5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    1992 exam

    ලකුණු : 189
    කඩ ඉම් ලකුණු මතක නැහැ. 140 වගේ කිට්ටුව තියෙන්න ඇති.
    දකුණු පලාතෙන් පළවෙනිය කියල මෙඩල් එකකුත් දුන්න උත්සවයක් තියල. :-)
    ලංකාවේ රෑන්ක් ගැන කිසිම අයිඩියා එකක් තිබුනේ නැහැ. පස්සේ කාලෙක දැනගත්ත පළවෙනියට 196ක් තිබ්බ කියල. ඇත්ත නැත්ත දන්නේ නැහැ.

    බයිසිකලයකට ආස වෙලා හිටියේ, මං දැනගෙන හිටිය තාත්තට එකක් අරන් දෙන්න අමාරුයි කියල, ඒ නිසා වැඩිය කරදර කලේ නැහැ. :cry: ටිකක් කල් ගිහල්ල පොඩි සයිස් එකක් අරන් දුන්න.

    සිරාවට කියන්නේ, ඒ කාලේ පට්ටම මීටරයක් තිබ්බේ. ගමේ ඉස්කෝලෙට ගිහිල්ල, සතර පොත කරලා, ටියුෂන් නැතුව තමයි ඔය රිසල්ට් එක.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    1996, ලකුණු 150ක් තිබ්බා, ජියර් තියෙන බයිසිකල‍යක් ඉල්ලුවේ. තැග්ග හම්බුනේ 8 වසරෙදි :-)
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම ශිෂ්‍යත්වෙ කරේ 1990. (ඔව්. මට වයසයි තමයි). ඒ දවස්වල කඩයිම් ලකුණු තිබුනෙ 112ක්ද කොහෙද.. මට ලකුණු 153යි. මම ගියපු පුංචි ඉස්කෝලෙ වැඩිම ලකුණු තිබුනෙ මට. රාජකීය විද්‍යාලයට ගත්තෙ 167න්ද කොහෙද.. මගේ ලකුණුවලට මට මහානාම විදුහලට යන්න පුලුවන්කම ලැබුනා. හැබැයි මට ලැබිච්ච තෑග්ගක් නම් නෑ. අපේ දෙමාපියොන්ට එහෙම තෑගි අරන්දෙන පුරුද්දක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති. ඉස්කෝලෙට ගිහින් ටීචර් ගාව තිබුනු ලිස්ට් එක බලල මම පාස් කියල දැනගත්තු වෙලේ තාත්ත මාව වඩාගත්ත මතකයි. යාලුවො ඉස්සරහ එහෙම වඩාගත්තම මට ලැජ්ජ හිතුනත් මතකයි. ඒ තාත්ත මාව වඩාගත්තු අන්තිම පාර. (නෑ නෑ.. තාත්ත තාමත් ජීවතුන් අතර ඉන්නවා)
    මම ඒ කිව්වෙ මගේ අත්දැකීමෙ සුන්දර පැත්ත. දැන් අහගන්න ඒකෙ අසුන්දර පැත්ත.
    මම ශිෂ්‍යත්වෙ වෙනුවෙන් පංති 4කට ගියා. සෙනසුරාද උදේ ගෙදරින් ගියාම ආපහු ආවෙ හවස් වෙලා. මට සෙල්ලම් කරන්න.. කා‍ටුන් බලන්න... වෙලාවක් තිබුනෙම නැති තරම්. මගේ ලමාකාලය හරිම ඒකාකාරීයි. පරිකල්පන ශක්තිය මොට උනා. creativity එක නැත්තටම නැති උනා. මට සෞන්දර්ය්‍ය විශයන් කිසිම එකක් අදටත් බෑ. සිංදුවක් කියාගන්න බෑ. පාටියකට ගිහින් නටාගන්න බෑ. චිත්‍රයක් ඇන්දොත් ඒක මටම කැතයි. ශිෂ්‍යත්වෙන් පස්සෙත් 6 වසරෙ ඉඳන් ආපහු විශයන් 6කට මම පංති ගියා. අධ්‍යාපනය පැත්තෙන් මම අසාර්ථක උනේ නෑ. අද මම ඉංජිනේරුවෙක් විදියට හොඳ වැ‍ටුපක් අරන් සාර්ථක ජීවිතයක් ගත කරනවා. ඒත්, සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නෙ. මගේ ලමාකාලය හරිම බෝරින්. මම විශ්වවිද්‍යාලයට එනකම්ම කොළඹින් පිට ගිහින් තිබුනෙ 3-4 පාරක් වගේ. පාරක් තොටක්, ලංකාවෙ දිගක් පලලක් ගැන හරි අවබෝදයක් තිබුනෙ නෑ. පොත්වල තියෙන දේ කටපාඩම් කරන එක හැර කිසි දෙයක් ගැන ප්‍රායෝගික අවබෝධයක් තිබුනෙ නෑ. මම යාන්ත්‍රික ජීවන රටාවකට හුරුවෙලා තිබුනෙ. අද මම ශිෂ්‍යත්වෙ ලියන වයසෙ දරුවෙක්ගෙ තාත්ත කෙනෙක්. මගේ ජීවිතයෙන් උගත් පාඩම් වලින් ප්‍රයෝජන ගන්න කෙනෙක්. මගේ දරුවව මම විභාගෙට වාඩිකෙරෙව්වෙ නෑ. ප්‍රායෝගික හා නිර්මාණාත්මක වැඩමුලු වලට හැර වෙන කිසිම අතිරේක පංතියකට යවන්නෙ නෑ. අද මගේ දරුව මටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. මටත් වඩා ඉක්මනින් ගණිතමය සුලු කිරීම් කරනවා. ඒ ඔක්කොටම වැඩිය දරුවා කිසිම පීඩනයක් නැතුව බොහොම නිදහසේ ජීවත් වෙනවා.
    ශිෂ්‍යත්වයෙන් ප්‍රතිලාබ ලබන දරුවන් නැතුව නෙවෙයි. (ඔව්.. මමත් පොඩිකාලෙ එහෙම ලබපු කෙනෙක්). ඒත් ඒ ඉතාමත් කුඩා පිරිසක්. ශිෂ්‍යත්වෙ සමත් වෙලා නගරයේ ලොකු ඉස්කෝලෙකට එන්නෙ, විභාගයට වාඩිවෙන දරුවන්ගෙන 3% ක් කියල නිකමට හිතමු. අපි ඇයි හිතන්නෙ නැත්තෙ ඉතුරු 97% ගැන? ඔවුන්ගෙ මානසික මට්ටම ගැන? කලයුත්තේ පාසල් අතර පංති භේදය අවම කරන එක නේද? සුපිරි පාසලක පිහිනුම් තටාකයක් හදන මුදලින් දුෂ්කර පාසල් කීපයක ගරා වැ‍ටුනු ගොඩනැගිලි හදන්න පුලුවන්. සුපිරි පාසලක පුස්තකාලය AC කරන්න යන වියදමින් දුෂ්කර පාසලකට පුස්තකාලයක් හදන්න පුලුවන්. ඒ දේ නොකර දරුවන්ගෙන් 3%කට වරප්‍රසාද දෙන්න ගිහින් 97%කගේ ලමාකාලය, නිර්මාණාත්මකභාවය, සංවේදීතාවය වලපල්ලට යවන එක නෙවෙයි අපි කරන්න ඕනෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    මාත් මහානාමෙ තමා
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674

    Matath umbata wage oya eka deyakwath karaganna ba ban. Math e kale panthi giya gedara giya echcharai
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage 178i
    cut off nam 130 ganak wenna.

    gift: exam iwara wuna dawase cricket bat ekak :yes: (kalinuth mata teacher laa banna hemadama kattiya ekka cricket gahanawa kiyala lakunu adu wei kiyala :P)

    passe results ewith masekin wage p2 computer ekak.
     
    • Like
    Reactions: windows_ubuntu

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මට ලකුණු 2ක් මදි උනා ගෙදරින් නම් බැන්නේ නෑ. මට තමා මතකයි result එද්දී අපි dancing room එකේ හිටියේ අපේ පන්ති භාර මිස් ඇවිත් කිව්වේ "john නම් ලකුණු 2 කින් බේරිලා කියලා "
    මිස්ට පට්ට සතුටක් තිබ්බේ මන් fail උන එක ගැන ඉස්කෝලෙ දාලා යන්න බැරි වෙන නිසා.🙂 තැග්ග 9 වසරේදී හම්බුනේ 😥
     
    • Haha
    Reactions: kalhara.rokz