shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Intel 4004

    jPGT1Ss.jpg


    අද වන විට පරිගණකය අපට නැතිවම බැරි උපාංගයක් වී ඇත. පරිගනකයක් ගොඩනැගීමේදී අත්‍යවශ්‍ය අංගයක් වන ප්‍රොසෙසරය ගැනයි කතා කරන්න යන්නේ දැනට අපි භාවිතයට ගන්නා පරිගනක 10 ගත හොත් එයින් 8 පමන ප්‍රොසෙසරයට යොදා තියෙන්නෙ ඉන්ටෙල් සමාගම මගින් නිශ්පාදිත ප්‍රොසෙසරයන්ය මේ ඔවුන් නිර්මිත ප්‍රතම ප්‍රොසෙසරය වන Intel 4004

    laSvK3x.jpg


    1969 දී Nippon Calculating Machine Corporation ජපන් ආයතනය තම Busicom 141-PF ගනක යන්ත්‍රය සදහා චිපයක් නිර්මානය කිරීම සදහා ඉන්ටෙල් ආයතනය කරා පැමිනෙනවා... federico faggin,masatoshi shima,Stanley Mazor තිදෙනාගේ ප්‍රධානත්වයෙන් ඉන්ටෙල් ප්‍රතම ප්‍රොසෙසරය නිර්මානය වෙනවා

    uML9kaj.png


    federico faggin

    7KmzPJi.jpg


    masatoshi shima

    1SGQkeV.jpg



    Stanley Mazor

    පින් 16 සහිතව 180Khz වේගවත් 4-bit ක් ලෙස නිර්මිත ප්‍රොසෙසර්යේ චිපය තුල ට්‍රාන්සිස්ටර් 2300 ඇතුලත් විය
    කී බොර්ඩ් ,ස්විචස්,ඩිස්ප්ලෙ,ප්‍රින්ටර් වැනි උපාංග සමග පහසුවෙන් සම්බන්ධ කිරීමෙ හැකියාව හා ඒවා සමග පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව මෙම චිපය සතුව තිබී ඇත
    මෙම ප්‍රොසෙසරයට බයිට් 32,768 වැඩසටහනක් සහ බයිට් 5120 තාවකාලික මතකයක් හැසිරවීමේ හැකියාව තිබි ඇත. එකල මෙය ඉතා බලසම්පන්න ප්‍රොසෙසර මාදිලියක් ව තිබී ඇත


    nZ1UuLf.jpg



    Busicom 141-PF ගනක යන්ත්‍රය

    X81bUnb.jpg

    4004 හි ආවරනය ඉවත් කල විට චිපය දර්ශනය වෙන ආකාරය


    MSODI7m.jpg

    ප්‍රමානය පිලිබද දල අදහසක්

    1971 -12-15 දී ඉන්ටෙල් සමාගම නිපොන් සමාගමෙන් මෙම චිපයෙ අයිතිය ලබා ගෙන Intel 4004 ලෙස වෙලදපලට නිකුත් කරනවා...

    අවසාන වශයෙන් ඉන්ටෙල් සමාගමේ සම නිර්මාතෘ ගොර්ඩන් මුවර් මහතාගේ මුවර් නීතිය මතක් කරමින් ලිපිය අවසන් කරන්නම්... මේ නීතියේ සත්‍ය භාවය අද ප්‍රොසෙසර් වල වේගය බලද්දි පෙනෙවි

    "සෑම වසර 2 වරක්ම චිපයන්වල අඩංගු ට්‍රාන්සිස්ටර් ප්‍රමානය දෙගුන වේ"

     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    රෙප් නම් දෙන්න බැරිලු


    You must spread some Reputation around before giving it to shanur again.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    රෙප් නම් දෙන්න බැරිලු


    You must spread some Reputation around before giving it to shanur again.

    කොමන්ට් එකක තියන ආතල් එක රෙප් වලින් ගන්න බෑ බ්‍රො..................