50ට බත් පතක් - ගංගාරාම දන්සැලෙන්
සහල් කිලෝවකින් හය දෙනකුට ප්රමාණවත් පිරිසුදු ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද (25) ආරම්භ විය. ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසක් අනුව ක්රියාත්මක වන මෙය අද දිනයේ දස දහසකට දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් ආරම්භ විය. අද පටන් දහවල් 11 සිට සවස 6 දක්වා සාධාරණ මිලකට ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.
ගංගාරාමය අනුබද්ධ බේරේ වැව සීමාමාලකය සහ ශ්රී ජිනරතන කාර්මික විද්යාල භූමි පරිශ්රයේදී බත් පැකට් ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන අද දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් බලන්න පහතින්.