මමනම් මේකෙ වරදක් දකින්නෙ නෑ මචන්. Generation gap එක කියන්නෙ ඕක තමයි. අපේ කලින් පරම්පරාව වගේ නෙමෙයි අපි. අපි වගේ නෙමෙයි අපේ පස්සෙ පරම්පරාව. අපේ කාලෙට, අපේ දෙමාපියන්ගෙ කාලෙට වඩා අද සමාජෙ ගොඩක් විසයි. තාක්ෂණේ දියුණුව ඒ විස වැඩිකරල තියෙනවා. ගුරු ගෞරවය අඩුවීම මමනම් දකින්නෙ ගෝලීයකරණයෙ ප්‍රතිඵලයක් විදියට. ඕවා හරිගස්සනවට වඩා හොඳයි ඕවායින් සමාජෙට වෙන හානිය අවම කරන්න යම් දෙයක් කලානම්. අපේ පාසල් කියන්නෙ තනිකර හිරගෙවල්. අපේ සමාජෙ හැම කෙනාම ඉන්නෙ අසහනයෙන්. මොකද, ජීව විද්‍යාත්මකව, සමාජ විදයාත්මකව තමන්ට ලැබෙන්න ඕන දේවල්, සමාජය විසින්ම කප්පාදු කරල තියෙන්නේ. ඉතින් මේ සම්මතය බිඳගෙන යන්න උත්සාහ දරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. අලුත් පරපුර මේ කරන්න හදන්නෙ ඒ දේ කියල මම හිතනවා. මේ වෙනස මම දකින්නෙ ධනාත්මකව. අපේ පල්වෙන හැමදාම එකතැන තියන සමාජෙ ඉදිරියට පියවරක් තියන්න යන්නෙ. උදාහරනයක් විදියට විශ්වවිද්‍යාල සංස්කෘතියට විරුද්ධ පිරිස් දැන් විශ්වවිද්‍යාල තුලින්ම බිහිවෙමින් යනවා. බරහිර විශ්වවිද්‍යාල වගේ අපේ ඒවත් අනාගතේදි පරීක්ෂණ සමීක්ෂණ කරන තැනට ඒවි.