82 ඔස්කාර් සම්මාන උළෙල

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
82 ඔස්කාර් සම්මාන උළෙල

හොලිවුඩයේ සම්මාන මංගල්‍යය වන ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල 82 වන වරටත් මාර්තු 7දා ඉතා උත්කර්ෂවත් ලෙස හොලිවුඩ් හි කොඩැක් රංගශාලාවෙහිදී පැවැත්වුනා. මෙවර වැඩිම සම්මාන ගණනකට හිමිකම් කීවේ Kathryn Billow විසින් අධ්‍යක්ෂණය කළ The Hurt Locker චිත්‍රපටයයි. හොඳම චිත්‍රපටය (Picture) , අධ්‍යක්ෂක (Director) , සංස්කරණය (Film Editing), ශබ්ද සංස්කරණය(Sound Editing), ශබ්ද සංකලනය (Sound Mixing) සහ (ස්වනිර්මාණ ) තිරපිටපත (Original Screenplay) යන සම්මාන The Hurt Locker විසින් හිමිකර ගත්තා.
මෙහි විශේෂත්වයක් වනුයේ මේ වනතෙක් වැඩිම ආදායම් වාර්තා පිහිටවූ Avatar චිත්‍රපටයේ අධ්‍යක්ෂක, හොඳමඅධ්‍යක්ෂකට නිර්දේශිත James Cameron පරදවා ඔහුගේ හිටපු බිරිඳ වන Kathryn Bigelow විසින් හොඳම අධ්‍යක්ෂක සම්මානය දිනාගැනීමයි. ඇවටර් විසින් හොඳම දෘෂ්‍ය ප්‍රයෝග (Visual Effects), සිනමාරූපණය (Cinematography), කලා අධ්‍යක්ෂණය (Art Direction) යන සම්මාන හිමිකර ගත්තා.
Blind Side හි රඟපෑම වෙනුවෙන් Sandra Bullock හොඳම නිළිය සම්මානද, Crazy Heart හි රඟපෑම වෙනුවෙන් Jeff Bridges හොඳම නළුවා සම්මානද දිනාගත්තා. Precious හි රඟපෑම වෙනුවෙන් Mo’Nique හොඳම සහාය නිළිය සම්මානද, Inglourious Basters හි රඟපෑම වෙනුවෙන් Christoph Walt හොඳම සහාය නළුවා සම්මානද හිමිකර ගත්තා. මේ සියළුම නළු-නිළියන් ප්‍රථමවරට ඔස්කාර් සම්මානලාභීන් වීම විශේෂත්වයක්.
හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානය දිනූ Up විසින් Avatar, The Hurt Locker වැනි චිත්‍රපට පරයමින් Best Original Score සම්මානයද දිනාගැනීමට සමත් වුනා.
සම්මාන දිනූවන්ගේ ලැයිස්තුව පහත පරිදියි.










Best Picture : The Hurt Locker
Best Director : Kathryn Bigelow – The Hurt Locker
Best Actress : Sandra Bullock – The Blind Side
Best Actor : Jeff Bridges - Crazy Heart
Best Supporting Actress : Mo’Nique – Precious
Best Supporting Actor : Christoph Waltz – Inglourious Basterds
Best Animated Feature Film :Up
Best Original Screenplay : The Hurt Locker
Best Adapted Screenplay : Precious: Based on the Novel ‘Push’ by Sapphire
Best Art Direction : Avatar
Best Cinematography : Avatar
Best Film Editing : The Hurt Locker
Best Foreign Language Film : El Secreto de Sus Ojos (Argentina)Best Original Score : Up
Best Original Song : The Weary Kind (Theme from Crazy Heart) from Crazy Heart
Costume Design : The Young Victoria
Best Documentary : The Cove
Best Documentary (short subject) : Music by Prudence
Best Short Film (Animated) : Logorama
Best Short Film (Live Action) : The New Tenants
Best Makeup : Star Trek
Best Sound Editing : The Hurt Locker
Best Sound Mixing : The Hurt Locker
Best Visual Effects : Avatar



 
Last edited:
  • Like
Reactions: Djram

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Thanks for sharing...Apith baluwa. Eth HURT LOCKER ekata wada hode film thibba. US karanne kohomath wena jathiyak, wena ratak pahathata dala hadana film walata sammana dena ekane....giya sareth ehemai...me sereth ehemai...
     

    kingdewi

    Well-known member
  • thankzzzzzzzz.gif
     

    Similar threads