90 දශකයේ චමත්කාරය

rasikasampa84

Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    5rPepVu.png

    කොටස් ඔක්කොම එකතු කර ගත්තද
    adenawa ban mathak weddi. eka kotasak mata adu una. ita passe muddara alawala liyum kawarayak yawapuwahama euwa. eka apu dawase mara sathutuk danuna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් කට්ටිය උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා, සරණ පූසා ව බැලුවට මොකද, ඕවා හරියට පහුගිය දවස්වල අවුරුද්දට පත්තු කරපු අහස් කූරු වගේ. සේරම ලස්සන කතාව තියෙනකන් විතරයි. ඉවර වෙලා මාසෙකට පස්සේ අහල බැලුවොත්, එකෙක්ට මතක නෑ එහෙම ටෙලිනාට්‍යයක් තිබුණද කියලවත්.

    80, 90 දශකවල අපි බලපු ටෙලිනාට්‍යවලයි, මේ මෙගා රැල්ලයි අතර වෙනස වෙන්නේ ඕක. ඒ ටෙලිනළු විකාශය අවසාන වෙලා අවුරුදු 30ක් විතර ගෙවිලා ගිහිල්ලා. ඒත් අදටත් මේවයේ කතාව, චරිත, තේමා ගීත, නළු නිළියන් අපි අතරේ තවමත් ජීවමානයි.

    අලුත් අවුරුද්ද මුල ම පරණ කතන්දර මතක් කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටෙලිනාට්‍ය ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ.

    එහෙනං, පොඩ්ඩක් ළමා කාලෙට ගිහින් එමුද?

    1. කන්දේ ගෙදර

    “ශ්‍රී ලංකාවේ එක් දිසාවකට, එක් පුරයකට, එක් දනව්වකට, එක් ගම්මානයකට සීමා නොවන කන්දේ ගෙදර ඇත්තෝ, අප හැමගේ ඥාති මිත්‍රයෝ ද වන්නාහුය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන කන්දේ ගෙදර බාල මහත්තයා මේ නිවසේ ප්‍රධානියා වෙයි. ගේ දොර, දේපොළ සහ දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හැසිරෙන ලොකු හාමිනේ, බාල මහත්තයාගේ දයාබර බිරිඳයි,...“

    මතකද මේ වචන පෙළ? “කන්දේ ගෙදර” කතාවේ පළමුවෙනි කතාංගය පටන්ගන්නේ මේ විදියට. මේ කතාවේ ඉඳපු බාල මහත්තයා, ලොකු හාමිනේ, සෙනරත්, මයුරා, කුමාරි, සුභාෂ්, සඳුන්, අල්මේදා, කාලගුනේ, චාමරී, රන්ජන් වගේ චරිතවලින් නිරූපණය වෙන්නේ එක පවුලක ට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි. අපේ සමාජයේ ඉන්න පුද්ගල චරිත බොහොමයක් මේවයින් දැකගන්න ලැබුණා. රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ, වීනා ජයකොඩි, ජයලත් මනෝරත්න වගේ නළු නිළියන් රැසක් මේකේ රඟපෑවා.

    2. අසල්වැසියෝ

    “අයි නෝ ද ලෝ පුතා”

    ගොඩ පෙරකදෝරුවෙක් වුණු “පෝල් මහත්තයා”ගේ කටින් නිතරම පිටවෙන කතාවක් තමයි මේක. රටේ නැති බොරු පුරාජේරුකම් කියෙව්වට, පුත්තු දෙන්නත් එක්ක කුලී කාමර ගානේ ජීවිතේ ගැටගහගන්න, ඔහු සෑහෙන දුකක් වින්දා. කුලී සල්ලිවලින් දූවරු තුන්දෙනෙක් ව නඩත්තු කරන “ජොසපින් නෝනා”ගේ ගෙදර කාමරයක් කුලියට ගන්න පෝල් මහත්තයට සිද්ධවෙන්නෙත් ඒකයි. අසල්වැසියන් බවට පත්වෙච්ච මේ පවුල් දෙකේ පලහිලව්ව අපි දැක්කේ “අසල්වැසියෝ” ටෙලිනාට්‍යයෙන්. සමාජයේ පැතිකඩක් එක්ක, හාස්‍යය හරි අපූරුවට එක්කාසු කරපු ටෙලිනළුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

    3. යශෝරාවය

    බලදේවගේ සරල බව, සූරතිස්සගේ අහිංසක බව, සුනිමල්ගේ සෙල්ලක්කාරකම, රංජනීගේ මුරණ්ඩුකම වගේම, මේ අතරේ දෝලනය වන සුදු හාමිනේගේත්ගේ , රංජනීගේ තාත්තාගේ අසරණකමත් ගැන කියවුණු "යශෝරාවය" හරිම අනර්ඝ නවකතාවක්. සෝමවීර සේනානායක මහත්මයා අතින් ලියවුණු මේ පොත, අපට ටෙලිනාට්‍යයක් විදියට ඒ දවස්වල දැකගන්න ලැබුණා ඔයාලට මතක ඇති. ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේ රංගනයෙන් මේ කතාව හැඩවුණා.

    4. වෙද හාමිනේ

    “සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා
    දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා”

    ගීතය ඇහෙද්දී ම ඔයාලට මතක් වෙනවා ඇති මේ ටෙලිනාට්‍යය මොකක්ද කියන වග. දරුණු රෝගයකින් පෙළෙන නාගරික පරිසරයක හැදුණු “ගුනේන්ද්‍ර” ත්, ඔහුව සුවපත් කරන “මංගලිකා”ත් වටා ගෙතුණු මේ ටෙලිනළුවේ නම “වෙද හාමිනේ”. ඕනේ ම දැවැන්ත චරිතයක් හරි ම ස්වභාවික විදියට රඟපාන්න කමල් අද්දරආරච්චි ට තියෙන හැකියාව, ගුනේන්ද්‍රගේ චරිතයෙන් අපට හොඳින් ම දැකගන්න පුළුවන් වුණා. නැසීගිය රෙබෙකා නිර්මලී මහත්මියගේ අපූරු රංගනය, වෙද හාමිනේ හෙවත් “මංගලිකා”ගේ චරිතය අපට හැමදාටම මතක තියෙන එකක් කළා.

    5. ඉටි පහන්

    “ඉටිපහන්” ටෙලිනාට්‍යය බිහිවුණේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ “ඉටිපහන්” නවකතාව පදනම් කරගෙනයි. ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේත්, ඉන්පස්සෙත් ජීවත්වෙච්ච ගම්බද ගැහැණියකගේ කතාව මේකෙන් දකින්න ලැබුණා. නන්දා මාලිනියන් මේකේ තේමා ගීය විදියට ගායනා කරපු “ඉටි පහනක්දෝ මා” ගීතය, අදටත් දුලීනාගේ අසරණ බැල්ම අපට මතක් කරලා දෙනවා.

    6. ගජමන් නෝනා

    මහා මැදුරක ඉපදුණත් බොහොම අවාසනාවන්ත අසරණියක් විදියට මිය යන්න සිදු වුණු ගජමන් නෝනාගේ ජීවිත කතාව අපි දැක්කේ “ගජමන් නෝනා” ටෙලිනාට්‍යයෙන්. වසන්ති චතුරානි, ජයලත් මනෝරත්න, රොජර් සෙනවිරත්න වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ ටෙලිනළුව හැඩ කළා.

    7. සුසීමා

    පිටරට අයට කොමික් බුක් වගේ තමයි ඒ කාලේ ලංකාවේ චිත්‍ර කතා ජනප්‍රිය වුණේ. “සුසීමා” කියන්නේ ජනක රත්නායක අතින් නිර්මාණය වුණු ඒ වගේ චිත්‍ර කතා අතරින් එකක්. ඉතින් ඒ ඇසුරෙන් බිහිවුණු සුසීමා ටෙලිනාට්‍යයෙන් විකාශය වෙද්දී, අපි සෑහෙන්න පුංචියි. මත්ද්‍රව්‍ය එක්ක ගැටෙන, සංගීතමය පසුබිමක් තියෙන තරුණ ජීවිත කීපයක් ගැන තමයි මේකේ කතාව තිබුණේ. මේ ටෙලිනාට්‍යයේ තිබුණු “දෑස පියා ගත් කල” ගීතය, අදටත් සෑහෙන්න ජනප්‍රියයි.

    8. රතුරෝස

    “චාපා” ඉඳපු රතු රෝස, ඒ කාලේ විකාශය වෙච්ච ජනප්‍රිය ආදර කතාවක්. අපේ කාලයේ සින්ඩරෙල්ලා කතාන්දරයක් මේකෙන් කියවුණා. හැබැයි මේ ටෙලිනලුවේ “චාමිං” කුමාරයා, පේන තරම් “චාමිං” නැහැ . කමල් අද්දරආරච්චි, වන්දනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වගේ නළු නිළියන් තමයි මේකේ රඟපෑවේ.

    තවත් විශේෂ දෙයක් මෙතැනදී මතක් කරන්න ඕනේ. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ රන්ජන් ද සිල්වා මහත්මයයි. රතු රෝස ටෙලි සිත්තමෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසා ම, රන්ජන් මහත්මයාගේ පසුකාලීන ටෙලිනාට්‍යවලත් පාවිච්චි වුණේ ඒකෙ තේමා සංගීතයමයි.

    9. ඇල්ල ළඟ වලව්ව

    ඇල්ලක් ළඟ තියෙන පුරාණ වලව්වක, උරුමක්කාරයන්ගේ දුක්මුසු ඉරණම කියවුණු “ඇල්ල ළඟ වලව්ව”, අපි පොඩි කාලේ බලපු තවත් අපූරු ටෙලිනළුවක්. වලව්වේ මුරකාරයාගේ දුවගේ අභිරහස් මරණයත් එක්ක බැඳුණු මේ කතාව, ත්‍රාසය, භීතිය, කුතුහලය අවුස්සමින් අපේ අවධානය දිනාගන්න සමත් වුණා. අයිරාංගනී සේරසිංහ, සිරිල් වික්‍රමගේ, ජැක්සන් ඇන්තනී වගේ ම, ඒ කාලේ ජනප්‍රිය ටෙලි තරුවක් වුණු අචලා අලස් මහත්මියත් මේකේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. හැබැයි ගොඩක් අය නොදන්න කතාවකුත් මේ ටෙලිනාට්‍යයේ තියෙනවා. ඒ මේක ඇත්තට ම ලාදුරු රෝගය ගැන දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් හදපු ටෙලිනලුවක් කියන එක.

    10. දූ දරුවෝ

    ඩල්සි නෝනා, සුදු සීයා, දීප්ති, ප්‍රියන්වදා, නන්දනී, පුන්සිරි, සුධර්මා වගේ චරිත අපි දන්නා අඳුනන චරිත බවට පත්වුණේ දූ දරුවෝ ටෙලිනාටකයෙන්. මේක පවුලක නිර්මාණය, විකාශනය වගේම විහිදීම හරිම ලස්සනට පෙන්නුම් කරපු කතාවක්. මෙගා රැල්ලේ ටෙලිනාටකවලට, මුල් පියවර ගැනෙන්න ඇත්තේ මේ ටෙලිනලුවෙන් බවයි අපේ නම් අදහස.

    11. සත්සර රංගන

    90 දශකයේ විකාශය වෙච්ච දීර්ඝත ම ටෙලිනාට්‍ය අතරින් පළමු තැනක් ගන්නේ සත්සර රංගන ටෙලිනළුව බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. හැබැයි දැන් තියෙන මෙගා ටෙලි රැල්ලේ වගේ අතාත්වික බවක් මේ කතා මාලාවේ තිබුණේ නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සු මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙන් මේකේ කතාංග නිර්මාණය වුණා. ගොඩක් වෙලාවට ඒ කාලේ තිබුණු ජනප්‍රිය ගීත දෙක තුනකුත් මේ කතාංගවලට අඩංගු වෙලා තිබුණු හැටි ඔයාලට මතක ඇති.

    12. රේඛා

    “නීල නුවන් යුග කවියක් විය ඔබගේ - පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස - සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී”

    ෂහ්! කොච්චර ලස්සන ගීතයක් ද? අපේ ටෙලිනාට්‍ය වංශකතාවේ පළමුවෙනි සංගීතමය ටෙලිනාට්‍ය විදියට මේ රේඛා ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. මේක බොහොම සරළ, ඒත් ලස්සන ප්‍රේම කතාවක්. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා සංගීත ගුරුවරයෙක් විදියටත්, දේවිකා මිහිරානි මහත්මිය නර්තන ශිල්පිනියක් විදියටත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායිකාවක් විදියටත් මේ ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ ගීතය විතරක් නෙවෙයි, රේඛා ටෙලිනාට්‍යයේ තිබුණු ‘වන සිව්පාවුන්’, ‘දැල් වූ පහන්’ වගේ ගීත අදටත් අපි අතර ගොඩක් ජනප්‍රියයි.

    13. සමුද්‍ර ඡායා

    මේකත් සංගීතයට බර ආදර කතාවක්. පිස්සුවෙන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරන, කොල්ලෙක්ගේ කතාව මේ ටෙලිනාට්‍යයෙන් දැකගන්න ලැබුණා. හැබැයි කෙල්ල හැදිලා තියෙන්නේ සෑහෙන්න නීතිරීති තියෙන ගෙදරක. ඉතින් අභියෝග ගාණකට මුහුණ දෙන්න මේ දෙන්නට ම සිද්ධ වෙනවා. කමල් අද්දරආරච්චි එක්ක, යශෝධා විමලධර්ම තමයි මේ ආදර කතාවේ ප්‍රධාන චරිත රඟපෑවේ.
    අපෙ කාලෙත් තිබුණා ඔය ගූ හින්දි මෙගා නාට්ටි .
    පොඩි වයසෙදි අපෙ ගෙවල් වල උන් බලන නිසා අපිත් බැලුවා.
    ඒත් අපිට ඒ කතා දැන් මතකත් නැහැ බන් .
    මොකද නාට්ටියක් දිනපතා බලද්දි මතකෙ රඳෙන්න තියෙන සම්භාවිතාව හරි අඩුයි .
    ඒත් සතියකට දවසක් බලාපු නාට්ටි ටික අදටත් මතකයි .

    අද වගෙම ගූ දෙවල් අපෙ කාලෙත් තිබ්බා.
    ඒත් අපිට අල්ටර්නෙටිව්ස් තිබ්බා තොරගන්න .
    දැන් අල්ටර්නෙටිව්ස් නැහැ ?
    සෙරොම එකම සාම්පල් එකෙ.
     
    • Like
    Reactions: caltonhp

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218

    shanthi from sirasa...
     
    • Like
    Reactions: caltonhp

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ගොඩක් සුපිරි කතා ගියෙ යක්කු ගස් නඟින වෙලාවෙ.
    හොඳම ටයිම් එකෙ යන්නෙ අර ගූ බොලඳ හින්දි නාට්ටි ටික.

    මට එම් ටී වී එකෙ යන ටීවී සීරියස් වලින් බලන්න සෙට් උනෙ හවුස් මෙඩිකල් ඩොක්ටර් විතරයි .
    සෙනසුරාදා ඉරිදා යන නිසා.
    සතියෙ දවස් 5 ම රන් දෙපැයකට අපෙ ගෙවල් වල උන් බැඳලා හිටියෙ

    එක්ස් ෆයිල්ස් කිව්වහම මතක් වුණෙ .
    රැ 10 වෙනක ඇහැරිලා ඉන්න එකම ගෙමක් ඒ කාලෙ
    ඉස්කොලෙ යන්න එපැයි පහුවෙනිදා .
    සමහරක් දවස් වලට අපි නිදි කිරා වැටිලා එපිය මිස් වෙනවා .
    සමහරක් දවස් වලට පු* ඉරාගෙන ඇහැරිලා ඉන්නවා
    ඔන්න එතකොටම දානවා "සුපුරුදු වැඩ සටහන ලබන සතියෙ විකාශය වේ " වගෙ සීන් එකක් .
    ටී වී එක කුඩු කරන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමා .

    ෆුල් ආතල් ඔව්වා නම් .
    එත් ඊටී වී එකෙ ආර්ට් එකෙ කොටු දැම්මෙ නැහැ .
    අම්බො ගෙදර අය එලියට ගිය දවසට ඊටීවී එක දාගෙනමයි ඉන්නෙ.
    අඩෝ සහතික ඇත්ත බං, "සුපුරුදු වැඩ සටහන ලබන සතියෙ විකාශය වේ ", මේක දැක්කම රුපවාහිනී එකේ ඉන්න උන් මරන්න තරං තරහක් ආව. :rofl: :rofl:
    Good Times...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ කාලේ මතක හිටින තව දෙයක්.

    කවුරු හරි රට යනවා කිව්වම සේනාවක් යනවා වාහනේක. දන්න කෙනෙක් ඉන්දියාවේ යනවා කිව්වමත් කරාබු නැටි ගෝනියක් අරං දුන්නා 😂. ඊට පස්සේ බස් එකක ගියා air port එකට.

    පත්තරේ සමහර වෙලාවට ඇඩ් දාල තිබුණා ‘රට යයි' කියලා.

    ඒ වගේම ඉස්සර ගමේ කෙනෙකුට call එකක් ගන්න ඕනනං ඉස්සෙල්ලා post office එකට කතා කරලා කියනවා අහවලාට අහවල් වෙලාවට ඇවිල්ල ඉන්න කියන්න කියලා. ඊට පස්සේ ගන්නවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ වගේම ඉස්සර ගමේ කෙනෙකුට call එකක් ගන්න ඕනනං ඉස්සෙල්ලා post office එකට කතා කරලා කියනවා අහවලාට අහවල් වෙලාවට ඇවිල්ල ඉන්න කියන්න කියලා. ඊට පස්සේ ගන්නවා.
    ehemath kalakida?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    ඒ කාලේ මතක හිටින තව දෙයක්.

    කවුරු හරි රට යනවා කිව්වම සේනාවක් යනවා වාහනේක. දන්න කෙනෙක් ඉන්දියාවේ යනවා කිව්වමත් කරාබු නැටි ගෝනියක් අරං දුන්නා 😂. ඊට පස්සේ බස් එකක ගියා air port එකට.

    පත්තරේ සමහර වෙලාවට ඇඩ් දාල තිබුණා ‘රට යයි' කියලා.

    ඒ වගේම ඉස්සර ගමේ කෙනෙකුට call එකක් ගන්න ඕනනං ඉස්සෙල්ලා post office එකට කතා කරලා කියනවා අහවලාට අහවල් වෙලාවට ඇවිල්ල ඉන්න කියන්න කියලා. ඊට පස්සේ ගන්නවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අඩේ බං 3.50 පාන් මටත් මතකයි බං. රු 5ට තිබ්බ පාන් ගෙඩිය 3.50ට දුන්නා චන්ද්‍රිකා ආපු ගමන්. අපි 5 වසරදෙ කෙහෙද එතකොට හිටියේ. අපේ ගෙවල් ළඟ මාමා කාරයගෙ කඩෙන් රු 10 කොලයක් අරගෙන ගිහින් පාන් ගෙඩි 3ක් ගේනවා සත 50 පස්සේ දෙන්නං කියලා. ඒත් වැඩි කල් 3.50ට පාන් දුන්නේ නෑ.

    දැන් කට්ටිය උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා, සරණ පූසා ව බැලුවට මොකද, ඕවා හරියට පහුගිය දවස්වල අවුරුද්දට පත්තු කරපු අහස් කූරු වගේ. සේරම ලස්සන කතාව තියෙනකන් විතරයි. ඉවර වෙලා මාසෙකට පස්සේ අහල බැලුවොත්, එකෙක්ට මතක නෑ එහෙම ටෙලිනාට්‍යයක් තිබුණද කියලවත්.

    80, 90 දශකවල අපි බලපු ටෙලිනාට්‍යවලයි, මේ මෙගා රැල්ලයි අතර වෙනස වෙන්නේ ඕක. ඒ ටෙලිනළු විකාශය අවසාන වෙලා අවුරුදු 30ක් විතර ගෙවිලා ගිහිල්ලා. ඒත් අදටත් මේවයේ කතාව, චරිත, තේමා ගීත, නළු නිළියන් අපි අතරේ තවමත් ජීවමානයි.

    අලුත් අවුරුද්ද මුල ම පරණ කතන්දර මතක් කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටෙලිනාට්‍ය ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ.

    එහෙනං, පොඩ්ඩක් ළමා කාලෙට ගිහින් එමුද?

    1. කන්දේ ගෙදර

    “ශ්‍රී ලංකාවේ එක් දිසාවකට, එක් පුරයකට, එක් දනව්වකට, එක් ගම්මානයකට සීමා නොවන කන්දේ ගෙදර ඇත්තෝ, අප හැමගේ ඥාති මිත්‍රයෝ ද වන්නාහුය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන කන්දේ ගෙදර බාල මහත්තයා මේ නිවසේ ප්‍රධානියා වෙයි. ගේ දොර, දේපොළ සහ දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හැසිරෙන ලොකු හාමිනේ, බාල මහත්තයාගේ දයාබර බිරිඳයි,...“

    මතකද මේ වචන පෙළ? “කන්දේ ගෙදර” කතාවේ පළමුවෙනි කතාංගය පටන්ගන්නේ මේ විදියට. මේ කතාවේ ඉඳපු බාල මහත්තයා, ලොකු හාමිනේ, සෙනරත්, මයුරා, කුමාරි, සුභාෂ්, සඳුන්, අල්මේදා, කාලගුනේ, චාමරී, රන්ජන් වගේ චරිතවලින් නිරූපණය වෙන්නේ එක පවුලක ට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි. අපේ සමාජයේ ඉන්න පුද්ගල චරිත බොහොමයක් මේවයින් දැකගන්න ලැබුණා. රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ, වීනා ජයකොඩි, ජයලත් මනෝරත්න වගේ නළු නිළියන් රැසක් මේකේ රඟපෑවා.

    2. අසල්වැසියෝ

    “අයි නෝ ද ලෝ පුතා”

    ගොඩ පෙරකදෝරුවෙක් වුණු “පෝල් මහත්තයා”ගේ කටින් නිතරම පිටවෙන කතාවක් තමයි මේක. රටේ නැති බොරු පුරාජේරුකම් කියෙව්වට, පුත්තු දෙන්නත් එක්ක කුලී කාමර ගානේ ජීවිතේ ගැටගහගන්න, ඔහු සෑහෙන දුකක් වින්දා. කුලී සල්ලිවලින් දූවරු තුන්දෙනෙක් ව නඩත්තු කරන “ජොසපින් නෝනා”ගේ ගෙදර කාමරයක් කුලියට ගන්න පෝල් මහත්තයට සිද්ධවෙන්නෙත් ඒකයි. අසල්වැසියන් බවට පත්වෙච්ච මේ පවුල් දෙකේ පලහිලව්ව අපි දැක්කේ “අසල්වැසියෝ” ටෙලිනාට්‍යයෙන්. සමාජයේ පැතිකඩක් එක්ක, හාස්‍යය හරි අපූරුවට එක්කාසු කරපු ටෙලිනළුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

    3. යශෝරාවය

    බලදේවගේ සරල බව, සූරතිස්සගේ අහිංසක බව, සුනිමල්ගේ සෙල්ලක්කාරකම, රංජනීගේ මුරණ්ඩුකම වගේම, මේ අතරේ දෝලනය වන සුදු හාමිනේගේත්ගේ , රංජනීගේ තාත්තාගේ අසරණකමත් ගැන කියවුණු "යශෝරාවය" හරිම අනර්ඝ නවකතාවක්. සෝමවීර සේනානායක මහත්මයා අතින් ලියවුණු මේ පොත, අපට ටෙලිනාට්‍යයක් විදියට ඒ දවස්වල දැකගන්න ලැබුණා ඔයාලට මතක ඇති. ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේ රංගනයෙන් මේ කතාව හැඩවුණා.

    4. වෙද හාමිනේ

    “සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා
    දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා”

    ගීතය ඇහෙද්දී ම ඔයාලට මතක් වෙනවා ඇති මේ ටෙලිනාට්‍යය මොකක්ද කියන වග. දරුණු රෝගයකින් පෙළෙන නාගරික පරිසරයක හැදුණු “ගුනේන්ද්‍ර” ත්, ඔහුව සුවපත් කරන “මංගලිකා”ත් වටා ගෙතුණු මේ ටෙලිනළුවේ නම “වෙද හාමිනේ”. ඕනේ ම දැවැන්ත චරිතයක් හරි ම ස්වභාවික විදියට රඟපාන්න කමල් අද්දරආරච්චි ට තියෙන හැකියාව, ගුනේන්ද්‍රගේ චරිතයෙන් අපට හොඳින් ම දැකගන්න පුළුවන් වුණා. නැසීගිය රෙබෙකා නිර්මලී මහත්මියගේ අපූරු රංගනය, වෙද හාමිනේ හෙවත් “මංගලිකා”ගේ චරිතය අපට හැමදාටම මතක තියෙන එකක් කළා.

    5. ඉටි පහන්

    “ඉටිපහන්” ටෙලිනාට්‍යය බිහිවුණේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ “ඉටිපහන්” නවකතාව පදනම් කරගෙනයි. ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේත්, ඉන්පස්සෙත් ජීවත්වෙච්ච ගම්බද ගැහැණියකගේ කතාව මේකෙන් දකින්න ලැබුණා. නන්දා මාලිනියන් මේකේ තේමා ගීය විදියට ගායනා කරපු “ඉටි පහනක්දෝ මා” ගීතය, අදටත් දුලීනාගේ අසරණ බැල්ම අපට මතක් කරලා දෙනවා.

    6. ගජමන් නෝනා

    මහා මැදුරක ඉපදුණත් බොහොම අවාසනාවන්ත අසරණියක් විදියට මිය යන්න සිදු වුණු ගජමන් නෝනාගේ ජීවිත කතාව අපි දැක්කේ “ගජමන් නෝනා” ටෙලිනාට්‍යයෙන්. වසන්ති චතුරානි, ජයලත් මනෝරත්න, රොජර් සෙනවිරත්න වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ ටෙලිනළුව හැඩ කළා.

    7. සුසීමා

    පිටරට අයට කොමික් බුක් වගේ තමයි ඒ කාලේ ලංකාවේ චිත්‍ර කතා ජනප්‍රිය වුණේ. “සුසීමා” කියන්නේ ජනක රත්නායක අතින් නිර්මාණය වුණු ඒ වගේ චිත්‍ර කතා අතරින් එකක්. ඉතින් ඒ ඇසුරෙන් බිහිවුණු සුසීමා ටෙලිනාට්‍යයෙන් විකාශය වෙද්දී, අපි සෑහෙන්න පුංචියි. මත්ද්‍රව්‍ය එක්ක ගැටෙන, සංගීතමය පසුබිමක් තියෙන තරුණ ජීවිත කීපයක් ගැන තමයි මේකේ කතාව තිබුණේ. මේ ටෙලිනාට්‍යයේ තිබුණු “දෑස පියා ගත් කල” ගීතය, අදටත් සෑහෙන්න ජනප්‍රියයි.

    8. රතුරෝස

    “චාපා” ඉඳපු රතු රෝස, ඒ කාලේ විකාශය වෙච්ච ජනප්‍රිය ආදර කතාවක්. අපේ කාලයේ සින්ඩරෙල්ලා කතාන්දරයක් මේකෙන් කියවුණා. හැබැයි මේ ටෙලිනලුවේ “චාමිං” කුමාරයා, පේන තරම් “චාමිං” නැහැ . කමල් අද්දරආරච්චි, වන්දනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වගේ නළු නිළියන් තමයි මේකේ රඟපෑවේ.

    තවත් විශේෂ දෙයක් මෙතැනදී මතක් කරන්න ඕනේ. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ රන්ජන් ද සිල්වා මහත්මයයි. රතු රෝස ටෙලි සිත්තමෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසා ම, රන්ජන් මහත්මයාගේ පසුකාලීන ටෙලිනාට්‍යවලත් පාවිච්චි වුණේ ඒකෙ තේමා සංගීතයමයි.

    9. ඇල්ල ළඟ වලව්ව

    ඇල්ලක් ළඟ තියෙන පුරාණ වලව්වක, උරුමක්කාරයන්ගේ දුක්මුසු ඉරණම කියවුණු “ඇල්ල ළඟ වලව්ව”, අපි පොඩි කාලේ බලපු තවත් අපූරු ටෙලිනළුවක්. වලව්වේ මුරකාරයාගේ දුවගේ අභිරහස් මරණයත් එක්ක බැඳුණු මේ කතාව, ත්‍රාසය, භීතිය, කුතුහලය අවුස්සමින් අපේ අවධානය දිනාගන්න සමත් වුණා. අයිරාංගනී සේරසිංහ, සිරිල් වික්‍රමගේ, ජැක්සන් ඇන්තනී වගේ ම, ඒ කාලේ ජනප්‍රිය ටෙලි තරුවක් වුණු අචලා අලස් මහත්මියත් මේකේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. හැබැයි ගොඩක් අය නොදන්න කතාවකුත් මේ ටෙලිනාට්‍යයේ තියෙනවා. ඒ මේක ඇත්තට ම ලාදුරු රෝගය ගැන දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් හදපු ටෙලිනලුවක් කියන එක.

    10. දූ දරුවෝ

    ඩල්සි නෝනා, සුදු සීයා, දීප්ති, ප්‍රියන්වදා, නන්දනී, පුන්සිරි, සුධර්මා වගේ චරිත අපි දන්නා අඳුනන චරිත බවට පත්වුණේ දූ දරුවෝ ටෙලිනාටකයෙන්. මේක පවුලක නිර්මාණය, විකාශනය වගේම විහිදීම හරිම ලස්සනට පෙන්නුම් කරපු කතාවක්. මෙගා රැල්ලේ ටෙලිනාටකවලට, මුල් පියවර ගැනෙන්න ඇත්තේ මේ ටෙලිනලුවෙන් බවයි අපේ නම් අදහස.

    11. සත්සර රංගන

    90 දශකයේ විකාශය වෙච්ච දීර්ඝත ම ටෙලිනාට්‍ය අතරින් පළමු තැනක් ගන්නේ සත්සර රංගන ටෙලිනළුව බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. හැබැයි දැන් තියෙන මෙගා ටෙලි රැල්ලේ වගේ අතාත්වික බවක් මේ කතා මාලාවේ තිබුණේ නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සු මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙන් මේකේ කතාංග නිර්මාණය වුණා. ගොඩක් වෙලාවට ඒ කාලේ තිබුණු ජනප්‍රිය ගීත දෙක තුනකුත් මේ කතාංගවලට අඩංගු වෙලා තිබුණු හැටි ඔයාලට මතක ඇති.

    12. රේඛා

    “නීල නුවන් යුග කවියක් විය ඔබගේ - පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස - සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී”

    ෂහ්! කොච්චර ලස්සන ගීතයක් ද? අපේ ටෙලිනාට්‍ය වංශකතාවේ පළමුවෙනි සංගීතමය ටෙලිනාට්‍ය විදියට මේ රේඛා ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. මේක බොහොම සරළ, ඒත් ලස්සන ප්‍රේම කතාවක්. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා සංගීත ගුරුවරයෙක් විදියටත්, දේවිකා මිහිරානි මහත්මිය නර්තන ශිල්පිනියක් විදියටත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායිකාවක් විදියටත් මේ ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ ගීතය විතරක් නෙවෙයි, රේඛා ටෙලිනාට්‍යයේ තිබුණු ‘වන සිව්පාවුන්’, ‘දැල් වූ පහන්’ වගේ ගීත අදටත් අපි අතර ගොඩක් ජනප්‍රියයි.

    13. සමුද්‍ර ඡායා

    මේකත් සංගීතයට බර ආදර කතාවක්. පිස්සුවෙන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරන, කොල්ලෙක්ගේ කතාව මේ ටෙලිනාට්‍යයෙන් දැකගන්න ලැබුණා. හැබැයි කෙල්ල හැදිලා තියෙන්නේ සෑහෙන්න නීතිරීති තියෙන ගෙදරක. ඉතින් අභියෝග ගාණකට මුහුණ දෙන්න මේ දෙන්නට ම සිද්ධ වෙනවා. කමල් අද්දරආරච්චි එක්ක, යශෝධා විමලධර්ම තමයි මේ ආදර කතාවේ ප්‍රධාන චරිත රඟපෑවේ.
    Dolos mahe api, andara wata, ingammaruwa, etc
    ------ Post added on Mar 15, 2021 at 5:33 PM
     
    • Like
    Reactions: War Fighter

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මට මේ ටික ලියන්න හිතුනේ අද පොඩි අය තාක්ෂණයත් එක්ක මුහු වෙලා ගොඩක් Robotsල වගේ නිසා...අපිටත් ඔය ටිකම කියන්න ඇති හැබැයි අපේ අත්තම්මලා Walkman අරන් ගේ වටේ දුවනකොට :-D

    90 දශකයේ ඉපදුනු අය හැම තාක්ෂණයම ටික ටික පොඩි කාලෙදිම අත්වින්දා...හැම තාක්ෂණයම කියල මම අදහස් කලේ අපට කලින් යුග වල තිබුන තාක්ෂණය සහ අපේ ගැමි සුවඳ ක‍ටුගෙදරට යන්න ඉස්සෙල්ලා අපි සජිවිව අත්වින්දා,ග්‍රැමෆොන් එකේ සිට වැර්ලස් රේඩියෝ එක දක්වාත් ඉට පස්සෙ ට්‍රන්ස්සිටර් රේඩියෝ එකටත් ඉටත් පස්සෙ එක පොඩ්ඩක් මොඩ් වෙලා ආපු ඩිජිටල් රේඩියෝ එකෙනුත් අපි පොඩි සන්දියේ සිංදු අහැව්වා.....චිත්‍රපටි VHS පටයෙනුත්,VCD තැටියෙනුත් DVD තැටියෙනුත් යන්තමට 16 - 17 විතර පස්සෙ Pen එක භාවිතා කරගනත් එ කාලයෙදිම ඩයලොග් සහ වෙනත් සැටලයිට් හරහත් බැලුවා,ඡායාරූප Reel භාවිතා කරගන වගේම ඩිජිටල් ක්‍රමයටත් අපි 18 පනින්න කලින් ගත්තා...Games උනත් Cartridge එකෙන් පටන් අරන් CD/DVD එකෙන් මැශින් එකට Install කරලා ගහනකන් ගියා.අපි පොඩි කාලේ කොලපතක් වත්තෙන් හොයාගන සෙල්ලම් කරලා Chopper බයිසිකලෙන් රවුමක් ගහලා,සෙල්ලම් ගෙවල් හදලා කිරි බතුත් ඉව්වා....මොකක් හරි තෙරෙන්නෙ නැත්තන් Microsoft Encarta එකෙන් බලන්න පටන් ගත්තු එක Yahoo දක්වා ගියා....සිංදු අහන්න උනත් ගොඩක් මාධ්‍ය යොදාගත්තා අපේ දශකයේ බිහි උනු උදවිය (තැටියේ සිට ඩිජිටල් මාධ්‍ය තෙක් 18 පනින්න කලින් සිංදු අහන්න භාවිතා කලා).සමාජ මාධ්‍යන් වන Facebook,MySpace,Skype,ElaKiri වැනි වෙබ් අඩවි කරලියට ආවෙත් අපි පොඩිහිටියෝ කාලේ,එ කියන්නෙ 18 කලින්....Funday Times වගේ පත්තර වලින් Pen Pals ලට අන්තිමට ලිව්වෙත් බොහෝ දුරට මේ දශකයේ බිහි උනු අය...Cell Phone උනත් මොටරෝලා ගඩොල් භාගයේ සිට නොකියා N73 වගේ වෙනකන් අපි 18 පනින්න කලින් භාවිතා කර හෝ දැකලා කරල තිබුනා...ලියුම් ලිව්වෙත්,ටෙලිග්‍රැම් ගෙදරට එනවා අන්තිමට දැක්කෙත් බොහෝ විට අපේ දශකයේ අය....එ විතරක් නෙමෙයි තෙල් සංථාවේ භූමිතෙල් කරත්තෙ,දර කරත්තෙ ,පිදුරු කරත්ත,පොල් අතු කරත්ත වගේ එවත් අපි තමයි බොහෝ විට දකින්න ඇත්තෙ අන්තිමට....සත සෙට් එකෙන් අන්තිමට භාවිතා උනේ සත 50 නේ,ඔකෙන් ගොඩක් වැඩ කලෙත් අපේ කාලයේ උපන් අය....ඉතින් වාහන ගැන කතා කරන්න ගියාමත් ඔහොමමයි.............

    එ වගේම ලයිට් එකාලේ නිතරම කපනවා,එක වෙනම සිද්ධියක්,මතකද එකාලේ Tv Times කියල අතිරෙකයක් එනවා....ටිකිරි පැදුර (හපන් පැදුර) පුංචි වීරයෝ,රස රිසි ගී වගේ වැඩසටහන් මතකද ? රොබින් හුඩ්,ටිං ටිං,සූර පප්පා අද ගියත් බලනවා..........එකාලේ තමයි ගමට ලයිට් කියල චුටි මල්ලියි පොඩි මල්ලියි Are and Mare කලේ සිරස FM එකේ,සිරසෙන් රියැලිටි වැඩසටහන් පටන් ගත්තෙත් අපි පාසැල් යන සංධියෙමයි.....එකාලේ ශෙහාන්ලාගේ ෆොටෝ ගහපු කොල සහ කැලැන්ඩර් විකුණන්න හිටන් තිබුන මතකද ? SL Cricket සූපිරියටම තිබුනෙත්,චොක්ලට් එක්ක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ඡායාරූප දුන්නෙත් එ යුගයේ...60-70 වේ දශකයේ ආපු ටාටා ටකරන් බස් වල පාසැල් අන්තිමට ගියෙත් ඔය 90වේ සෙට් එකම තමයි බොහෝ විට.එතකොට Floppy Disk අන්තිමට පාවිච්චි කලෙත් අපි

    LTTE එකේ සිද්ධි තමයි එ යුගය මූසල කලේ,වෙන නම් ඉතින් නරකක් කියන්න නැති තරම්...

    නුවර සෙට් එකට මතක ඇති ඉස්සර ධනසිරි එකනේ ටිකක් ප්‍රසිද්ධ ශොපින් කම්ප්ලෙක්ස් එකකට නුවර තිබුනේ,කැසට් සිඩි ගන්න නම් ඉතින් එකාලේ ටොරින්ටන් එකට හරි කොළඔ විදියේ හරි තමයි.දැන් එ එකක්වත් නැ....කම්පියුටර් නම් ඉතින් නුවර එදවස් වල PC House,තව Second Hand PC Machines වලට ප්‍රසිද්ධ එකක් තිබුනා නම මතක නැ,එකේ අයිතිකාරයා ඩෙංගු හැදිලා නැති උනා.

    මතක් වෙන දෙයක් තියනවා නම් දාන්න......
    ඒකාලේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල එකක් තිබ්බ මතකද .. මම ඉස්සෙල්ලම ඉන්ටෙර්නේට් ගියේ නුවර පුස්තකාලෙන් , ඉස්කොලවලත් නෙට් තිබ්බේ නෑ ඒකාලේ , ඊට පස්සේ කාඩ් ආව , පස්සේ කැම්පස් ගියාම හිටියෙම ඊ ෆැක් එකේ computer රූම් එකේ ලොල්
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    ඩිස්කවරි චැනල් එක මතකද ?
    රනිල්ගෙ ආණ්ඩුව කාලෙ L+ate night TV කියලා ගියා ඉංග්‍රිසි ෆිල්ම්ස් ගියෙ.
    ඩබල් කෑලි එහෙම තිබුණා.

    ඒ කාලෙ ඔව්වා තමා වැල උනෙ අපිට .
    ටෙලිසීන් ඇඩ් වල කෙල්ලො දිහා බලලා අත් මරපු වාර ගාණ අනන්තයි .
    ඊ ටී වී ,ආර්ට් ටී වී කියන්නෙ දේවාල අපිට .
    Ai tv eke kotu dhapuvata sudu redi dhala blanne,
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උබලට හිතෙන් නැද්ද මේ ගොඩක් දේවල් වලට හේතුව මිනිස්සු පැය 24ම කනෙක්ට් වෙලා ඉන්න නිසා කියලා?

    දැන් කිසිම දෙයක් spontaneously/naturally වෙන්නෑ. හෙම දෙයක්ම pre planned artificial bullshit. මිනිස්සු දැන දැන බොරු කරනවා. හරිම නීරසයි බං..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    උබලට හිතෙන් නැද්ද මේ ගොඩක් දේවල් වලට හේතුව මිනිස්සු පැය 24ම කනෙක්ට් වෙලා ඉන්න නිසා කියලා?

    දැන් කිසිම දෙයක් spontaneously/naturally වෙන්නෑ. හෙම දෙයක්ම pre planned artificial bullshit. මිනිස්සු දැන දැන බොරු කරනවා. හරිම නීරසයි බං..
    Okkoma automation scene, Millenial crap, me okkoma loku loku corporations walata hamaba karaganna hadapu magadi.. tika kalayak field eke idfi owa nikanma therenawa.. ethakota life eken bagayakma ivarai..
     
    • Like
    Reactions: Nucleardeath