ගතින් වියපත් වුණත් සිතින් වියපත් නොවූ අවුරුදු 87 වෛද්‍යවරියගේ අපූරු කතාව -
හිතේ විශ්වාසය හා හැකියාව තියෙනවානම් ජීවිතේ කරන්න බැරි දෙයක් නැනැ..ඒක ඇත්තක් කරපු අපූරු කතාවක් අපිට අහන්න ලැබුණේ රුසියාවෙන්.
අවුරුදු 87 ක් වුණු වෛද්‍යවරියක් වසරකට සැත්කම් 100 ක් කරනවා කිව්වොත් ඔබටත් පුදුම හිතේවි.
Alla Ilyinichna Levushkina නමැති මෙම වෛද්‍යවරිය රුසියාවේ සිටින වයස්ගතම වෛද්‍යවරිය ලෙසයි සැලකෙන්නේ. ඇය වසරකට සිදුකරන සැත්කම්වලින් කිසිවෙකුගේ ජීවිතේකට මෙතෙක් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
තවද ඇය උදෑසන අටට සිය රාජකාරී ආරම්භ කරන බවත් ඇගේ නිවසේ පූසන් අට දෙනෙකු සිටින බවත් ඇය කියලා තියෙනවා.ඒ වගේම හොඳම වෛද්‍යවරුන්ට හිමිවන සම්මානයකින්ද ඇය පිදුම් ලබා තිබෙන බවත් වාර්තා වනවා.
ඇය නිවසේ සිටින අවස්ථාවලදී ආබාධිත මුණුපුරෙකු බලාගන්නා බවත් හිමිකරුවන් නොමැති සතුන්ට කෑම ලබාදෙන බවත් ඇය පවසා තිබෙනවා.