550 Jathaka Katha - Online

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
550j.jpg




http://www.jathakakatha.org/
 
Last edited:

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
“ජාතක අටුවාවේ කතුවරයා පිළිබඳ ව හෝ එය ලියන ලද වකවානුව පිළිබඳව හෝ ස්ථීර නිගමනයකට අපට එළඹිය හැකි දැ?යි අප විසින් සොයා බැලිය යුතුය. විවිධ අංගෝපාංගයන්ගෙන් වර්ධනය නාවූ ජාතක, ආචාර ධර්ම ප්*රයෝජනයක් සඳහා මුලදී භාවිත වෙන්නට වූ අතර ජනප්*රියතාවයත් එහි ඇති වාස්තවික ප්*රයෝජනයත් ඒවා සංග්*රහ කිරීම සඳහා හේතු වන්නට ඇත. දෙවැනි සංගායනා අවස්ථාවේදී ද ජාතක සංග්*රහයක් තිබිණැයි දීපවංශයේ සඳහන් වුව ද මෙම කතා සංග්*රහය කවුරුන් විසින් සකස් කරන ලද්දේ ද යන්න ගැන හෝ මිහිඳු මා හිමියන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද සිංහල පිටපත යළි පාලියට නැගුවේ කවුරුන් විසින් ද? යන්න ගැන හෝ කිසිම සඳහනක් ජාතක අටුවාවේ නැත. එමෙන් ම එය පැහැදිළි කර ගැනීමේ දී දීපවංශයෙන් හෝ වෙනත් ඓතිහාසික මූලාශ්*රයකින් හෝ ඍජුව අපට ලැබෙන පිහිටක් ද නැත.”
පාතෙගම ඥානාරාම හිම
 

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
“පැරණ සාහිත්*ය කෘති අතුරෙන් නූතන නව කතාවලට කිට්ටුවෙන් යන චරිත නිරූපණයක් කර ඇත්තේ ජාතක කතාකරුවා විසින් පමණි.”
- සිංහල කතා කලාවේ විකාශනය -
කේ. ජයතිලක
 

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
“ජාතක පොත පොදු ජනයා උදෙසා පොදු ජනයා විසින් ම රචිත ගද්*යයක් වැන්න.”

“ජාතක වස්තු සියල්ලම බුදුන්වහන්සේගේ හෝ භික්ෂූන්ගේ හෝ නිර්මාණයෝ නොවෙත්, වර්තමාණ වස්තු හැර අනෙක් ජාතක කතා වලට වස්තුබීජ වූයේ අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ පොදු ජනයා අතර පැතිරි ජන කතායි. ඒ ජන කතා චිත්ත චෛතසික විභාගයෙහි ශූර භික්ෂූන් හා ගිහියන් අතින් සකස් වීය. ජාතක කතා වල ශ්*රේෂ්ඨත්වයට හේතුව නිදහස් මතවාදී බෞද්ධයන් විසින් ඒ කතා සකස් කරනු ලැබීමයි.”
- ජාතක කතා විමසුම -
මාර්ටින් වික්*රමසිංහ ශූරීන්