90 දශකයේ චමත්කාරය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Ammalata horen TV eke Relic Hunter balapu un atha ussanna balanna :P
    එකෙ හොරෙන් බලන්න තරම් අවුලක් නැහැ නෙ බන් ?
    මන් එකෙ කෙල්ලට ලව් ඒ කාලෙ .
    එකෙ කොල්ලාගෙ හෙයාර් කට් එක මරු .
    මට හිතුනා ඒ කාලෙ ඌ වගෙ පුරාවිද්‍යාඥයෙක් වෙන්නත්.
     
    • Like
    Reactions: Dr.Amdan

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Ltte නිසා අපේ රටේ ආර්තිකය ගොඩක් වැටිල තිබ්බෙ.දැන් අද්‍යාපනයට අවුරුද්දට වියදම් කරන වියදම වගේ (ඇ.ඩො බිලියන 1.5) වගේ වියදමක් යුද්දෙට වියදම් කලා එක අවුරුද්දකට.තව ගොඩක් දේපල හානි උනා.ආර්තිකයට ගොඩක් බලපෑම් ආවා.ඒක නිසා අපේ රටේ යටිතල පහසුකම් අවම මට්ටමක තිබ්බෙ.ඒකාලේ ෆොටෝ එකක් දැක්කනම් කියන්න පුලුවන්.ඉන්ටර්නෙට් පහසුකම් එහෙමත් තිබ්බෙ නෑ ලංකාවෙ හරියට.ඉතින් අවුරුදු 20ක් විතර පස්සෙන් වගේ අපි හිටියෙ
    මට තාම මටකයි කොලබට කොටි ෆ්ලයිට් ආපු වෙලාව අපේ ගෙවල් උඩින් ගියේ මුලු කොලබම ලයිට් එක තත්පරෙන් ඕෆ් උනා.අපි හිතුවෙ පල්ලෙහයිනුත් කොටි එනව කියල.තාම මතකයි අපේ තාත්ට පොලව දිගේ බඩ ගාගෙන ගිහින් ගේට්ටුව වහල අපිව ගේ අස්සට දාල දොර වහගත්ත විදිය.කොලබ ඇතුලෙ පත්තු උන හැම බෝම්බෙකම වගේ සද්දෙ මට ඇහිල තියෙනව බන්.මොකද මම කොලබ 10 නිසා

    ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
    මම රාජගිරියෙ ඉදන් කඩවතට පැදල ආයෙත් කඩවත ඉදන් රාජගිරියට පැදද් බන් අම්මෝ
    ------ Post added on Mar 12, 2021 at 10:52 PM

    සිරස පටන් ගත්ත කාලේ ගියා රාජුයි රංචුයි කියලා ඉන්දියන් රහස් පරීක්ෂක කතාවක් සිංහලට හඬකවලා. රිලවෙක් එහෙම හිටියා රහස් පරීක්ෂකයට
    ඇයි MTV පටන් ගත්ත කාලෙ එක දිගටම කාර්ටූන් ගියේ(රොබෝකොප්,සිල්වර්හෝක්ස්,තන්ඩර්කැට්ස්,ජීඅජෝ)ඉස්සර ඩයිනවිශන් එකේ කාර්ටූන් නෙට්වර්ක් රෙකෝඩින්ග් එකක් ගියා හවස 4-5
    ------ Post added on Mar 12, 2021 at 10:55 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    එකෙ හොරෙන් බලන්න තරම් අවුලක් නැහැ නෙ බන් ?
    මන් එකෙ කෙල්ලට ලව් ඒ කාලෙ .
    එකෙ කොල්ලාගෙ හෙයාර් කට් එක මරු .
    මට හිතුනා ඒ කාලෙ ඌ වගෙ පුරාවිද්‍යාඥයෙක් වෙන්නත්.
    e kale podi ne...Kissing/semi nude scenes thibba
    apinan horen baluwe ...ammala awilla tv eke nimenewa :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ammalata horen TV eke Relic Hunter balapu un atha ussanna balanna :P
    ඒ දවස්වල නයිට් රයිඩර් බලද්දී ඔහොම තමයි, බොක්ක කූල් වෙලා යන්නේ...මයිකල් කාරයත් හෙන කුකුලානේ..තාත්තා එහෙම හිටියෙත් ඕක වහලා දාපල්ලා කියලා නැගිටලා යනවා..

    දවසක් වැස්ස දවසක රෑ දහයත් පහුවෙලා ආර්නෝල්ඩ් හිටිය Conan the Barbarian ෆිල්ම් එක ගියා.කට්ටියම නිදි.මම හොරෙන් බලනවා ෆිල්ම් එක.ඒ කාලේ ටීවී එක තිබ්බේ කෑම කාමරයේ.හොඳම ටික යද්දී තාත්තා එනවා නැගිටලා දොරත් ඇරගෙන...හරියට අඩ නිරුවත් සීන් එකක් යද්දී ආවේ.වහපන් ටීවී එක කිව්වා විතරයි මතක.මම කෙලින්ම කාමරයට.. :P
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඒ දවස්වල නයිට් රයිඩර් බලද්දී ඔහොම තමයි, බොක්ක කූල් වෙලා යන්නේ...මයිකල් කාරයත් හෙන කුකුලානේ..තාත්තා එහෙම හිටියෙත් ඕක වහලා දාපල්ලා කියලා නැගිටලා යනවා..

    දවසක් වැස්ස දවසක රෑ දහයත් පහුවෙලා ආර්නෝල්ඩ් හිටිය ෆිල්ම් Conan the Barbarian එක ගියා.කට්ටියම නිදි.මම හොරෙන් බලනවා ෆිල්ම් එක.ඒ කාලේ ටීවී එක තිබ්බේ කෑම කාමරයේ.හොඳම ටික යද්දී තාත්තා එනවා නැගිටලා දොරත් ඇරගෙන...හරියට අඩ නිරුවත් සීන් එකක් යද්දී ආවේ.වහපන් ටීවී එක කිව්වා විතරයි මතක.මම කෙලින්ම කාමරයට.. :P
    ඉස්සර නයිට් රයිඩර් ගොඩක් එපිවල අන්තිමට මයිකල් කාරය ගෑනියෙක්ගෙ කට කනවමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඒ දවස්වල නයිට් රයිඩර් බලද්දී ඔහොම තමයි, බොක්ක කූල් වෙලා යන්නේ...මයිකල් කාරයත් හෙන කුකුලානේ..තාත්තා එහෙම හිටියෙත් ඕක වහලා දාපල්ලා කියලා නැගිටලා යනවා..

    දවසක් වැස්ස දවසක රෑ දහයත් පහුවෙලා ආර්නෝල්ඩ් හිටිය Conan the Barbarian ෆිල්ම් එක ගියා.කට්ටියම නිදි.මම හොරෙන් බලනවා ෆිල්ම් එක.ඒ කාලේ ටීවී එක තිබ්බේ කෑම කාමරයේ.හොඳම ටික යද්දී තාත්තා එනවා නැගිටලා දොරත් ඇරගෙන...හරියට අඩ නිරුවත් සීන් එකක් යද්දී ආවේ.වහපන් ටීවී එක කිව්වා විතරයි මතක.මම කෙලින්ම කාමරයට.. :P
    :rofl:

    Knight Rider echchara awlak une na apita...ammalath 80 ganan wela balala tibba hinda...okai incredible Hulk eke tamai english tv show ekekata kiyela sanesimen baluwe..:rofl:.....X files uth poddak case ra hinda
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ටීව් එකේ කොටු දාද්දි රෙද්දක් අරන් ඒක අස්සෙන් බලපු උන් කවුද ඉන්නෙ.දැන්නම් මතක් වෙද්දිත් ලැජ්ජයි ඕයි.
    හැකස් කොලෙන් පාර බලපුව අපේ ලමයිට ඕව කිව්වොත් උන් පුදුම වෙයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර නයිට් රයිඩර් ගොඩක් එපිවල අන්තිමට මයිකල් කාරය ගෑනියෙක්ගෙ කට කනවමයි.
    අපිට ඉතින් තේරෙනවා අහවල් සීන් එකක් එන්නේ කියලා..ඒත් ඉතින් නැගිටලා යන්න කියලද..

    ගෙදර වෙන මොකක් හරි බැලුවොත් යනවා අල්ලපු ගෙදර කලර් ටීවී එකෙන් නයිට් රයිඩර් බලන්න.එහෙදී නැගිටලා යන්නේ ඒ ගෙදර ආච්චි..;)
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ජපන් acoustic playlist එකක් දාන් ඉන්නේ. එක අස්සේ මේක කියවද්දී නියමෙට වදිනවා. මතක් වෙද්දී happy + sad. අපි වයසට ගිහින් කියල තෙරෙද්දීත් දුකයි බන් :( මේකේ කියල තියන සින් වලින් 90%ක් විතරම කරලා තියනවා :love:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපිට ඉතින් තේරෙනවා අහවල් සීන් එකක් එන්නේ කියලා..ඒත් ඉතින් නැගිටලා යන්න කියලද..

    ගෙදර වෙන මොකක් හරි බැලුවොත් යනවා අල්ලපු ගෙදර කලර් ටීවී එකෙන් නයිට් රයිඩර් බලන්න.එහෙදී නැගිටලා යන්නේ ඒ ගෙදර ආච්චි..;)

    අපිට ඉතින් තේරෙනවා අහවල් සීන් එකක් එන්නේ කියලා..ඒත් ඉතින් නැගිටලා යන්න කියලද..

    ගෙදර වෙන මොකක් හරි බැලුවොත් යනවා අල්ලපු ගෙදර කලර් ටීවී එකෙන් නයිට් රයිඩර් බලන්න.එහෙදී නැගිටලා යන්නේ ඒ ගෙදර ආච්චි..;)
    අපේ නම් ගොඩක් වෙලාවට රිමෝට් එක තියෙන්නෙ අය්යගෙ අතේ කට කන්න යද්දිම ඒකා පට්ගාල මාරු කරනව වෙන එකකට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටීව් එකේ කොටු දාද්දි රෙද්දක් අරන් ඒක අස්සෙන් බලපු උන් කවුද ඉන්නෙ.දැන්නම් මතක් වෙද්දිත් ලැජ්ජයි ඕයි.
    හැකස් කොලෙන් පාර බලපුව අපේ ලමයිට ඕව කිව්වොත් උන් පුදුම වෙයි
    අල්ලපු ගෙදර කලර් ටීවී එකෙන් බලද්දී ඇදන් ගිය කමිසේ අස්සෙන් බලලා තියෙනවා.

    :rofl:

    Knight Rider echchara awlak une na apita...ammalath 80 ganan wela balala tibba hinda...okai incredible Hulk eke tamai english tv show ekekata kiyela sanesimen baluwe..:rofl:.....X files uth poddak case ra hinda

    ඒ කාලේ බය කියන එක දැනුනේ X-files එකයි
    Psi Factor බලලා නිදාගන්න ගියාම..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    :rofl:

    Knight Rider echchara awlak une na apita...ammalath 80 ganan wela balala tibba hinda...okai incredible Hulk eke tamai english tv show ekekata kiyela sanesimen baluwe..:rofl:.....X files uth poddak case ra hinda
    ගොඩක් සුපිරි කතා ගියෙ යක්කු ගස් නඟින වෙලාවෙ.
    හොඳම ටයිම් එකෙ යන්නෙ අර ගූ බොලඳ හින්දි නාට්ටි ටික.

    මට එම් ටී වී එකෙ යන ටීවී සීරියස් වලින් බලන්න සෙට් උනෙ හවුස් මෙඩිකල් ඩොක්ටර් විතරයි .
    සෙනසුරාදා ඉරිදා යන නිසා.
    සතියෙ දවස් 5 ම රන් දෙපැයකට අපෙ ගෙවල් වල උන් බැඳලා හිටියෙ

    එක්ස් ෆයිල්ස් කිව්වහම මතක් වුණෙ .
    රැ 10 වෙනක ඇහැරිලා ඉන්න එකම ගෙමක් ඒ කාලෙ
    ඉස්කොලෙ යන්න එපැයි පහුවෙනිදා .
    සමහරක් දවස් වලට අපි නිදි කිරා වැටිලා එපිය මිස් වෙනවා .
    සමහරක් දවස් වලට පු* ඉරාගෙන ඇහැරිලා ඉන්නවා
    ඔන්න එතකොටම දානවා "සුපුරුදු වැඩ සටහන ලබන සතියෙ විකාශය වේ " වගෙ සීන් එකක් .
    ටී වී එක කුඩු කරන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමා .
    ටීව් එකේ කොටු දාද්දි රෙද්දක් අරන් ඒක අස්සෙන් බලපු උන් කවුද ඉන්නෙ.දැන්නම් මතක් වෙද්දිත් ලැජ්ජයි ඕයි.
    හැකස් කොලෙන් පාර බලපුව අපේ ලමයිට ඕව කිව්වොත් උන් පුදුම වෙයි
    ෆුල් ආතල් ඔව්වා නම් .
    එත් ඊටී වී එකෙ ආර්ට් එකෙ කොටු දැම්මෙ නැහැ .
    අම්බො ගෙදර අය එලියට ගිය දවසට ඊටීවී එක දාගෙනමයි ඉන්නෙ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හ්ම්ම්.. නිදා ගන්න කලින් පෝස්ටුවක් දාන්නම්.. ලියන්න නම් ගමකට තියෙනවා බන්...

    මගේ පුංචිම කාලේ මතකේ තමයි අද වගේ වාහන නැති කාලෙක හයිවේ නැති කාලෙක තාත්තයි අම්මයි අපි සහෝදර සහෝදරියෝ ටික ගමේ ගිය හැටි රුහුණු කුමාරි කෝච්චියේ.. අතින් කටින් බඩු උස්සන්, මහ පාන්දර නැගිටගෙන මරදානට යනවා... මට තවම මතකයි තාත්තා සීට් එකක් අල්ලගන්න කෝච්චිය නවත්තන්න කලින් ලොකු ඇඳුම් බෑග් එකත් අරන් එල්ලෙන හැටි... අද කාලේ වගේ නෙමේ ඒ කාලේ කෝච්චි ඇතුල ක්ලීනෝ පයින්ට් ගහලා හෝදලා අමුතු සුවඳයි.. කළුතර හරියෙන් බීච් එක බලාගෙන ඒ යන ගමන හරිම සුන්දරයි.. හවස යන කාලෙකුත් තිබ්බා.. හවස 2ට කොටුවෙන්.. මාතරින් බහිද්දි රෑ 8යි.. ලට්ට ලොට්ට උස්සන් මුළු මාතරම ඇවිදිනවා.. ගඟේ නානවා... මරු ආතල්..

    ඉස්සර අපේ වත්තේ ලොකු කොස් ගහක් කැපුවා.. ඉතින් අපි ඉස්සර ඔය අතු අස්සේ හැංගි මුත්තන් කරනවා... ටාසන් කරනවා.. කඩු පයිට් යනවා.. ඒ එක්කම තිබ්බා ලොකු ජම්බු ගහක්.. ඕකෙත් නගිනවා.. ගහේ ඉඳන් ජම්බු කනවා.. අද ඒ ගසුත් නෑ...

    සිංහල අලුත් අවුරුදු මතකයන් ගොඩාක් තියෙනවා.. ඉස්සර තාත්තා අපි ඔක්කොලමව මහරගමයි house of fashion එකටයි එක්කන් ගිහින් අවුරුද්දට ඇඳුම් ගන්නවා.. එක දවසක් හවස කන ටයිම් එක තිබිලා අපි උදේ ඉඳන් හාමතේ... ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන් වල.. යාන්තම් කෑවම පන ගහලා ආවා.. අදටත් නොනගතේ කන්නේ නෑ.. කන වෙලාව එනකන්ම ඉන්නවා..

    ඉස්සර හැම තැනම වතුර නැති කාලෙක වටේ පිටේ හැම එකාම නාන්න ආවේ අපේ ළිඳට... ඉස්සරහ ගෙදර චම්පා අක්කා... උඩහ ගෙදර සුදු අක්කා.. මුන් සෙට් එක දියරෙදි ඇඳන් නානවා හවස කළුවට වැටෙනකන්.. මම චූටී එකා ලිඳ ගාවට වෙලා ඉඳගෙන ඉන්නවා.. අද වගේ ඒ කාලේ මෝල තිබ්බා නම්... ඉස්සර චම්පා අක්කා එනවා අපේ ගෙදර පත්තර කියවන්න.. මට මාර ආදරෙයි.. පොඩි කාලේ අපයෝජනයක් උනාද කියලත් සැකයි...:dull: අදටත් ආවම මගේ දිහා අමුතුවට බලනවා...
    අපෙත් එහෙමයි බන්.අපි ගමේ යද්දි ගාලෙන් බැහැල තිරික්කලෙත් ගිහින් තියෙනව මම එතකොටනම් පොඩී 2 වසරෙ හරි 3 වසරෙ මට මතක විදියට

    ගොඩක් සුපිරි කතා ගියෙ යක්කු ගස් නඟින වෙලාවෙ.
    හොඳම ටයිම් එකෙ යන්නෙ අර ගූ බොලඳ හින්දි නාට්ටි ටික.

    මට එම් ටී වී එකෙ යන ටීවී සීරියස් වලින් බලන්න සෙට් උනෙ හවුස් මෙඩිකල් ඩොක්ටර් විතරයි .
    සෙනසුරාදා ඉරිදා යන නිසා.
    සතියෙ දවස් 5 ම රන් දෙපැයකට අපෙ ගෙවල් වල උන් බැඳලා හිටියෙ

    එක්ස් ෆයිල්ස් කිව්වහම මතක් වුණෙ .
    රැ 10 වෙනක ඇහැරිලා ඉන්න එකම ගෙමක් ඒ කාලෙ
    ඉස්කොලෙ යන්න එපැයි පහුවෙනිදා .
    සමහරක් දවස් වලට අපි නිදි කිරා වැටිලා එපිය මිස් වෙනවා .
    සමහරක් දවස් වලට පු* ඉරාගෙන ඇහැරිලා ඉන්නවා
    ඔන්න එතකොටම දානවා "සුපුරුදු වැඩ සටහන ලබන සතියෙ විකාශය වේ " වගෙ සීන් එකක් .
    ටී වී එක කුඩු කරන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමා .

    ෆුල් ආතල් ඔව්වා නම් .
    එත් ඊටී වී එකෙ ආර්ට් එකෙ කොටු දැම්මෙ නැහැ .
    අම්බො ගෙදර අය එලියට ගිය දවසට ඊටීවී එක දාගෙනමයි ඉන්නෙ.
    ඉස්සර ආට් එකේ ගියා බෝල්ඩ් ඇන්ඩ් බියුටිෆුල් ගෙදර කට්ටිය ගමනක් ගියාම ඉතින් ගොඩ තමයි.
    ------ Post added on Mar 12, 2021 at 11:27 PM
     
    mekath baluwa:love2:

    අපෙත් එහෙමයි බන්.අපි ගමේ යද්දි ගාලෙන් බැහැල තිරික්කලෙත් ගිහින් තියෙනව මම එතකොටනම් පොඩී 2 වසරෙ හරි 3 වසරෙ මට මතක විදියට

    ඉස්සර ආට් එකේ ගියා බෝල්ඩ් ඇන්ඩ් බියුටිෆුල් ගෙදර කට්ටිය ගමනක් ගියාම ඉතින් ගොඩ තමයි.
    ------ Post added on Mar 12, 2021 at 11:27 PM
    art nemei bung..ETV
    ------ Post added on Mar 12, 2021 at 11:30 PM
     
    • Like
    Reactions: SanjayRocks

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් සුපිරි කතා ගියෙ යක්කු ගස් නඟින වෙලාවෙ.
    හොඳම ටයිම් එකෙ යන්නෙ අර ගූ බොලඳ හින්දි නාට්ටි ටික.

    ෆුල් ආතල් ඔව්වා නම් .
    එත් ඊටී වී එකෙ ආර්ට් එකෙ කොටු දැම්මෙ නැහැ .
    අම්බො ගෙදර අය එලියට ගිය දවසට ඊටීවී එක දාගෙනමයි ඉන්නෙ.
    අපිට චැනල් දෙකක් අහුවුනේ :( ... ඩිස්කවරි එකේ වැඩසටහන් වත් හරියට ලබන්න හම්බ වුනේ නෑ. වැඩි හරියක් ගියේ චැනල් අයි මගුලේ නේ.නැත්නම් ඒ වෙලාවට අපි ගෙදර නෑ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තාත්ත අපිව මුලින්ම ෆිල්ම් එකක් බලන්න කියල එක්කන් ගියේ රීගල් එකේ නොමියන මිනිසුන් බලන්න.ඉන්ටවල් එකේ අයිස් චොක් කාල ඉස්සො පප්ඩම් කාල පෙටා ඉදන් අයියල නන්ගිල අම්ම තාත්ට අපි ගෙදරට පයින්ම ආව.අපේ ගේ පිටි පස්සෙ තමයි ටවර් හෝල් එක තිබ්බෙ මාසෙට පාරක් ගෙදර අය එක්ක stage drama එකක් අනිවාර්‍යයි.අපායේ තත්පර අසූහාරදාහ කියල එකක් බැලුව ඒක නම් මරු ෆිල්ම් එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිරස පටන් ගත්ත කාලේ ගියා රාජුයි රංචුයි කියලා ඉන්දියන් රහස් පරීක්ෂක කතාවක් සිංහලට හඬකවලා. රිලවෙක් එහෙම හිටියා රහස් පරීක්ෂකයට
    issara ape iskole kollekuyi mai oke sira fanlaa..

    Ammalata horen TV eke Relic Hunter balapu un atha ussanna balanna :P
    ඔව් බන් අපේ අම්මලා ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ. ඕකි තමයි වේසාවි කිය කිය බනිනවා ඇඩ් එකක් ගියත්.

    ඒකටත් හේතුවක් තියෙනවා. ඕක බල බල ඉද්දි මොකක් හරි වල් කෑල්ලක් යන වෙලාවටමනෙ අම්මලා එන්නෙ.

    දවසක් බල බල ඉද්දි ගියා අර ඇඳුම් ගලවලා ලොන්ඩ්‍රියට දාන සීන් එක. හොදි ඕනෙ නෑ.

    ------ Post added on Mar 12, 2021 at 11:43 PM

    e kale podi ne...Kissing/semi nude scenes thibba
    apinan horen baluwe ...ammala awilla tv eke nimenewa :P
    ඉංග්‍රීසි ඒවලින් බොහෝම ස්වල්පයයි බලන්න දුන්නෙ.
    Herculeis, Sheena, Relic Hunter, Amazon ඔක්කොම තහනම්. දැන් ඉතින් ඒවා බැලුවට මෙලෝ රහක් දැනෙනෙත් නෑ.
    ------ Post added on Mar 12, 2021 at 11:50 PM
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    (1990-1997 කාල සීමාව )
    90 ගණන්වල The Bold and the Beautiful/ Riviera ගෙදර කට්ටිය එහාට මෙහාට වෙනකන් හිටියේ. එත් censor කරනවා channel එකෙන්.
    MTV saha ETV තමා හොඳම channels දෙක. අපරාදේ දෙකම පස්සේ යනකොට ගොඩක් වෙනස් වුනා.
    හවස ඉස්කෝලේ ඇරිලා එන්නෙම 3.30-6pm cartoon network eke cartoons ටික බලන්න. Dynavison වල තමයි ගියේ මතක හැටියට.(95' වගේ)

    ETV ඒ දවස්වල Star TV programs පෙන්නුවේ. තාම මතකයි සෙනසුරාදා උදේ 6.30am ඇහෙරෙන්වා Transformers / Dungeons and dragons බලන්න ....

    අගෝස්තු නිවාඩු කාලයේදී ඉතින් උදේ කාලයම Cartoons තමයි(my pet monster, berenstain bears, It's Punky Brewster) සෙනසුරාදා හරි ඉරිදා 1pm ඉඳන් english movies MTV එකේ...

    Radio නම් Sun FM / Yes thamai . Kamathi සින්දුවක් ඇහුනොත් කෙලින්ම cassette tape record කරනවා. Radio එකේ play Record Fast Forward Rewind ගෙවිලම ඒ buttons press කරලම
     
    Last edited: