8,435කට ස්ථිර පත්වීම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පළාත් පාලන ආයතන තුළ සේවය කරන සේවකයන් 8435 දෙනෙකු ලබන මාසයේදී ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට එලෙස ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය මේවන විට ලැබී තිබේ.

    අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට එලෙස අනුමැතිය ලැබි තිබේ.

    එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පවත්වා තිබේ.

    එහිදී එම සියලු පත්වීම් ලිපි ලබන මාසයේ ලබා දීමට තීරණය කර තිබේ.

    rajaye sewakayo wedi kiyala welalenna haduwa neda
     
    • Haha
    Reactions: shenat