50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75223728_2607648932801772_4398177524786397184_o.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මහනුවර පොහොට්ටු මණ්ඩලේ අවුලෙන් අවුලට!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු භාර ලොහාන් රත්වත්තේ,කෙහෙළිය රඔුක්වැල්ල, දිලූම් අමුණුගම හා මහින්දානන්ද අළුත්ගමගේ අතර ඇති වී ඇති මත ගැටුම් හේතුවෙන් හෙට දිනයේ මහනුවරදී පැවැත්වෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවසන් ප‍්‍රචාරක රැළියේ සංවිධාන කටයුතු අඩාල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපතිවරණ හා මහමැතිවරණවලට මුහුණ දුන් ආකාරයට හාත්පසින්ම වෙනස් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් දියත් කර ඇති බැවින් එම ක‍්‍රමය ගමට කා වැද්දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් එම ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය හමුවේ ගම් මට්ටමේ පාක්‍ෂිකයා දැඩි උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බැවින් තමන්ට පෙර පරිදි ගම් මට්ටමේ පාක්‍ෂිකයා රැස්වීම් භූමිය වෙත රැගෙන ඒම අසීරු කටයුත්තක් බව මහනුවර ආසන මට්ටමේ පොහොට්ටු ප‍්‍රබලයින්ගේ මතය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

    ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණය අවසන් වන තුරු එහි කිසිම ප‍්‍රබලයෙකුට ආසන භාර දී නොමැති අතර ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අළුත්ගමගේ, දිලූම් අමුණුගම හා කෙහෙළිය රඔුක්වැල්ල යන සිව් දෙනාට සම බලතල ලබා දී දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිදි ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු කරන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇතත් ඊට පිටින් එස්. බී. දිසානායක, මහින්ද අබේකෝන්, සරත් අමුණුගම යන ප‍්‍රබලයින් කටයුතු කිරීම හේතුවෙන් නිවැරදි තීරණ ගත නොහැකිව පක්‍ෂයේ පහළ මට්ටමේ සංවිධායකවරුන් අරණ වී සිටින බව සඳහන්.

    "කෙහෙළිය රඔුක්වැල්ල මහත්තයා තමාගේ ශක්තිය අනුව කොළඔදී මාධ්‍ය හමු පවත්වමින් ඔහුට ඕනෑ ඕනෑ දේවල් පවසනවා. අපි රූපවාහිනියෙන් තමයි ඒවා දැන ගන්නේ. දිලූම් වෙනම වැඩ. එයා සරත් අමුණුගම මහත්තයාගේ නුවර හෝටලයට වෙලා තනියෙම වැඩ. ලොහාන් මහත්තයා දකින්නත් නැහැ." කලකිරිමට පත්ව සිටින පොහොට්ටුවේ ප‍්‍රබල සංවිධායකවරයෙකු අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේය.


    https://www.lankanewsweb.net/sinhal...අවුලට-?utm_source=dlvr.it&utm_medium=facebook
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අද සඳුදා ... වැඩකරන දවසක්
    මේ උදෑසන 10 ට
    ආසනය ගල්ගමුව


    76969698_2849165255115832_171888005684920320_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බැසිල් අද කෙන්තියෙන් කෑ ගැහුවෙ ඇයි? :lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අලි සබ්‍රි කියන්නේ ගෝඨාගේ ඡන්ද කඩන මැෂිමක්. පොහොට්ටුව තුළින්ම දැඩි විරෝධතා !

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශයා සහ ඒ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දැඩි හානි සිදුව ඇති බව පවසමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායකත්වය වෙත සිය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙවැනි තීරණාත්මක ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයකදී දේශපාලනය නොදන්නා අලි සබ්‍රි වැනි පුද්ගලයින් ඉහළින්ම රඳවා ගැනීම නිසා පක්ෂයට දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

    මුලින්ම මධුමාදව අරවින්ද මහතා ඔහුගේ පක්ෂයෙන් ඉවත් කළ මොහොතේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කළේ තමන් බව කියමින් ලකුණු දා ගැනීමට අලි සබ්‍රි උත්සාහ කිරීම නිසා සිංහල ඡන්ද පදනමට හානි කළ බවටත් දෙවනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන්නොත් මුස්ලිම් ජනතාවට අම්බානෙක කන්නෙ වේ යැයි කියා මුස්ලිම් ඡන්ද පදනමට හානි කළ බවත් තෙවනුව පොහොට්ටුවේ අන්තවාදීන් සිටින බව සහ සාෆි නාටකය ඔවුන්ගේ නිර්මාණයක් බව කියා මුළු පක්ෂයටම අපහාස කළ බවටත් සිව්වැනිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධ ලේඛන සාමාන්‍ය ජනතාවට පෙන්වීම අවශ්‍ය නොවන බව කියමින් සාමාන්‍ය ජනතාව කෝප කරගත් බවටත් එම ලේඛන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව කියමින් තවත් ගැටළුවක් නිර්මාණය කළ බවටත් අවසානයේදී අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්කර සිය ප්‍රචාරන ව්‍යාපාරය විනාශ මුඛයටම ගෙන ගිය බවටත් ඔවුන් විසින් පක්ෂ නායකත්වය හමුවේ අලි සබ්‍රි මහතා සම්බන්ධයෙන් චෝදනා කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය. :lol:



    එසේම නීතීඥයකු වශයෙන් ඔහු ඉතා දක්ෂයකු වුවත් සිය සේවාදායකයින් බියවද්දා ගණන් කතා කරන ආකාරයෙන් සාමාන්‍ය ජනතාවට තර්ජනය කර ඡන්ද ලබාගත නොහැකි බව ඔහුට නොතේරෙන බව පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන් ඔහුව හඳුන්වා දී ඇත්තේ "ගෝඨාගේ ඡන්ද කඩන මැෂිමක්" වශයෙනි.

    සාමාන්‍ය ජනතාවට කතා කිරීමට නොදන්නා, උද්ධච්ඡ, දැඩි උන්නතිකාමී, ඉහළට යාම සඳහා කෙටිමාර්ග පමණක්ම සොයන, දේශපාලනයෙහි අබමල් රේණුවක් තරම්වත් දෙයක් නොදන්නා නමුත් තමන් නිවැරදියැයි සෑමවිටම සිතන, එය ඔප්පු කිරීම සඳහා එකම වරද යළි යළිත් කරන අලි සබ්‍රි වැනි පුද්ගලයකු මේ අවසන් දින දෙක තුළ හෝ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත් කර නොතැබුවහොත් සහ ඔහු දැනට කර ඇති හානි පිළිසකර කිරීම සඳහා වෘත්තීයමය දේශපාලනඥයින් නොයෙදුවහොත් ඉතාම අහිතකර ප්‍රතිඵලයක් දැකගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් අනතුරු හඟවා ඇති බවත් සඳහන්.

    තමන් වසර ගණනාවක් තිස්සේ දැඩි මහන්සියෙන් ගොඩ නැඟූ පොහොට්ටුවේ ඡන්ද පදනම මේ තනි පුද්ගලකු නිසා විනාශ වනු බලා සිටිය නොහැකිම තැන තමන් මෙසේ පැමිණිලි කරන බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් පිරිස වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.


    https://www.lankanewsweb.net/sinhal...කඩන-මැෂිමක්--පොහොට්ටුව-තුළින්ම-දැඩි-විරෝධතා--
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සීයට පනහ නෑ. ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මහින්දත් මඟ හරි !

    12 November 2019 08:55 am

    මාධ්‍යවේදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සෘජු පිළිතුරක් ලබානොදී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතයක් ගැන පමණක් කියා ප්‍රශ්නය මඟ හරින ආකාරය ඊයේ (11) දිනයේදී දක්නට ලැබිණි.

    ඒ, මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණි අවස්ථාවේදීය.

    දෙපාර්ශ්වය පනහට පනහ මට්ටමෙන් කරට කර සටනක නිරත වී සිටින බවට පුවත්පතක තිබුණු පුවතක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

    "ඒක විහිළුවක්. අපි ඉතාම වැඩිගාණකින් ඉන්නවා ඉස්සරහින්. ප්‍රතිශතයක් වශයෙන් ඔවුන් ඉන්නෙ 43ක විතර. අපි ඊට වැඩියෙන් ඉන්නවා"



    සජිත් ප්‍රේමදාස මහතා 43%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවට යම් සමීක්ෂණ වාර්තාවක් පසුගිය සතිය ආරම්භයේ පමණ ඇත්තෙන්ම ද නිකුත් වී තිබිණි. නමුත් එහි සඳහන්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නේ ද 48%ක පමණ ප්‍රතිශතයක් බවටයි. එම සතිය තුළ පැමිණි සමීක්ෂණ වාර්තා එකට එකක් වෙනස් වූ බවත් වරක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ද පැමිණි බවත් මේ වනවිට කරට කර සටනක් පවතින අතර කිසිවෙකුට 50% ඉක්මවා යා නොහැකි වනු ඇතැයි දැනට පුරෝකථනය වී ඇති බවත් අපි මීට පෙරම වාර්තා කළෙමු.

    මහින්ද රාජපක්ෂ මහතා ටික දිනකට පෙර ලැබුණු සමීක්ෂණ වාර්තාවක සඳහන් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය පමණක් මාධ්‍ය වෙත කියා ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මඟ හැරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද අප දිගින් දිගටම කී ආකාරයටම ගෝඨාට 50% ඉක්මවූ ප්‍රතිශතයක් නොමැති බවය.


    https://www.lankanewsweb.net/sinhal...ෝඨාගේ-ඡන්ද-ප්‍රතිශතය-නොකියා-මහින්දත්-මඟ-හරි--
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    මැතිවරණ දිස්ත්‍රික්ක 14 ක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්
    තවත් 4 ක කරට කර

    18 ම සජිත් ඉදිරියෙන් කියල හිතන් දැන්වත් නාඬ ඉන්න.. :D:D

    අනික පරදින අපේක්ෂකයගෙ පුරවැසිභාවය හොයන්න මහන්සි වෙන තරමක්.. :rofl: