rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම අද

    2012 සැප්තැම්බර් මස 11 10:41:59 | ඒ.එෆ්.පී , වොෂින්ටන් නුවරදීය
    දෙදහස්එක වර්ෂයේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමේ 11 වැනි සංවත්සරය අදට(11) යෙදී තිබෙන අතර ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම පිණිස ජනපති බැරැක් ඔබාමා ඇතුළු ඇමෙරිකානුවන් සූදානමින් සිටින බව වාර්තා වේ.

    601552_441821695869919_1805774998_n.jpg


    ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප‍්‍රහාරයට බිලි වූ ඇමෙරිකානුවන්ටත් තම මාතෘ භූමියෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි සටන්භූමියේදී රට වෙනුවෙන් දිවි පි¥ හමුදා භටයන්ටත් තමා ගෞරව කරන බව ජනපති ඔබාමා 11 වැනි සැමරුම නිමිත්තෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.

    පැහැරගත් ගුවන්යානා දෙකකින් අල් කයිඩා සටන්කාමීන් නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වැදුණේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. අනතුරුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලූනු දෙක මුළුමනින්ම කඩා වැටීමට ගතවූයේ පැය කිහිපයකි. මීට අමතරව සටන්කාමීන් පැහැරගත් එක් ගුවන් යානයක් පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානයට කඩා වැදුණි.

    මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්ග‍්‍රන්ථ බොහොමයක් රචනා විය. එම ග‍්‍රන්ථවල දක්නට ලැබුණු විශේෂත්වයක් නම් ඒවායේ කතුවරුන් එක් කරුණක් සම්බන්ධයෙන් එකඟතාව පළ කර තිබීමයි. එනම් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිඳ වැට්ටවීම ක‍්‍රමානුකූලව සිදු කරන ලද්දක් බවයි.

    කෙසේවෙතත් මේ ප‍්‍රහාරයට වගකිවයුතු බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ අල් කයිඩා සංවිධානයට සහ තලෙයිබාන් සටන්කාමීන්ටය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ ඇමෙරිකා හමුදාව එහි තිබූ තලෙයිබාන් පාලනය පෙරළා දැමීය.​
     

    bonney777

    Active member
  • Oct 11, 2008
    374
    26
    28
    There are lots of Documentary films available about 911 and which are proving that "9/11 Was an Inside Job"

    one of the best films is
    : Loose Change (available in youtube) , september clues (available in youtube), etc..