A/C Outdoor Unit එක තෙමෙනවා

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මේ දවස්වල රස්නෙ නිසා ගත්තා 13,000 BTU Panasonic Inverter AC එකක්. :D

    පොඩි අවුලකට තියෙන්නේ මේකේ Outdoor unit එක වැස්සට තෙමෙනවා. තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ කාමරේකට තමයි A/C එක හයිකරලා තියෙන්නේ.. එතන ඉදන් ඩක්ට් ටේප් ගහලා එලිය දිගේ තමයි copper pipe එහෙම පහලට අරගෙන ඇවිත් තියෙන්නේ.

    ඔය පොටෝ එකේ තියෙන්නෙ බිම ඉදන් බැලුවම පේන විදිහ. වහල තියෙන්නෙ outdoor unit එකට වඩා පට්ට උසකින්, ඒ නිසා unit එක වහලෙන් ආරක්ශා වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් එන හිරි පොදයි, තද වැස්සයි ඔක්කොටෝම මේක තෙමෙනවා. :no:

    මෙහෙම තිබුනොත් මේක ඉක්මනටම සවුත්තු වේවිද? හයි කරන්න ආපු උන් නම් කිව්වේ එහෙම අවුලක් වෙන්නෙ නෑ කියලා.. ඒත් මළකඩ කාවි කියලා හිතෙනවා වොරන්ටි අවුරුදු 5 ඉවරවෙනකොට.. ආයෙ උන්ට එන්න කියලා outdoor unit එකේ තැන වෙනස් කරගන්නද? නැත්නම් මේ විදිහටම තිබුනට ප්‍රශ්නයක් වෙන එකක් නෑ ද?:confused:

    තෑන්ක්ස් වේවා!

    PS: ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නෙමෙයි, ඒ නිසා කොරෝශන් එකක් නෑ.. වැස්සට තෙමෙන එක විතරයි තියන එකම අවුල..



    IMG_20210106_124934.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    ඕක උඹේ හිතට තමයි අව්ල් :P

    ප්‍රශ්නයක් නෑ බං තෙමුනට මොකුත් වෙන්නේ නෑ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ එකත් ඔය ගානෙ වහලක් එක්ක තමයි තියෙන්නෙ දැන් අවුරුදු 2කට වැඩියි අවුලක් වුණේ නෑ ;) :)