4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාත&#35

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාත&#35

    4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාතික රට ලංකාවයි !

    4G-internet-phone-service.jpg

    අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගයන් පිලිබඳ හා සීමාවන් පිලිබඳ ගැටළු රැසකට විසඳුම රැගෙන එමින් අන්තර්ජාල භාවිතයේ මීලග යුගය හෙවත් 4G තාක්ෂණයෙන් ලංකාව 2012 අවසන් වන විට සන්නද්ධ වීමට සුදානම් වන බව වාර්තා වේ.

    එමෙන්ම මෙසේ 4G තාක්ෂනය ලබාගන්න පළමුවැනි දකුණු ආසියාතික රට වන්නේද ලංකාවයි.

    සාමන්‍යය අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ ලැබෙන්නේ 0.50 kbps - 8 mbps අතර වේගයකි. මෑතකදී එටිසලට් වෙතින් ඩුවල් කැරියර් HSPDA මගින් දැනට අන්තර්ජාල සම්බන්ධතා සපයන උපරිම වේගය වන 42MBPS සපයනු ලැබේ.

    නමුත් 4G තාක්ෂණය සමගින් එන අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය 100 mbps වේ. 4G තාක්ෂණය ජංගම දුරකථන ජාල ඔස්සේ මෙන්ම (FTTH ) ෆයිබර් ටු හෝම් තාක්ෂණය ඔස්සේ ලබාගත හැක.

    4G තාක්ෂණය සැපයීමට දැනට දුරකථන ජාල තුනක් ඉදිරිපත්වී ඇති අතර ඩයලොග් හා මොබිටෙල් ඒ බව තහවුරුකොට ඇතත් තෙවැනි ජංගම දුරකථන ජාලය මෙතෙක් අප වෙත වාර්තා වී නැහැ.

    ඩයලොග් සහ මොබිටෙල් විසින් 4G මෙයට පෙර හදුන්වා දුන් අතර දැනට එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළොඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වසර අවසන් වීමට ප්‍රථම මොබිටෙල් විසින් එය නිල වශයෙන් ප්‍රථමව දියත් කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ.

    මින් අමතරව 4G තාක්ෂණය ලබාගතහැකි දෙවන ක්‍රමය වන්නේ ෆය්බර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමයි. මේ සඳහා ඩයලොග් සමාගම විසින් දිවයින් බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් ෆයිබර් ජාලයක් නිර්මාණය කර ඇති අතර මහා පරිමාණ ව්‍යපාරික ආයතන කිහිපයක් වෙත ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවාවන් ලබාදෙමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට ඇත.

    ස්ථාවර සම්බන්ධතාවයක් වන ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම්හි අවධානයද යොමුවී ඇති අතර ඔවුන් දැනට පවතින ADSL සම්බන්ධතා සියල්ල අනාගතයේ ෆයිබර් රැහැන් ඔස්සේ ක්‍රියාත්මක කරවීමට සැලසුම්කොට ඇති අතර දැනට ව්‍යාප්ත කල ෆයිබර් ජාලය අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීමට අවශ්‍යය සාකච්ජා හා ගාස්තු මේදිනවල සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

    ෆයිබර් ටු හෝම් තාක්ෂණය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කිරීම සඳහා තවත් වසර 4 ක් පමණ ගතවන බව වාර්තා වේ.

    gossip9
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Dialog fiber danawa kiyanne adsl denna hadanawane?
    nattham eka mobile ekakda?

    Machan Fiber kiyane wenama kathawak. Eka ADSL ekata wada hodai. ADSL eke speed eka exchange eke idan dura matha balapanwa wage fiber wala ehema nae kelin ma enne. Dialog Fiber kiyane wired yane mama hithane SLT eken cable adinwa wage ekath yane danata business walata nam dialog eken denwa internet ekak ekada dane naha mea kiyane. :baffled: SLT fiber yanwa kiyane speed eka thawath wadi wenwa.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113

    kawada dialog fiber home walata denne
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ෆයිබ ඔප්ටික් නෙවේ මොන රෙද්ද දුන්නත් අළුතෙන් දෙන කනෙක්ෂන් ලිමිටඩ් ඒව නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    Dialog fiber danawa kiyanne adsl denna hadanawane?
    nattham eka mobile ekakda?
    මචන් 4G and fiber කියන්නේ දෙකක්.SLT එක copper වල ඉදල fiber කරන්නේ ADSL2+ දෙන්ඩ ඒ කියන්නේ SLT දෙන්ඩ යන්නේ 20Mb/s වගේ.

    dialog fiber කරන්නේ main exchange. tower backhaul traffic එක අඩුකරගන්ඩ. ඒ කියන්නේ tower එකක capacity
    වැඩි කරලා users ලා ගාන වැඩි කරන්ඩ. 4G වලට තියා hspa වලටවත් දැන් තියන capacity එක මදි. users ලා ගොඩක් සම්බන්ද උනහම.

    තවම ලංකාවේ TRC ඒකෙන් SLT එකට විතරයි approval දීල තියෙන්නේ ගෙවල් වලට wire ඇදල connection දෙන්ඩ.dialog එක ඉල්ලලා තිබ්බට දීලා නැ තාම.
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මචන් 4G and fiber කියන්නේ දෙකක්.SLT එක copper වල ඉදල fiber කරන්නේ ADSL2+ දෙන්ඩ ඒ කියන්නේ SLT දෙන්ඩ යන්නේ 20Mb/s වගේ.

    dialog fiber කරන්නේ main exchange. tower backhaul traffic එක අඩුකරගන්ඩ. ඒ කියන්නේ tower එකක capacity
    වැඩි කරලා users ලා ගාන වැඩි කරන්ඩ. 4G වලට තියා hspa වලටවත් දැන් තියන capacity එක මදි. users ලා ගොඩක් සම්බන්ද උනහම.

    තවම ලංකාවේ TRC ඒකෙන් SLT එකට විතරයි approval දීල තියෙන්නේ ගෙවල් වලට wire ඇදල connection දෙන්ඩ.dialog එක ඉල්ලලා තිබ්බට දීලා නැ තාම.
    TRC eken wire connections dena onama company ekakata market ekata enna kiyala illanawa.. TRC eken approve karanawa ona welawaka, eth Government eken thamayi wena wired connections denna approval eka denne naththe.