් සිව්මාණ මුද්‍රණය පිළිඹද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනව. මෙය ඇත්තෙන්ම හැඩය වෙනස් කළ හැකි වස්තූන් මුද්‍රණය කිරීමක්. මෙහි සිව්වණ මානය කාලය. දිග, පළල, උස හා කාලය මෙහි මාණ හතරයි.

විද්‍යාඥයන්ට අනුව මෙම තාක්ෂණය අනාගතයේදී තුවාල සුව කිරීම යොදා ගත හැකි වේ. ඊට අමතරව ස්ව්‍යංක්‍රීයව අලුත්වැඩියා වෙන රොබෝවරු නිෂ්පාදනයට මෙය මූලික පියවරක් වෙනව. අපි Crysis වැනි පරිගණක ක්‍රීඩා වල දකිනව වගේ වෙඩි වැදුනු පසු නැවත ප්‍රකෘති තත්වයට එන NanoSuit ඇඳුම් අනාගතයේදී දකින්නට ලැබේවි.


Source: http://widuliya.com/blogs/post/48
කියවලා රෙප් ටිකකුත් දීල යන්න:D
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සමහර එවුන් දැන් ගෙදර ඉදන් තුවක්කු ප්‍රින්ට් කරනවා. :rofl:
    ඕක ආවහම මොනවා කරයිද දන්නේ නැහැ. :oo: