5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,851
    113
    ගෙදර තමයි බං
    මට ලකුණු 2ක් මදි උනා ගෙදරින් නම් බැන්නේ නෑ. මට තමා මතකයි result එද්දී අපි dancing room එකේ හිටියේ අපේ පන්ති භාර මිස් ඇවිත් කිව්වේ "john නම් ලකුණු 2 කින් බේරිලා කියලා "
    මිස්ට පට්ට සතුටක් තිබ්බේ මන් fail උන එක ගැන ඉස්කෝලෙ දාලා යන්න බැරි වෙන නිසා.🙂 තැග්ග 9 වසරේදී හම්බුනේ 😥

    mokadda thegga


    147
    cutoff 144
    a NOKIA 1661:lol:

    exam karapu year eka mokadda
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    165යි, මම ගිය පොඩි ඉස්කොලෙ හතරවෙනියට ලකුණු තිබුනෙ මට. මාත් එක්ක 10ක් පාස්. මමයි තව එක කොල්ලෙකුයි විතරයි ගමේ ඉස්කොලෙට යන්න ඉතුරුවුනේ. පාස් කොල්ලො ආනන්ද, DS ගියා. කෙල්ලො විශාකා ගියා. අන්තිමට කැම්පස් ගියේ ගමේ පොඩි ඉස්කෝලෙ ගිය මම පමණයි :ROFLMAO: .

    මට බයිසිකලයක් තෑගි ලැබුන.

    Harvard ගියත් වැඩක් නෑ royal නෙමෙනන්
     
    • Haha
    Reactions: windows_ubuntu

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මට ලකුණු 2ක් මදි උනා ගෙදරින් නම් බැන්නේ නෑ. මට තමා මතකයි result එද්දී අපි dancing room එකේ හිටියේ අපේ පන්ති භාර මිස් ඇවිත් කිව්වේ "john නම් ලකුණු 2 කින් බේරිලා කියලා "
    මිස්ට පට්ට සතුටක් තිබ්බේ මන් fail උන එක ගැන ඉස්කෝලෙ දාලා යන්න බැරි වෙන නිසා.🙂 තැග්ග 9 වසරේදී හම්බුනේ 😥

    ඊට පස්සේ උඹ මිස්ස් එක්ක නටපු නැටුම් ගැන වෙනම ත්‍රේඩ් එකක් දාපන් හිට් වෙයි :P
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    116 මට 115 පන්තියේ එකෙක් වත් පාස් නැ.මට හම්බ උනේ කැසියෝ ඩිජිටල් ඔරලෝසුවක්.රුපියල් 500 ඒ කාලේ(1998)
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මම ශිෂ්‍යත්වෙ කරේ 1990. (ඔව්. මට වයසයි තමයි). ඒ දවස්වල කඩයිම් ලකුණු තිබුනෙ 112ක්ද කොහෙද.. මට ලකුණු 153යි. මම ගියපු පුංචි ඉස්කෝලෙ වැඩිම ලකුණු තිබුනෙ මට. රාජකීය විද්‍යාලයට ගත්තෙ 167න්ද කොහෙද.. මගේ ලකුණුවලට මට මහානාම විදුහලට යන්න පුලුවන්කම ලැබුනා. හැබැයි මට ලැබිච්ච තෑග්ගක් නම් නෑ. අපේ දෙමාපියොන්ට එහෙම තෑගි අරන්දෙන පුරුද්දක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති. ඉස්කෝලෙට ගිහින් ටීචර් ගාව තිබුනු ලිස්ට් එක බලල මම පාස් කියල දැනගත්තු වෙලේ තාත්ත මාව වඩාගත්ත මතකයි. යාලුවො ඉස්සරහ එහෙම වඩාගත්තම මට ලැජ්ජ හිතුනත් මතකයි. ඒ තාත්ත මාව වඩාගත්තු අන්තිම පාර. (නෑ නෑ.. තාත්ත තාමත් ජීවතුන් අතර ඉන්නවා)
    මම ඒ කිව්වෙ මගේ අත්දැකීමෙ සුන්දර පැත්ත. දැන් අහගන්න ඒකෙ අසුන්දර පැත්ත.
    මම ශිෂ්‍යත්වෙ වෙනුවෙන් පංති 4කට ගියා. සෙනසුරාද උදේ ගෙදරින් ගියාම ආපහු ආවෙ හවස් වෙලා. මට සෙල්ලම් කරන්න.. කා‍ටුන් බලන්න... වෙලාවක් තිබුනෙම නැති තරම්. මගේ ලමාකාලය හරිම ඒකාකාරීයි. පරිකල්පන ශක්තිය මොට උනා. creativity එක නැත්තටම නැති උනා. මට සෞන්දර්ය්‍ය විශයන් කිසිම එකක් අදටත් බෑ. සිංදුවක් කියාගන්න බෑ. පාටියකට ගිහින් නටාගන්න බෑ. චිත්‍රයක් ඇන්දොත් ඒක මටම කැතයි. ශිෂ්‍යත්වෙන් පස්සෙත් 6 වසරෙ ඉඳන් ආපහු විශයන් 6කට මම පංති ගියා. අධ්‍යාපනය පැත්තෙන් මම අසාර්ථක උනේ නෑ. අද මම ඉංජිනේරුවෙක් විදියට හොඳ වැ‍ටුපක් අරන් සාර්ථක ජීවිතයක් ගත කරනවා. ඒත්, සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නෙ. මගේ ලමාකාලය හරිම බෝරින්. මම විශ්වවිද්‍යාලයට එනකම්ම කොළඹින් පිට ගිහින් තිබුනෙ 3-4 පාරක් වගේ. පාරක් තොටක්, ලංකාවෙ දිගක් පලලක් ගැන හරි අවබෝදයක් තිබුනෙ නෑ. පොත්වල තියෙන දේ කටපාඩම් කරන එක හැර කිසි දෙයක් ගැන ප්‍රායෝගික අවබෝධයක් තිබුනෙ නෑ. මම යාන්ත්‍රික ජීවන රටාවකට හුරුවෙලා තිබුනෙ. අද මම ශිෂ්‍යත්වෙ ලියන වයසෙ දරුවෙක්ගෙ තාත්ත කෙනෙක්. මගේ ජීවිතයෙන් උගත් පාඩම් වලින් ප්‍රයෝජන ගන්න කෙනෙක්. මගේ දරුවව මම විභාගෙට වාඩිකෙරෙව්වෙ නෑ. ප්‍රායෝගික හා නිර්මාණාත්මක වැඩමුලු වලට හැර වෙන කිසිම අතිරේක පංතියකට යවන්නෙ නෑ. අද මගේ දරුව මටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. මටත් වඩා ඉක්මනින් ගණිතමය සුලු කිරීම් කරනවා. ඒ ඔක්කොටම වැඩිය දරුවා කිසිම පීඩනයක් නැතුව බොහොම නිදහසේ ජීවත් වෙනවා.
    ශිෂ්‍යත්වයෙන් ප්‍රතිලාබ ලබන දරුවන් නැතුව නෙවෙයි. (ඔව්.. මමත් පොඩිකාලෙ එහෙම ලබපු කෙනෙක්). ඒත් ඒ ඉතාමත් කුඩා පිරිසක්. ශිෂ්‍යත්වෙ සමත් වෙලා නගරයේ ලොකු ඉස්කෝලෙකට එන්නෙ, විභාගයට වාඩිවෙන දරුවන්ගෙන 3% ක් කියල නිකමට හිතමු. අපි ඇයි හිතන්නෙ නැත්තෙ ඉතුරු 97% ගැන? ඔවුන්ගෙ මානසික මට්ටම ගැන? කලයුත්තේ පාසල් අතර පංති භේදය අවම කරන එක නේද? සුපිරි පාසලක පිහිනුම් තටාකයක් හදන මුදලින් දුෂ්කර පාසල් කීපයක ගරා වැ‍ටුනු ගොඩනැගිලි හදන්න පුලුවන්. සුපිරි පාසලක පුස්තකාලය AC කරන්න යන වියදමින් දුෂ්කර පාසලකට පුස්තකාලයක් හදන්න පුලුවන්. ඒ දේ නොකර දරුවන්ගෙන් 3%කට වරප්‍රසාද දෙන්න ගිහින් 97%කගේ ලමාකාලය, නිර්මාණාත්මකභාවය, සංවේදීතාවය වලපල්ලට යවන එක නෙවෙයි අපි කරන්න ඕනෙ.

    Honda Thaththa kenek
     
    • Like
    Reactions: libero