9 වැනිදාට ජනාධිපති කව්ද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    9 වැනිදාට ජනාධිපති කව්ද?

    Who is the president - 9 වැනිදාට ජනාධිපති කව්ද?

    ජනාධිපතිවරණයට තව ඇත්තේ පැය 24 කි. ජනාධිපතිවරණය නිල වශයෙන් නිවේදනය කලේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිවාදියෙක් හෝ නොමැති වාතාවරණයකදීය. රට තුල එවිට තිබුණේ විපක්ෂ අපේක්ෂකයා සඳහා විකල්ප කීපයකි. සෝභිත හිමියන්, රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය වැනි විකල්ප ඒ අතර වේ. චන්ද්‍රිකා එහිදී සාධකයක් නොවුණේ “ලිහලා බැලූ මල්ල යලිත් ඔබලා බැලීමෙන් පලක් නොවන නිසාය“. බොහෝ විට මහින්ද ප්‍රමුඛ සන්ධාන පාක්ෂිකයන් මෙන්ම රජයද සිතුවේ තව තව කොහු වෙන්නට පෙර වසර 2 ක් තබාම කැඳවූ ජනපතිවරණය පහසු ගේම් එකක් බවට පත්වෙයි කියාය.

    නමුත් අන්තිම මොහොතේ හෝ බුද්ධි අංශවලට පවා නොදැනෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා (නමුත් එදින පාර්ලිමේන්තුවට ඔහු පැමිණි අවස්ථාවේ සුදර්ශනී මහත්මිය මෛත්‍රීට සුභ පැතූ බව පුවත්පතක සඳහන් වූ නිසා ඇතැම්විට කැබිනට් මණ්ඩලය එය දැන සිටින්නට ඇත) රජයෙන් ඉවත්ව විපක්ෂයට පැමිණ ඉන් නොනැවතී පොදු අපේක්ෂකයා භූමිකාවට පත්වීම යනු මෑත කාලීන දේශපාලනයේ නොසිතූ විරූ වෙනස බවට පත්විය. එහි වේදනාව කොතරම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැනුනේද යන්න අවසන් රැස්වීමේදී පිළියන්දලදී පවා මතක් කරේ මෛත්‍රී එකට ආප්ප කා පසුදා උදේ පිල මාරු කල බවයි. නමුත් එය මෙවර මැතිවරණයේ තීරණාත්මක සංදිස්ධානයක් විය. දියාරු මැතිවරණයක් වෙනුවට කරට කර ද්වන්ධ සටනක් නිර්මාණය වූයේ මහින්දට හරියන හොඳම ප්‍රතිවාදියෙක් සටනට එක්වීම නිසාය. හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්තවාදී පක්ෂය වැනි පක්ෂ මෙන්ම සන්ධාන රජය තුල සිටින එහි කටයුතු පිළිබඳ කලකිරුණ ප්‍රජාව සහ ප්‍රජා නායකයින් විපක්ෂයට ශක්තියක් විය. ඒ අතරම රජය පාර්ශවයෙන් ශක්තීන් ලෙස රාජ්‍ය බලය පැවතීම, විපක්ෂයට නිසි ලෙස සංවිධානය වීමට තරම් කාලයක් නොමැතිවීම වැනි කාරණා මූලිකවම බලපෑමක් විය.

    මහින්ද රාජපක්ෂ මහතා සතුවූ ප්‍රධානතම අවිය යුධ ජයග්‍රහණයයි. නමුත් එය 2010දී උපරිම ලෙස උපයෝජනය කල බැවින් එය සාර්ථක තුරුම්පුවක් වීමේ සම්භාවිතාව 50% ක් පමණ විය. නමුත් එයින් මැතිවරණ සමය පුරා උපරිම ප්‍රයෝජන ගත්බව සත්‍යය. නමුත් මැතිවරණයේ අවසන් සතියේ සිදුකල ජාතිවාදී හා ආගම්වාදී කූට ප්‍රචාරණ වලින් නැවතත් ජනතාවගේ සිත්වලට ඇතිකල යුධබිය,ජාතිවාදය, කුහකත්වය වැනි කාරණා වලින් සිදුවුණ හානිය ප්‍රබලය. එහි ප්‍රතිඵල ඉදිරියට පත්වන ඕනෑම ජනපතිවරයෙක්ට බලපානු ඇත. ඒ හැරුණකොට මහින්ද සතුව තිබුණ අනෙකුත් ආයතු වන්නේ රට තුල සිදුකල සංවර්ධන කටයුතු සහ ආකර්ශණීය හැසිරීම සහ කතා කිරීමේ හැකියාවය. නමුත් මැතිවරණ සමය පුරාවටම ඔහුගෙන් දිස්වූයේ වෛරීය සහ උපහාසය කැටිකරගත් කතා මිස 2005,2010 දුටු ආකර්ශණීය ප්‍රතිපත්ති සහිත, මනා ගලායාමක් සහිත, මයිල් කෙලින් කරන කතා නොව. මහින්දගේ වේදිකාවේ විමල් වීරවංශ,දයාසිරි, තිස්ස අත්තනායක ඇතුලු පිරිස සිදුකලේද ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට වඩා පොදු අපේක්ෂකයා නිර්දය ලෙස විවේචනය හා මඩ ගැසීම පමණක් වීම තුලින් ජනතාවට මහින්දගේ ඉදිරිගමන අලුත් ගමනක් නොවන බව පැහැදිලිවීම තුලින් මහින්දට විශාල අවාසියක් එක් කරන්නට විය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් විශාලම සහයක් ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔවුන් පසුගිය සමයේ තිබුණු රනිල් විරෝධී අභ්‍යන්තර ගැටුම් සියල්ල පසෙකලා පක්ෂයෙන් බිඳීගිය පාර්ශව පවා ඒකාබද්ධව සටනට පිවිසීම දියාරු විපක්ෂයක් නිසා සිදුව ඇති අභාග්‍ය සම්පන්න දේශපාලනික ඉරණමට හොඳ පිළිතුරක් විය. එසේම හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂද පොදු විපක්ෂයට මහත් සවියක් විය. මහින්ද රාජපක්ෂ මහතාට නොතිබූයේ මෙයයි.

    චන්ද්‍රිකා මැතිණියගේ විවිධ ප්‍රකාශ, චම්පික විසින් සැලකිල්ලකින් තොරව මාධ්‍ය වෙත ඉදිරිපත් කල කේ.පී සහ මහින්දගේ ඡායාරූප මෙන්ම විවාද වලදී රාජිතගේ දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා සිදුවූ හානි නොවන්නට පොදු විපක්ෂය මැතිවරණ සමය තුල මනා හික්මීමක් සහ විනයගරුක බවක් ප්‍රදර්ශනය කිරීම තුලින් යහපාලනයක භාවිතාමය සාධක තමන් සතුබව පෙන්වන්නට විය. අරමුදල්, රාජ්‍ය සහය නොමැතිව මැර බලය, ධන බලය, රාජ්‍ය මාධ්‍ය මෙන්ම මධ්‍යස්ථ පුද්ගලික මාධ්‍ය පවා මහින්ද රාජපක්ෂ මහතාට සෘජුවම සහය දක්වද්දී විපක්ෂය මැතිවරණ කටයුතු මෙහෙයවූයේ ජනකේන්ද්‍රීය සහ අන්තර්ජාලය, මුද්‍රිත මාධ්‍ය භාවිතා කරගත් මාර්ග තුලින්ය. විශේෂයෙන්ම අන්තර්ජාලය තුලින් විපක්ෂය තරම් ගැම්මක් ගැනීමට මහින්දට බැරිවිය. ප්‍රචාරණ යාන්ත්‍රණය තුල වෙනදා මහින්ද පාර්ශවය තුලින් තිබූ නිර්මාණශීලී බව වෙනුවට මෙවර මඩ සහ යුද්ධය නැවත සිහිකිරීම යන තේමාවලින් මහින්දගේ මැතිවරණ යාන්ත්‍රණය තුල ප්‍රචාරණය සිදුවිය. දිනකට මාධ්‍ය සියල්ලේම විකාශනය වන දැන්වීම් සංඛ්‍යාව සහ මැතිවරණයට මාසයකට පෙර සිටම කෝටි ගණනක් මහජන ධනය වැයකර ගැසූ කටවුට් වලින් මහින්ද රාජපක්ෂ මහතා තම පදනමට හානියක් කරගත් බව සැබෑය.

    විපක්ෂයට දෙමළ සන්ධානයේ සහය ලැබීම තුල ඔවුන්ට කොටි හා බෙදුම්වාදී ලේබලය අලවමින් රජය නින්දිත ප්‍රචාරණයක් සිදුකරත් සාපේක්ෂව විපක්ෂයේ ඡන්ද පදනම ස්ථාවර තත්වයක විය. එසේම මුස්ලිම් කොංග්‍රසයේ සහය ලැබීම තුලින් පොදු විපක්ෂයට මුස්ලිම් ඡන්ද වැඩි කොටසක් ඇදී යද්දී එයින් සිංහල ඡන්ද නතර කිරීමට ජාතිවාදයද අවසන් මොහොතේ හුවමාරුවූ එස්.එම්.එස් මගින් නින්දිත ලෙස පතුරවන්නට විය. නමුත් මෙය විපක්ෂයට මාතෘකා නොවීම කැපී පෙනිනි. මහින්ද පාර්ශවට තිබූ ප්‍රධානතම සාධකය රැස්වීම්වල අධික ජන සහභාගිත්වයයි. නමුත් අන්තර්ජාලයට පින්සිදුවෙන්නට බොහොමයක් රටවාසීන් සි.ටී.බී බස් මගින් පිට පලාත්වල පවා ජනතාව එකම දින රැස්වීම් කීපයකට ගෙනයන අයුරු ප්‍රචලිත වීම නිසා රජය තවදුරටත් අපහසුතාවයට පත්විය. මෛත්‍රී-රනිල් ගිවිසුමක් ව්‍යාජව සකසා තිස්ස කරන්නට ගිය ජිල්මාට් එක නිසා තිස්සගේ පිල්මාරුවට තිබූ යම් හෝ වටිනාකම නැත්තටම නැති විය. නමුත් රජයේ මඩ යාන්ත්‍රණය නිසා එතරම් මානසික ඒකාග්‍රතාව ප්‍රබල නොවන පෙරලෙන ඡන්ද ප්‍රතශතයක් විපක්ෂයට අහිමිවුණ බව සැබෑය.

    දැනට ලැබෙන වාර්තාවලට අනුව තැපැල් ඡන්ද වලින් 80% ක් පමණ ලියාපදිංචි තැපැල් ඡන්ද වලින් පලකර ඇත. ඒ අතරින් 60%කට ආසන්න ප්‍රමාණයක් මෛත්‍රීට හිමිව ඇතිබව කරුණු අධ්‍යයනය මගින් උපකල්පනය කරන්නට හැකිය. එය එසේවී නම් එය මහින්ද රාජපක්ෂ මහතාට හොඳ තත්වයක් නොවේ. ලංකාවේ ලියාපදිංචි ඡන්දදායකයින් ප්‍රමාණය මිලියන 15කට ආසන්නවේ. මෙයින් දළ වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ 73-75% වැනි ප්‍රතිශතයකි. එසේනම් ආසන්න වශයෙන් මිලියන 11.5 ක පමණ ඡන්ද ප්‍රමාණයක් භාවිතවනු ඇත. එවිට දෙවනි මනාප ගැනීම සිදු නොකොට ජය හිමිකරගැනීමට නම් එම ඡන්ද ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රතිශතයක් (ආසන්න වශයෙන් මිලියන 5.75ක් එනම් ඡන්ද ලක්ෂ 57ක් පමණ ලබාගත යුතුය). පුද්ගලික උපකල්පනයට අනුව පවතින තත්වය තුල ජයග්‍රහණය කරන අපේක්ෂකයාට උපරිම ලබාගත හැකිවන්නේ 51-53% වැනි ප්‍රතිශතයකි. පරාජයට පත්වන අපේක්ෂකයා 48-46% වැනි ප්‍රතිශතයක් ලබාගනු ඇති. එවිට ජයග්‍රාහකයාගේ පරතරය අවම ඡන්ද ලක්ෂ එකහමාරක් හෝ උපරිම ලක්ෂ 3-4 ක අගයක් විය හැක. එසේනම් මහින්ද කියන ලක්ෂ 20 පරතරයක් ලැබීමට ආශ්චර්යයක්ම විය යුතුය.

    ගියවර මහින්ද ගේ ජයග්‍රහණයේ සාධකය වූයෝ බස්නාහිර, දකුණ,සබරගමුව සහ වයඹ ඡන්ද පරතරයයි. එම පරතරයන්හි එකතුව ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 18 ක් පමණ විය. ඒ අතරින් ගම්පහ සහ කුරුණෑගල මහින්ද ජයගත්තේ ලක්ෂ දෙකහමාරකට වැඩි පරතරයක් සහිතවය. නමුත් මෙවර අදාල දිස්ත්‍රික්ක ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂයකට අඩු ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම දක්වා පහත වැටීමට බොහෝදුරට ඉඩ ඇත. එසේම අනෙකුත් දිස්ත්‍රික්ක වලද පළාත් සභා මැතිවරණ ප්‍රතාඵල සංසන්දනය තුලින් එතරම් විශාල පරතර සහිතව ජයගැනීම එතරම් පහසු නොවන බව පෙනීයයි. මහින්ද රාජපක්ෂ මහතාට හිතරක දිස්ත්‍රික්ක ලෙස සැලකිය හැක්කේ. කොළඹ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට,රත්නපුර,මොණරාගල,කෑගල්ල,කුරුණෑගල,පුත්තලම,මාතලේ,අනුරාධපුර යන දිස්ත්‍රික්ක 13 වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතකර දිස්ත්‍රික්ක ලෙස මහනුවර,නුවරඑළිය,බදුල්ල,පොළොන්නරුව,යාපනය,වන්නි,ත්‍රිකුණාමලය,අම්පාර,මඩකලපුව යන දිස්ත්‍රික්ක 9 හැදින්විය හැක. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා ජය ලබන දිස්ත්‍රික්කවල පරතරය ලක්ෂ 20 කට අඩුවුහහොත් නිසැක වශයෙන්ම විපක්ෂයේ අපේක්ෂකයාට ජය හිමිවණු ඇත. නමුත් පෙනෙන්නට ඇති තත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට අදාල දිස්ත්‍රික්කවල පෙර තිබූ ජයව නොමැති බවයි.

    දළ වශයෙන් මෛත්‍රීට ජය ගැනීමට නම් ඔහු ඉදිරියෙන් සිටින දිස්ත්‍රික්කවල ජන්ද පරතය ලක්ෂ 15 ඉක්මවීම සහ මහින්ද ජයගන්නා දිස්ත්‍රික්ක වල පරතරය අඩුවෙන් පවත්වාගත යුතුවේ. කරට කර සටනක් නිරත බැවින් බොහෝවිට කිසිඳු අපේක්ෂකයෙක්ට තීරණාත්මක දිස්ත්‍රික්ක (කොළඹ,කුරුණෑගල,මහනුවර,ගාල්ල වැනි) ජයගැනීමේදී 60% ඉක්මවා ජයගැනීම අසීරුවනු ඇත. එම නිසා අවසන් ප්‍රතිඵලය බොහෝවිට ජයග්‍රාහකයා 51-52% සීමාවේ රැඳී සිටීමට ඉඩ ඇත. පවතින තත්වය තුල වැඩි වාසි ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීටය. ඔහු ප්‍රධාන ඡන්ද පදනම ලක්ෂ 45ක පවත්වාගෙන යාම සිදුවිය හැක. ඒ අනුව පාවෙන අවිනිශ්චිත ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 10 ක් ලබාගැනීමට හැකිනම් ඔහු 50% සීමාව ඉක්මවනු ඇත. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්නේනම් ඔහු දළ වශයෙන් 51% ප්‍රතිශතය ඉක්මවා ගියහොත් එම ප්‍රතිඵලය එතරම් තාර්කික හා සාධාරණ කෝණයෙන් එපිටට ගිය එකක් විය හැක. නමුත් මෙවර එවැන්නකට ඉඩ නැති බව පැහැදිලිය.

    ජය ලබන්නේ කව්ද කියා 9 වැනිදා දහවල් වනවිට තීරණය කිරීමට ඉඩ ලැබෙනු ඇත. කෙසේ වෙතත් පවතින්නේ තියුණු සටනකි. අවසන් මොහොතේ ඔබේ එක් ඡන්දයකින් පවා ලොකු වෙනසක් සිදුවිය හැකි මට්ටමකට ජන අසහනය, උත්තේජනය හා බැඳුනු ජනතා කැමැත්ත ප්‍රබල මට්ටමක පසුවනු දැකීමත් සතුටකි.

    ප්‍රධාන කර්තෘ
    Lanka Words.com
    [email protected]
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.

    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    10417711_891549324208956_1445607832494733328_n.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පැටියා;17690707 said:
    මධ්‍යස්ථ විචාරයක් දැක්කෙම නෑ තාම :dull:

    මෙක ගොඩක් දුරට මධ්‍යස්ථව තියෙනවා කියලා මට හිතෙනවා:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "රාජපක්ෂ මහතාට හිතරක දිස්ත්‍රික්ක ලෙස සැලකිය හැක්කේ. කොළඹ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට,රත්නපුර,මොණර ාගල,කෑගල්ල,කුරුණෑගල,පුත්තලම,මාතලේ,අනුරාධපුර යන දිස්ත්‍රික්ක 13 වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතකර දිස්ත්‍රික්ක ලෙස මහනුවර,නුවරඑළිය,බදුල්ල,පොළොන්නරුව,යාපනය,වන්නි,ත්‍ර ිකුණාමලය,අම්පාර,මඩකලපුව යන දිස්ත්‍රික්ක 9 හැදින්විය හැක"

    colombo, mathale maithreeta wasi wei mama hithanne.
     
    colombo nam bohovita MY3 yai..
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    චන්ද්‍රිකා මැතිණියගේ විවිධ ප්‍රකාශ, චම්පික විසින් සැලකිල්ලකින් තොරව මාධ්‍ය වෙත ඉදිරිපත් කල කේ.පී සහ මහින්දගේ ඡායාරූප මෙන්ම විවාද වලදී රාජිතගේ දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා සිදුවූ හානි නොවන්නට පොදු විපක්ෂය මැතිවරණ සමය තුල මනා හික්මීමක් සහ විනයගරුක බවක් ප්‍රදර්ශනය කිරීම තුලින් යහපාලනයක භාවිතාමය සාධක තමන් සතුබව පෙන්වන්නට විය.
     
    devindha

    Active member
  • Apr 26, 2008
    319
    29
    28
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    චන්ද්‍රිකා මැතිණියගේ විවිධ ප්‍රකාශ, චම්පික විසින් සැලකිල්ලකින් තොරව මාධ්‍ය වෙත ඉදිරිපත් කල කේ.පී සහ මහින්දගේ ඡායාරූප මෙන්ම විවාද වලදී රාජිතගේ දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා සිදුවූ හානි නොවන්නට පොදු විපක්ෂය මැතිවරණ සමය තුල මනා හික්මීමක් සහ විනයගරුක බවක් ප්‍රදර්ශනය කිරීම තුලින් යහපාලනයක භාවිතාමය සාධක තමන් සතුබව පෙන්වන්නට විය.

    චම්පික edit කරපු photo එකක් පෙන්නලා ලෙස්ටර්ට හෙන අප්සට් කියලා දිණමින අද උදේත් කියනවා..:rofl:උන් කියන්නේ එක චම්පික හදලා වගේ..එක චම්පික පෙන්නන්නත් කලින් ඉදලා එලකිරි එකෙත් ගියා :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්

    Thota oni nam mahindata deepiya, kawuruth balen alla gaththe nehe ne.
     
    :rofl:
    එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය:P