A Gay Girl In Damascus- සයිබර් විප්ලව වල ඇත්ත කතාව
A Gay Girl In Damascus කියන්නෙ Amina Arraf කියලා සිරියාවේ සමලිංගික කෙල්ලෙක් සිරියාවෙ විරෝධතා ව්‍යාපාර ඇති වෙච්ච මුල් කාලෙදි පවත්වාගෙන ගිය බ්ලොග් එකක්. මේ බ්ලොග් එකේ තිබුනේ සිරියාවේ ඒ වෙනකොට පැවතුනු විප්ලවය ආශ්‍රිත සිදුවීම් ගැන.බෂර් අල් අසාත්ගේ කෲර පාලනය, ඔහුට එරෙහිව ඇති වෙච්ච විරෝධතා ව්‍යාපාරය වගේ දේවල් ගැන. එහෙම තමයි හැමෝම හිතාගෙන හිටියේ, පට්ට ආතල් එක එන්නේ Amina Arraf කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙන බව එලි වෙන්න ගත්තහම. Amina කියන්නේ Tom MacMaster කියන ඇමරිකන් ජාතිකයා හදපු Fictional character එකක්
මේ බ්ලොග් එක නැගලා යන්න පටන් ගන්නේ මේ බ්ලොග් එකේ පල වෙච්ච "My Father,My hero" කියන පෝස්ට් එකෙන් පස්සේ. මේ පෝස් එකේ තිබුනේ බෂර් අල් අසාත් ගේ හමුදාවේ දෙන්නෙක් Amina ව අතඩංගුවට ගන්න පැමිණුනු අවස්ථාවේදී Aminaගේ තාත්තා ඔවුන්ව නවත්වපු හැටි. මේ පෝස්ට් එකෙන් පස්සේ ලෝකෙම මධ්‍ය අවධානයට මේ බ්ලොග් එක පත් වෙනවා. මේ කාලේ සිරියවේ බෂර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව පැවතුනු විරෝදතාත් සමග මේ සිරියාවේ ඩමස්කස් නගරෙයේ ජීවත් වුනු සමලිංගික තරුණිය ගැන හැමෝම හොයන්න ගන්නවා.
මේ කතන්දරේ හොඳම හරිය පටන් ගන්නේ Amina ව සිරියාවේ හමුදාවෙන් කිඩ් නැප් කලා කියලා පෝස්ට් එකක් අමීනා ගේ cousin කෙනෙක් කියලා කියා ගත්තු Rania Ismail කියලා කෙනෙක් පල කලාට පස්සේ. මේක ආරංචි වෙච්ච සෝශල් මීඩියා community එක අමීනා ව නිදහස් කර ගන්න facebook එකෙන් හා twitter එකෙන් free amina කැම්පේන් දියත් කරන්න පටන් ගන්නවා.අමීනා එක රැයකින් සිරියානු විප්ලවයේ වීරවරියක් බවට පත් වෙනවා.
අමීනා ව නිදහස් කර ගන්න ලෝකෙම social media හා ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන වැඩකරගෙන යනකොට තමයි මේකෙ රෙදි ගැලවෙන්න පටන් ගන්නෙ. අමීනාව නිදහස් කරගන්න කියල අමීනා ගෙ පවුලේ කවුරු හරි සම්බන්ධ කර ගන්න හැදුවහම අමීනා කියලා කෙනෙක් ඒ කියපු තැන නෑ කියලා දැන ගන්න ලැබෙනවා. අමීනා ගේ facebook එකේ තිබුනු ෆොටෝ ඇත්තටම සිරියාවෙ ජීවත් වුනු අමිනාගෙ නෙමෙයි එංගලන්තයේ ලංඩන් වල ජීවත්වුණු Jelena Lecic ගේ බව BBC එක අනාවරණය කර ගන්නවා. නමුත් සිරියාව වගේ අනතුරු දායක තැනක කටයුතු කරන කෙනෙක් තමන්ගේ අන්‍යයතාවය වසන් කරගන්න ව්‍යාජ ෆොටෝ, ඇඩ්‍රස් වගේ දේවල් පාවිච්චි කරන එක සමාන්‍යය දෙයක් නිසා හැමෝම අමීනා ගැන තවදුරටත් විශ්වාසය තියනවා.
ඉන්ටර්නෙට් එකේ කාට හරි අමීනාව පෞද්ගලිකව හම්බවෙලා තියනවාද කියලා හොයලා බැලුවහම කාටවත් අමීනා ව හම්බ වෙලා නෑ බව අනාවරණය වෙනවා. අමීනා ගෙ online සමලිංගික පෙම්වතිය වෙච්ච Sandra Bagaria ත් අමීනා එක්ක Nude Photos share කරගෙන තිබුනත් ඒ එකකවත් අමීනාගේ මුහුණ නොතිබුණු බව කියා හිටිනවා.
අන්තිමේදී The Electronic Intifada කියන සංවිධානය අමිනා බ්ලොග් කරපු IP ඇඩ්‍රස් එක ඇමරිකාවේ Tom MacMaster කියන පුද්ගලායාගේ බව ලෝකෙට එලි කරනවා. Tom MacMaster මුලින් තමන්ට මේ බ්ලොග් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැතිබව කියා හිටියත් අන්තිමේදී මුළු ලෝකෙම පුදුම කරවමින් අමීනා කියන්න තමන් නිර්මාණය කරපු fictional character එකක් බව කියා හිටිනවා.

Last edited: