මේකත් නං අපේ ගෙදර තවමත් තියෙනවා

උඹල හදල තියෙනවද තව ලී දෙකක් හරහට T අකුරේ හැඩේට ඇනයක් ගහල තියල රබර් පැටියක් ඒ T අකුරේ දෙපැත්තේ ඇන දෙකක රඳවලා වයර් කෑලි දෙකට නමල ඒ රබර් පටියට තියල ඇදල අරං T අකුරේ යට ලීය කෙලවරට තියල හිරකරන්න ගැජට් එකක් හයි කරගෙන ක්රොස් බෝ (cross bow) එක වගේ හදල විදින එකක්? අම්මෝ එකෙන් කෑවම නං රතු වෙනවා තරු විසික් වෙනවා.
මේ සේරම දැක්කම මතක් වෙනවා බං හෙන පරණම අතීතයක්. දැන් ඉන්න මං ඒ කාලේ හිටියෙත් මමමද යකෝ කියල හිතෙනව එතකොට
තව මතකයි ZLon බට කෑල්ලක් (වයරින් කරන්න ගන්න) කපල අරං ඉරටු කෑල්ලකට ඉඳි කට්ටක් කෙලවරට බස්සල නූලකින් ගැට ගහල ඒ ඉරට්ටේ අනික් කෙලවරට සිගරට් ෆිල්ටර් හරි පුළුන් කෑල්ලක් හරි තියල ගැට ගහල අර කොංගෝ කැලේ ඉන්න වැද්දෝ වගේ පිඹින (poison dart) එකක් හදනවා? එකෙන් පිම්බම පොල් ගහක් එකහමාරක් විතර උඩට විදිනවා. ඇඟට වැදුනොත් නං බහින්න වදිනවා. පොල් ගස් වලට එහෙම පිඹ පිඹ හිටිය. අපේ ගෙදර නං ඉතින් වැඩිය ඔය සෙල්ලං කලේ නැහැ, ආච්චිලගේ ගෙවල් පැත්තේ ගියපුවහම තමා ඔය ෆන් ගත්තේ.
මම හිතන්නෙ වසර 1990 දී වගේ ඉපදිච්ච එවුං තමයි අන්තිම සෙට් එක ඔය ෆන් ගත්ත. එතනින් එහාට ඔව්ව ඉවරයි.