99 n beruna....

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ සෑහෙන්න කාලෙකට පස්සෙ බයික් එකෙන් පොඩි ට්‍රිපක් ගියා 200Km වගේ. යනකොට ගියා නෝමල් එකේ. එද්දි දෙකක් 3ක් දාගත්ත. මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන් එද්දී කොච්චර ස්ලෝ යනව කියල හිතා ගත්තත් ස්පීඩ් එවුන. ස්ලෝ යැවෙන්නෙම නෑ 80 පනිනවමයි. ටිකක් මහන්සියෙන් හිටියේ අත් දෙයක් පුකයි පට්ට විදියිට රිදුන ඒ නිසාද මන්ද. :rolleyes:

    මම මචං ඊයෙ මැරෙන්න ගියා 7 සැරයක්.

    1 කෙලගෙන එනකොට තඩි වලක් තිබ්බ බ්‍රේක් ගහන්න වෙලාවක් තිබ්බෙ නෑ හිත හදාගත්ත දඩාන් ගාල වැටුන හැඩල් එක හාට මෙහාට 2ක් කැපුන කොහොම හරි වෙලාවට නොවැටි බේරුනා. බයික් එක සයිඩ් එකට අරන් බැලුවම නම්බර් බ්ලේට් වැදිල මඩ් ගාඩ් එකේ ඒක පොඩ්ඩක් හීරිලා.

    2 ඔහොම එනකොට audi a4 එකක් පස්සේ ආවේ. මූ කෙලන් ගියා මාත් ඇරිය ඌ අල්ලන්න. මූ එකපාරම බ්‍රේක් කරා ඉස්සර ට්‍රැෆික් එක නිසා මමත් බ්‍රේක් කරා නවතින පාටක් නෑ. නෑග්ග බ්‍රේක් එක උඩ අඩෝ ගානට මිම්මට ගනන් හදල බ්‍රේක් කරා වගේ. ලාවට තොත්තුවක් උන්න කාර් එකට ඌ දැනුනෙවත් නෑ. :love:

    3 ඔහොම එනකොට පල්සර් කාරයෙක් සෙට් උනා රේස් එකට වගේ. දෙන්න සැරෙන් සැරේට ඉස්සර වෙවී පැද්ද. මම බෙන්ඩ් එකකදි ඌට අරිය. පුලුවන් තරම් ඌට ලීඩ් එකක් දෙන්න ඕන නිසා මම ඇරයි 95ට විතර. සැලකිය යුතු දුරක් ගියා හැබැයි. ඒත් බන් එක බෙන්ඩ් එකක් හිතුව වගේ යනන් බැරි උනා. නැව්ව නැව්ව නැමුන්නෑ. කරන්න දෙයක් නැති නිසා බයික් එක කෙලින් කරන් කෙලින්ම පාරට පහල තියෙන ගෙදරකට ගියා. වෙලාවට ගේට්ටුව ඇරල තිබ්බේ. ගේට්ටුවත් පහු කරන් උන්ගේ මිදුලටම ගිහින් නැවතුනේ. කවුරුවත් එලියට බහින්න කලින් හරවන් ආව. :baffled:

    4 ඔහොම එනකොට පාර කෙලින් තිබ්බ නිසා දන්නෙම නැතුව ආයෙ ඉබේ ඇරුන 90ට විතර jcb හුයන්නක් ඉස්සරහට එන නිසා මම දකුනෙන් ඕවර්ටේක් එකක් ගත්ත. කැරියෙක් ගෑනියෙකුත් තියන් එක සැරේටම දකුනට කැපුව බයික් එක. ආයි නැග්ග බ්‍රෙක් උඩ. අඩෝ ඇදිල ගියා මීටර් 10ක් විතර වීල් ලොක් වෙලා. වැදී නොවැදී බේරුනේ අනූනවයෙන්. ඌ කුනුහරුප වපුරන්න ගන්නොකොටම මම ආයෙ විද්ද. ටික දුරක් ගිහින් බයික් එක නවත්තල බැලුව ටයර් දෙකේම මිලිමීටර් 3ක් 4ක් ලෙලි ගිහින්. :angry:

    5 ඔහොම ඇරල එද්දී හෝල්ට් එකක නවත්වල තිබ්බ බස්ස එකක් එකපාරටම දැම්ම මම හෝන් එක අල්ලගෙනම හිටිය එක දිගටම මොකද වෙන කරන්න දේකුත් නෑ අනිත් ලේන් එකෙත් වාහන එනව. මට අඩි 2ක් වගේ තිබ්බේ රිංගල යන්න. වෙලාට බස් කාරය වමට ටිකක් කැපුව. නැත්නම් බස් එකේ සයිඩ් එකක වදින්න තිබ්බ.

    6 දැන් දුර ගෙවල මගේ හෝම් ටවුන් එකට එන ගමන් ටවුමෙදි ඒත් බස් එකකට පිටිපස්සෙන් ආව වෙලාට වම් පැත්තෙ සයිඩ් එකෙන් ආව කැරිය කහ ඉරක් ගාවදි ගැහුව බ්‍රෙක් මට බ්‍රෙක් ඇල්ලුවට නවතින පාටක් නැති නිසා සිං ගාල වමට කපල ගත්ත. එතනත් මිලිමීටර් ගානකින් බේරුනේ පොඩ්ඩක් එහාට මෙහාට උනානම් බයික් එකට ඩැමේජ් වෙන්න තිබ්බ.

    7 දැන් ඉන්න බෑ පුක රබර් වෙලා තව පොඩ්ඩයි ගෙදරට වැහලත් තිබ්බ. දන්න පාර නිසා ජීවිතේට ගියපු නැති ස්පීඩ් එකකින් ගියා 115ට විතර. බල්ලෙක් හිටිය පාර අයිනේ අහක බලන් බය හිතුන පාරට පනියි කියල මම හෝන් කරා මූ අයිනට වෙනව වෙනුවට මැදට පැන්න කියපන්කෝ. ඇග සීතල උනා බ්‍රෙක් ගහගන්නත් බැරි උනා මම හැඩල් එක හෙන තදට අල්ලගත්ත බයික් එක උගේ අග උඩින් ගියා කියපන්කෝ. :angry: අම්ම පල්ල බන්. හිතා ගන්න බෑ නොවැටී බේරුනේ කොහොමද කියල. ඒත් මගේ දකුනු අතේ මැනික් කටුව කෙටුන. තාම රිදෙනව.

    කොහොම හරි ගෙදර ආව.

    තාම හිතා ගන්න බෑ බන් ඒදා ඇයි මගේ වෙලාව පට්ට චා වෙලත් පට්ට වාසනාවන්ත උනේ කොහොමද කියල.

    එක දෙයක් උනාම ස්ලෝ යනව කියල හිතාගත්තට හරි ගියේ නෑ. අඩෝ තාම මට හිතාගන්න බෑ බන් මම කොහොමද නොමැරි බේරුනේ කියල :baffled: හිතා ගන්න බැරි විදියට හැම දේකින්ම බේරුනේ. :confused:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    මචන් කවදාවත් බීලා වාහන එලවන්න එපා මචන්. මැරෙනවා අනිවා.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචන් කවදාවත් බීලා වාහන එලවන්න එපා මචන්. මැරෙනවා අනිවා.

    ඔව් බන් මට තාම හිතා ගන්න බෑ හෝන්දු මාන්දු වගේ. ඔහොම කරල නෑ මම ජීවිතේට. එදා මොනා උනාද මන්ද. :oo:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    dura gaman hemin yanna athdakeemen kiyanne :D

    යද්දි නෝමල් ගියා බන්. එද්දි මහන්සියි. කොන්දයි, පුකයි අත් දෙයක් රිදෙන නිසාද මන්ද ස්පීඩ් යැවුනෙ. හෙන නොඉවසිල්ලෙන් ආවෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mamat bila gihin 25k dila awa lassanata....

    oya incident 7n 2k weddiwat ubata hitune nadda himin enna .

    mama car ekaka wadila car eke ekata saddayak dala uwat aran gedara eddi wanguwe lissuwa u kiyanawa budu malli himin yan man bahala payn ennam kiyala....

    aye nam e wade karannema na... bila kisima deyak allanne na hire ekata aran yanawa.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mamat bila gihin 25k dila awa lassanata....

    oya incident 7n 2k weddiwat ubata hitune nadda himin enna .

    mama car ekaka wadila car eke ekata saddayak dala uwat aran gedara eddi wanguwe lissuwa u kiyanawa budu malli himin yan man bahala payn ennam kiyala....

    aye nam e wade karannema na... bila kisima deyak allanne na hire ekata aran yanawa.

    මාත් තාමත් ශොක් වෙලා බන් ඉන්නේ දැන් බයික් එක අල්ලන්නත් හිතෙන්නෑ.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    68343485_3044347768925730_2795188957032218624_n.jpg
     

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    එක පාරක් බේරුනහම එකෙන් පාඩමක් ඉගෙන ගනින්
    උබ වැරදි කරලා උබ දුක් වින්දට කමක් නැ,.
    පාරේ යන අනිත් උන්ට පව් නොදී..

    උබට උබේ ජිවිතේ වටින් නැතුව ඇති
    අනිත් උන්ට උන්ගේ ජිවිත වටිනවා ..

    උබට උබේ ජිවිතේ වටින් නැති වුනාට
    උබ වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ඉන්නවා
    උබට උන් ගැන කැක්කුමක් නැති වුනාට
    උන්ට උබ ගැන ගැන කැක්කුමක් තියනවා

    මේ ටික ඔලුවේ තියාගෙන ඊලග දවසේ පාරේ බැහැල පලයන්
    නැත්තම් මකබෑවිලා පලයන්..:angry::angry:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    bike ekak hari wahanayak hari drive karanakota mahansi nag poddak tea thiyana kadeka nawattala monawa hari kala tea ekak beepan. 15 min withara katha kara kara enna. mahansi yanawa. tea ekata tikak seeni wadiyen dala denna kiyanna. anik monissun ge wahana jeewitha. thamange jeewithe risk karanna epaa
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යද්දි නෝමල් ගියා බන්. එද්දි මහන්සියි. කොන්දයි, පුකයි අත් දෙයක් රිදෙන නිසාද මන්ද ස්පීඩ් යැවුනෙ. හෙන නොඉවසිල්ලෙන් ආවෙ.

    anna ekai ehema hoda nah mchn rest kara kara waren inna bh pukawal :sorry: