7 වන සියවසේ විසූ දැරියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කෙරෙයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    356620395_1036645034354743_4501815376130458932_n.jpg



    7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන් පසු ව යි.

    ඈ වළදමා තිබූ සොහොන් ගැබ නිරාවරණය කරගනු ලැබුවේ 2012 වසරේ කේම්බ්‍රිජ් පුරාවිද්‍යා ඒකකය මඟින්. ඒ දක්ෂිණ කේම්බ්‍රිජයේ පිහිටන ට්‍රම්පින්ටන් තණබිම පදනම් කරගත් කැණීමක් අතරතුරයි. ඇගේ සිරුර වළදමා තිබුණේ ඇඳක් මත සතපවායි. එකල විලාසිතාවලට අනුරූපී සුඛෝපභෝගී ගවොමකින් ඇගේ දේහය සරසවා තිබූ අතර රනින් සහ රබහ ලෙස හැඳින්වෙන රතු පැහැති මැණික් ගලින් නිර්මිත අතිශය දුර්ලභ ගණයේ කුරුසියක් ගෙල පලඳවා තිබුණා. එංගලන්තය තුළින් මෙසේ දේහය ඇඳක් මත සතපවා කළ භූමාදානය කිරීම් වාර්තා වී ඇත්තේ 18ක් පමණක් වීම විශේෂත්වයක්.

    කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යාඥයන් කළ නවතම අධ්‍යයනයන් මඟින් යෝජනා කෙරෙන්නේ ඇය එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇත්තේ මධ්‍යම යුරෝපයේ සිට බවයි. අස්ථි සහ දන්තාශ්‍රිත පර්යේෂණ මඟින් ඇල්ප්ස් කඳු වැටිය ආසන්නයේ - බොහෝ වි‌ට දක්ෂිණ ජර්මනියේ - ඉපිද 7 විය එලැඹි පසු එංගලන්තය වෙත සංක්‍රමණය වන්නට ඇති බව පෙන්වා දෙනවා.

    ඇගේ මුහුණේ පෙනුම ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ වෝහාරික කලාකරුවෙකු (forensic artist) වශයෙන් කටයුතු කරන Hew Morrison. මේ සඳහා ඇගේ හිස්කබල ගැඹුරු විශ්ලේෂණයකට නතු කරන්නට ඔහුට සිදු වී තිබෙනවා. එසේ ම කොකේෂියානු සම්භවය සහිත කාන්තාවන්ගේ මුහුණේ පටක පළිබඳ දත්ත ද උපකාරී වී තිබෙනවා.

    DNA විශේලේෂණයකින් තොර ව ඇගේ හිසකෙස් සහ දෑසෙහි වර්ණය කෙසේ විණි දැ යි නිෂ්චිත ව පැවසිය නො හැකි වුවත් ඈ මියයන්නට කෙටි කලකට පෙර තිබූ පෙනුමට අතිශය සමාන පෙනුමක් ඉන් නිරූපණය විය යුතු බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ.

    ‘ඇගේ මුහුණ ගොඩනැඟෙනු දැකීම ඉතා රසවත් දෙයක් වුණා. ඇගේ වම් ඇස පිහිටා තිබුණේ දකුණු ඇසට වඩා සෙන්ටිමීටර බාගයක් පමණ පහළින්. එය සැබෑ ජීවිතය තුළ දීත් ඇගේ මුහුණින් පෙනෙන්නට ඇති.’ Morrison පවසනවා.

    ඈ පැළඳ සිටි ආකාරයේ කුරුසි මුළු මහත් බ්‍රිතාන්‍යයෙන් ම හමු වී ඇත්තේ පහක් පමණයි. එංගලන්තය තුළ ක්‍රිස්තියානි ආගම වැළඳගත් ඉපැරැන්නන් අතුරෙන් ඇය ද එක් අයෙකු වන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ.

    Independent ඇසුරෙනි.

    සත්‍ය හෙට්ටිආරච්චි Vidusara


    #forensicartist #DNA #sciencenews #vidusara