A Gay Girl In Damascus- සයිබර් විප්ලව වල ඇත්ත කතාව

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,313
    3,922
    113
    A Gay Girl In Damascus- සයිබර් විප්ලව වල ඇත්ත කතාව

    A Gay Girl In Damascus කියන්නෙ Amina Arraf කියලා සිරියාවේ සමලිංගික කෙල්ලෙක් සිරියාවෙ විරෝධතා ව්‍යාපාර ඇති වෙච්ච මුල් කාලෙදි පවත්වාගෙන ගිය බ්ලොග් එකක්. මේ බ්ලොග් එකේ තිබුනේ සිරියාවේ ඒ වෙනකොට පැවතුනු විප්ලවය ආශ්‍රිත සිදුවීම් ගැන.බෂර් අල් අසාත්ගේ කෲර පාලනය, ඔහුට එරෙහිව ඇති වෙච්ච විරෝධතා ව්‍යාපාරය වගේ දේවල් ගැන. එහෙම තමයි හැමෝම හිතාගෙන හිටියේ, පට්ට ආතල් එක එන්නේ Amina Arraf කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙන බව එලි වෙන්න ගත්තහම. Amina කියන්නේ Tom MacMaster කියන ඇමරිකන් ජාතිකයා හදපු Fictional character එකක්
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_2.png
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_3.jpg
    tkIslWh.jpg

    මේ බ්ලොග් එක නැගලා යන්න පටන් ගන්නේ මේ බ්ලොග් එකේ පල වෙච්ච "My Father,My hero" කියන පෝස්ට් එකෙන් පස්සේ. මේ පෝස් එකේ තිබුනේ බෂර් අල් අසාත් ගේ හමුදාවේ දෙන්නෙක් Amina ව අතඩංගුවට ගන්න පැමිණුනු අවස්ථාවේදී Aminaගේ තාත්තා ඔවුන්ව නවත්වපු හැටි. මේ පෝස්ට් එකෙන් පස්සේ ලෝකෙම මධ්‍ය අවධානයට මේ බ්ලොග් එක පත් වෙනවා. මේ කාලේ සිරියවේ බෂර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව පැවතුනු විරෝදතාත් සමග මේ සිරියාවේ ඩමස්කස් නගරෙයේ ජීවත් වුනු සමලිංගික තරුණිය ගැන හැමෝම හොයන්න ගන්නවා.
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1_1.png
    EJWptTl.png

    මේ කතන්දරේ හොඳම හරිය පටන් ගන්නේ Amina ව සිරියාවේ හමුදාවෙන් කිඩ් නැප් කලා කියලා පෝස්ට් එකක් අමීනා ගේ cousin කෙනෙක් කියලා කියා ගත්තු Rania Ismail කියලා කෙනෙක් පල කලාට පස්සේ. මේක ආරංචි වෙච්ච සෝශල් මීඩියා community එක අමීනා ව නිදහස් කර ගන්න facebook එකෙන් හා twitter එකෙන් free amina කැම්පේන් දියත් කරන්න පටන් ගන්නවා.අමීනා එක රැයකින් සිරියානු විප්ලවයේ වීරවරියක් බවට පත් වෙනවා.
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_4.jpg
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_4.jpg
    DBB0ho6.jpg

    අමීනා ව නිදහස් කර ගන්න ලෝකෙම social media හා ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන වැඩකරගෙන යනකොට තමයි මේකෙ රෙදි ගැලවෙන්න පටන් ගන්නෙ. අමීනාව නිදහස් කරගන්න කියල අමීනා ගෙ පවුලේ කවුරු හරි සම්බන්ධ කර ගන්න හැදුවහම අමීනා කියලා කෙනෙක් ඒ කියපු තැන නෑ කියලා දැන ගන්න ලැබෙනවා. අමීනා ගේ facebook එකේ තිබුනු ෆොටෝ ඇත්තටම සිරියාවෙ ජීවත් වුනු අමිනාගෙ නෙමෙයි එංගලන්තයේ ලංඩන් වල ජීවත්වුණු Jelena Lecic ගේ බව BBC එක අනාවරණය කර ගන්නවා. නමුත් සිරියාව වගේ අනතුරු දායක තැනක කටයුතු කරන කෙනෙක් තමන්ගේ අන්‍යයතාවය වසන් කරගන්න ව්‍යාජ ෆොටෝ, ඇඩ්‍රස් වගේ දේවල් පාවිච්චි කරන එක සමාන්‍යය දෙයක් නිසා හැමෝම අමීනා ගැන තවදුරටත් විශ්වාසය තියනවා.

    ඉන්ටර්නෙට් එකේ කාට හරි අමීනාව පෞද්ගලිකව හම්බවෙලා තියනවාද කියලා හොයලා බැලුවහම කාටවත් අමීනා ව හම්බ වෙලා නෑ බව අනාවරණය වෙනවා. අමීනා ගෙ online සමලිංගික පෙම්වතිය වෙච්ච Sandra Bagaria ත් අමීනා එක්ක Nude Photos share කරගෙන තිබුනත් ඒ එකකවත් අමීනාගේ මුහුණ නොතිබුණු බව කියා හිටිනවා.
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_2.png
    %E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8F_2.png
    6fhcjS7.png

    අන්තිමේදී The Electronic Intifada කියන සංවිධානය අමිනා බ්ලොග් කරපු IP ඇඩ්‍රස් එක ඇමරිකාවේ Tom MacMaster කියන පුද්ගලායාගේ බව ලෝකෙට එලි කරනවා. Tom MacMaster මුලින් තමන්ට මේ බ්ලොග් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැතිබව කියා හිටියත් අන්තිමේදී මුළු ලෝකෙම පුදුම කරවමින් අමීනා කියන්න තමන් නිර්මාණය කරපු fictional character එකක් බව කියා හිටිනවා.

     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,313
    3,922
    113
    McMaster කියන්නේ තමන්ට මැද පෙරදිග කලාපය ගැන කුඩා කාලෙ ඉදන් ලොකු උනන්දුවක් තිබුන නිසා මේ කලාපයේ ඇතිවන සාමාජ දේශපාලන සාකච්ඡා වලට ඍජුව සහභාගී වෙන්න උදව්වක් වශයෙන් අමිනා චරිතය මුලින් ම තමා අතින් නිර්මාණය වුනා කියලා. නමුත් අමිනා මුළු ලෝකෙම අවධානයට ලක්වෙද්දී තමට තවදුරටත් අමිනා චරිතය නඩත්තු කරන්න බැරි බව තේරුම් ගිය නිසා අමිනා චරිතය සිරියාවේ හමුදාව ලවා කිඩ්නැප් කරවලා පස්සේ මේ බ්ලොග් එකෙන් ඉවත් වෙන්න තමන් හිතා ගත්ත කියාලා Macmaster කියා හිටිනවා. අයේ කැත නැතිව මුළු ලෝකෙම බැනුම් වලට ලක්වෙන්න MacMaster ට සිදු වෙනවා.
    l3qFrYm.jpg

    මේ කතන්දරේ දිහා එක එක විදිහට බලනා පුළුවන්. එක විදිහක් තම්යි මේ කතන්දරේ කොහොමද මේ ලොකේ සිද්ධ වෙමින් පවතින භූ දේශපාලන පෙරෙළි වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ලොකේ දැනට ගොඩාක් භාවිතා වන වචනයක් තමයි රෙජීම් චේන්ජ් කියන වචනේ. අරාබි වසන්තය නමින් හඳුන්වපු ඒ දේශපාලන ජවනිකාව මේ පන්නයේම තවත් එක් උදාහරණයක්. මේ රෙජීම් චේන්ජ් වල ප්‍රධාන සන්නිවේධන කාර්‍යය වගේම ජනතාව ලක්ෂ ගණන් වලින් සංවිධානය කිරීමේ කාර්‍යයද කෙරුනේ සමාජ ජාල වෙබ් අඩෙවි හරහා. ලංකාවේ පසුගිය ඡන්ද කාලෙදිත් අපට මේ සමාජ ජාල වල බලය ගැන පොඩි වැටහීමක් ඇති වුනා. මේ පසුබිම යටතේ මේ හුටපටේ දිහා බැලුවහම ඇත්තටම මේ සමාජ ජාලවල නිරුවත් හෙලි වෙනවා. Facebook එක ඇත්තටම මුහුණු පොත වශයෙන් හැඳින්වූවට ඇත්තටම ඒම මුහුණක් නැති පොතක්. මේකෙ profile ඇතුලේ ඇත්තටම කවුද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නෑ.මේ සිද්ධියේදී සිරියායේ අමීනා කියන සමලිංගික තරුණිය වශයෙන් පෙනී හිටියේ ඇමරිකාවේ 40 හැවරිදි MacMaster. ඔහු කියපු හැමදේම බටහිර මාධ්‍යය විශ්වාස කලා. amina සිරියනු විප්ලවයේ වීරවරියක් වුණා. මේ රෙජීම් චේන්ජ් කියන්නේ බටහිර Audience එකකට හදපු පොඩි ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ චරිතයක් බවට පත්වෙන්න සිරියාවේ අමීනාට පුළුවන් වුනේ, අමිනා කියන්නේ ඇමරිකන් ජාතිකයෙකුගේ හිතළුවක් නිසා. ඇත්ත අමිනා කෙනෙකුට වඩා බටහිර මාධ්‍යය වසගයට ගන්න Tom MacMaster ට් පුළුවන් වුනේ ඔහු සිරියාවේ ඇත්ත තත්වය වෙනුවට බටහිර මාධ්‍යය සිරියාව ගැන අහන්න කැමති කතාවක් ගොතපු නිසා.

    මේවගේ බොරු චරිත ගොඩාක් එකතු වුණොත් ඔවුන් හරහාම රටක ආන්ඩුවක් පෙරලන දවස වැඩි ඈතක වෙන එකක් නෑ. ලංකාවෙනුත් කවදාහරි අමිනා වෙනුවට කවුරුහරි සිරියාවතී කෙනෙක් බිහි වෙන්න පුළුවන් ඒක නිසා හැමෝම රටම අනාගතේ ගැන තීරණ ගද්දී සමාජ ජාල හරහා එක එක පුද්ගලයෝ පතුරවන බොරු අනුව නැතුව මොලෙන් කල්පනා කරලා දෙපාරක් නෙවෙයි තුන්පාරක්ම කල්පනා කරල තීරණ ගන්නවානම් හොඳයි.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    අපරාදේ කියන්නේ බැහැ තමන්ගේ නමින්ම රෙජිස්ටර් වෙලා තියෙන්නේ

    mamath mulinma kirige register une aththa namin ban. passe thamai scene eka dakke. kattiya mata kiwwa aththa nam use akranne naha kiyala. passe meka haduwa ;)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකට හෙනම ගහන්න ඕනේ ඕක නිසා මුලුරටක්ම විනාසයි .අදටත් කී දාහක් මැරෙනවද සිරියාවේ ? කීදාහක් දුක්විදිනවද අනාත කදවුරුවල ?

    ලෝකේ සාම රටක්ම ආරක්ෂා කරන්න ඕනේ .එකරටක විනාශය හැමෝටම බලපානවා .පාලකයා හොද නැත්නම් රට ම ගිනිනොතිය උව එලවන්න සාම කාමී ක්‍රම පවිච්චි කරන්න ඕනේ .අන්තිමේ ලක්ෂ්ගණන් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනවා .

    මේවා හොද පාඩම් අපිටත්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අපිට ඔය ආප්ප ගෑනු සිරියාවතීලා ඕන නෑ බන්. දැනටමත් කොල්ලොන්ට කෙල්ලෙක් හොයාගන්න ලේසි නෑ. ඕකුන් බිහිවෙන්න ගත්තොත් කොල්ලන්ට කොල්ලෝ ගහන්නයි වෙන්නේ.​
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    mamath mulinma kirige register une aththa namin ban. passe thamai scene eka dakke. kattiya mata kiwwa aththa nam use akranne naha kiyala. passe meka haduwa ;)

    real name eka use kirime awula mokakda?

    mamath use karanne , awulak nane
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෙස්බියන් බං. ගේ කියල සාමාන්යයෙන් යූස් කරන්නේ කොලු කාරයන්ට.