__දුම්නොබොන්න__හිත__හදාගමු!__
ජීවිතය තියෙන්නෙ විඳින්න මිස විඳවන්න නොවෙයි. වැරදි ආකල්ප, වැරදි විශ්වාස, වැරදි පුරුදු, වැරදි ආචාර ධර්ම අපේ ජීවිතය විඳවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. විසිවන සියවසේ සිටි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන “බර්ට්‍රම් රසල්" ඔහුගේ “සතුට ජයග්‍රහණය කිරීම" නම් පොතේ (Conquest Of Happiness) එක් තැනක මෙහෙම තියනවා. බොහෝ සතුන් සමහර විට මිනිසාට වඩා සතුටින් ජීවත් වන බවත් පෙනෙන්න තිබෙන්නේ මෙම සතුන් වැරදි ආකල්ප, විශ්වාස සහ හැසිරීම්වලින් තොරවීම නිසයි. අපේ ජීවිතය අවුල් කරන ලෙඩකරන මේ හැසිරීම්, පුරුදු මොනවාදැයි බලමු. මත්පැන් අවභාවිතය, දුම්කොළ හුණු සමඟ බුලත් කෑම. තමාගේ ශරීරයට සහ මනසට අවශ්‍ය ව්‍යායාම ලබානොගැනීම ඊර්ෂියාව සහ කුහකකම්වලින් මනස පිරීම, නිතරම අනුන්ගේ වැරදි සොයමින් සිටීම සහ දුම්බීම.
එක මත්ද්‍රව්‍යයක් ලෙස දුම්පානය ගතහොත් මේ තරම් මනසට හා ශරීරයට හානිකරන කිසිම අබ්බැහියක් නැති තරම්ය. එක වර්ෂයකට දුම්පානය නිසා මිලියන 7ක් පමණ මිනිස්සු මිය යති. මින් ලක්ෂ 6ක් පමණ මිය යන්නේ කෙළින්ම දුම්බීම නිසා නොව අනිත් අයගේ දුම්බීමට ගොදුරු වීම නිසාය. දුම්පානය කරන අයගෙන් 80%ක්ම ජීවත් වන්නේ අඩු ආදායම් සහිත සහ දුප්පත් රටවලය.
ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 15ක් පමණ ජනතාව දුම්බොන අතර මොවුන් දවසකට සිගරට් මිලියන 11ක් පමණ බීමට ගනී. ශ්‍රී ලංකා ජනගහනයෙන් අවු. 15ට වැඩි පිරිසෙන් 15%ක් පමණ දුම්බොන බව සොයාගෙන ඇත. අපේ රටේ දුම්බීම නිසා වර්ෂයකට විසිදහසක් පමණ මිය යන අතර දිනකට 57 දෙනෙක් මිය යති. මින් වැඩිදෙනා මිය යන්නේ හෘදයාබාධවලිනි. මින් ඉතාමත් අවාසනාවන්ත දෙය නම් දුම්බොන අයගේ ග්‍රහණයට හසුවීමයි. මේ නිසා මියයන සංඛ්‍යාව ලෝකය තුළ වර්ෂයකට ලක්ෂ 6කි. මින් 40%ක්ම දරැවන්ය. 35%ක් කාන්තාවන්ය. 33%ක් දුම්නොබොන පිරිමින්ය. මින් 60%ක් මියයන්නේ හෘදයාබාධවලිනි. 30%ක් මිය යන්නේ ස්වාසනාලය ආශ්‍රිත ආබාධවලිනි. ශ්‍රී ලංකාව තුළ ද මෙය ළමයින්ට හා කාන්නතාවන්ට ප්‍රබල තර්ජනයකි.
දුම්බොන කෙනෙකුට එය ක්ෂණිකව නැවැත්වීමට අපහසු ඇයි?
මීට හේතුව මෙහි ඇති “නිකොටීන්" (Nicotine) නැමති රසායන ද්‍රව්‍යයේ ඇති ඇබ්බැහි වීමේ ස්වාභාවයයි. සමහරු කියනවා දුම්බීම නැවැත්වීම හරියට හොඳම යහළුවෙකුගෙන් වෙන්වීම වගේ කියලා. ඔබ අද දුම්වැටිය නැවැත්තුවොත් ඔබට දැනෙන අපහසුව දවස් දෙක තුනක් තිබේවී. වැඩිම උණොත් සති කිහිපයක් තියේවී. බලමු මේ අපහසුතා මොනවද කියලා.
දුම්බීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වන්නේ කෙසේද?
සිගරට් ගත්විට එහි අහිතකර රසායන ද්‍රව්‍ය හතලිස් එක්දහස් පමණ ඇති බව සොයාගෙන තිබේ. මෙම රසායන ද්‍රව්‍යවලින් ඇසිටෝන් (Acetone), ආසනික් (Arsenic) සහ කාබන් මොනොක්සයිඩ් (Carbon Monoxide) මඟින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන බව තහවුරැ වී තිබෙනවා. මෙහිදී ශීෂ්ණයේ ඇති ධමනිවලට හානි වී ඒවායේ රුධිර නාල කැඩී බිඳී ගොස් රුධිර සැපයුම අඩාල වේ. එවිට ශීෂ්ණය ප්‍රාණවත් වීම සහ ප්‍රාණවත් වූ ශීෂ්ණය පවත්වාගෙන යාමට අපහසු වේ. දවසකට සිගරට් විස්සකට වඩා බොන අයගෙන් 60%ක් පමණ මෙසේ ලිංගික බෙලහීනතාවයට පත්විය හැකිබව සමීක්ෂණවලින් තහවුරැ වී ඇත.
දුම්බීමෙන් ගැලවිය හැකිද?
පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට දුම්බීමෙන් ගැලවිය හැකිබව විශේෂඥ ගේ මතයයි.
දුම්බීම නැවැත්වීමෙන් පසු ඔබට නැති වී ගිය ලිංගික ප්‍රාණවත් බව නැවත ලබාගැනීමට හැකි වේ. මෙයට යම් කාලයක් ගතවිය හැකිය. මෙම කාලය තීරණය වනුයේ ඔබ ගොදුරු වී තිබෙන අනෙකුත් රෝගී තත්ත්වයන් ද සමඟය. Ex. ඔබ දියවැඩියා රෝගියෙක් නම් මෙහිදී දියවැඩියාව නිසි ලෙස පාලනය කරගත යුතුය. ඔබ මානසික අවපීඩනයෙන් පෙළේ නම් මෙම අවපීඩන තත්ත්වය නිසි ලෙස ප්‍රතිකාර ගෙන සුවකර ගත යුතුය.
දුම්බීම නිසා පිළිකා ඇතිවන්නේ කෙසේද?
දුම්බීම නැවැත්වීමෙන් විශාල පිළිකා සංඛ්‍යාවක් වළක්වා ගත හැකිය. පෙනහළුවල ඇතිවන පිළිකා වර්ග 10කින් 7ක්ම ඇති වන්නේ දුම් බීමෙනුයි. දුම්බීමෙන් තවත් පිළිකා වර්ග 14ක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. මුඛය, උගුර, ස්වාසනාලය, අන්නස්‍රෝතය, අක්මාව, අග්න්‍යාසය, උදරය, වකුගඩු, කුඩා බඩවැල්, ඩිම්බ කෝෂය, මුත්‍රාශය මෙන්ම පියයුරු පිළිකා ආදියට ගොදුරැ වීමට ඇති හැකියාව දුම්බීම සමඟ වැඩිවේ.
දුම්බීම යනු මිදීමට හැකි ඇබ්බැහියකි. අවශ්‍ය ඔබ එය සඳහා උනන්දු වෙමින් ඉදිරිපත් වීමය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

- ඇඟට දැනෙන මහන්සිය හා හිසේ කැක්කුම.
- නොසන්සුන්කම හා තරහ යාම.
- කෑම රුචිය වැඩි වීම.
- බඩ වේලීම හා බඩ පුරවා දැමීම.
- කැස්ස, උගුරකට වේලීම.
- පපුව තද වීම.
- නිදාගැනීමට අපහසු වීම හා නරක සිහින පෙනීම.
- කලකිරීම සහ එපාවීම.
දුම්බීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වන්නේ කෙසේද?
සිගරට් ගත්විට එහි අහිතකර රසායන ද්‍රව්‍ය හතලිස් එක්දහස් පමණ ඇති බව සොයාගෙන තිබේ. මෙම රසායන ද්‍රව්‍යවලින් ඇසිටෝන් (Acetone), ආසනික් (Arsenic) සහ කාබන් මොනොක්සයිඩ් (Carbon Monoxide) මඟින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන බව තහවුරැ වී තිබෙනවා. මෙහිදී ශීෂ්ණයේ ඇති ධමනිවලට හානි වී ඒවායේ රුධිර නාල කැඩී බිඳී ගොස් රුධිර සැපයුම අඩාල වේ. එවිට ශීෂ්ණය ප්‍රාණවත් වීම සහ ප්‍රාණවත් වූ ශීෂ්ණය පවත්වාගෙන යාමට අපහසු වේ. දවසකට සිගරට් විස්සකට වඩා බොන අයගෙන් 60%ක් පමණ මෙසේ ලිංගික බෙලහීනතාවයට පත්විය හැකිබව සමීක්ෂණවලින් තහවුරැ වී ඇත.
දුම්බීමෙන් ගැලවිය හැකිද?
පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට දුම්බීමෙන් ගැලවිය හැකිබව විශේෂඥ ගේ මතයයි.
- මනෝවෛද්‍යවරයකු සමඟ ඔබ දුම්බොන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්න. ඔහු සමහරවිට ඔබේ අවශ්‍යතාවය අනුව දුම්බීමට ඇති ආශාව අඩු කිරීමට විශේෂ ඖෂධ ලබාදීමට පුළුවන. ඒවාට බියනොවී උපදෙස් මත එම ඖෂධ ලබාගන්න.
- සති දෙකක් ඇතුළත ඔබ හරියට දුම්වැටිය නවත්වන දිනය කැලැන්ඩරයක ලකුණු කරන්න.
- ඔබේ යහළුවන්ට මිතුරන්ට පවුලේ අයට මේ බව දැනුම් දෙන්න. සතුටින් ඒ ගැන සාකච්ඡා කරන්න. දුම්වැටිය නැවැත්වීමෙන් ඔබට අත්වන වාසි ගැනද සාකච්ඡා කරන්න.
- දුම්බීම මතක් කරන නිදසුන් ඔබගේ පරිසරයෙන් ඈත් කරන්න. Ex. සිගරට් පෙට්ටිය, ලයිටරය, ඇස්ට්‍රේ එක දුම්බොන පින්තූර.
- දුම්බීම නැවැත්වීමට ඔබ තීරණය කරන ලද්දේ ඇයි දැයි නිසි ලෙස සොයාගන්න.
- නැවත මනෝවෛද්‍යවරයා හමුවී ඔබගේ සාර්ථකත්වය පිළිබඳ සාකච්ඡා කරන්න. ඔබට දැනටමත් ලබාදී ඇති විශේෂ ඖෂධ තව යම් කාලයක් ගතයුතු බව ඔබට ඔහු තහවුරු කරාවි.
දුම්බීම නැවැත්වීමෙන් පසු ඔබට නැති වී ගිය ලිංගික ප්‍රාණවත් බව නැවත ලබාගැනීමට හැකි වේ. මෙයට යම් කාලයක් ගතවිය හැකිය. මෙම කාලය තීරණය වනුයේ ඔබ ගොදුරු වී තිබෙන අනෙකුත් රෝගී තත්ත්වයන් ද සමඟය. Ex. ඔබ දියවැඩියා රෝගියෙක් නම් මෙහිදී දියවැඩියාව නිසි ලෙස පාලනය කරගත යුතුය. ඔබ මානසික අවපීඩනයෙන් පෙළේ නම් මෙම අවපීඩන තත්ත්වය නිසි ලෙස ප්‍රතිකාර ගෙන සුවකර ගත යුතුය.
දුම්බීම නිසා පිළිකා ඇතිවන්නේ කෙසේද?
දුම්බීම නැවැත්වීමෙන් විශාල පිළිකා සංඛ්‍යාවක් වළක්වා ගත හැකිය. පෙනහළුවල ඇතිවන පිළිකා වර්ග 10කින් 7ක්ම ඇති වන්නේ දුම් බීමෙනුයි. දුම්බීමෙන් තවත් පිළිකා වර්ග 14ක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. මුඛය, උගුර, ස්වාසනාලය, අන්නස්‍රෝතය, අක්මාව, අග්න්‍යාසය, උදරය, වකුගඩු, කුඩා බඩවැල්, ඩිම්බ කෝෂය, මුත්‍රාශය මෙන්ම පියයුරු පිළිකා ආදියට ගොදුරැ වීමට ඇති හැකියාව දුම්බීම සමඟ වැඩිවේ.
දුම්බීම යනු මිදීමට හැකි ඇබ්බැහියකි. අවශ්‍ය ඔබ එය සඳහා උනන්දු වෙමින් ඉදිරිපත් වීමය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

පාරේ එහෙම නං දකින්නම නැති තරං 