A Level Exam Writing Tips: Evolution Reports -උසස්පෙළ ඇගයීම් වාර්ථා
ඇගයීම් වාර්ථා වලින් ගන්න පුලුවන් තවත් ප්‍රයෝජනයක් වෙන්නේ විභගයට පෙනී සිටි ළමුන්ගේ පිලිතුරු සැපයීම අනුව ප්රශ්නවල පහසුතවයන් ප්‍රස්තාරිකව පෙන්වා තිබීම. සාමාන්‍යයෙන් අපි දන්නව එක් අවුරුද්දව යම් පාඩමක ප්‍රශ්නයක් ගොඩක් අමාරු වෙලා නම් ඊලග අවුරුද්දෙ ඒ පාඩමේ ප්රශ්නය ලේසි වෙනව. 100% ක්ම මෙහෙම ම කරයි කියල කියන්න බෑ. ඒක ඉතින් උත්තර පත්‍ර හඳන අයගෙ කැමත්ට අනුව තමයි. පොඩ්ඩක් පසුගිය විභග ප්‍රශ්න පත්‍ර බැලුවම ඒක තෙරුම් ගන්න පුලුවන්.
http://www.usaspela.com/
ඇගයීම් වාර්ථා කිව්වහම ගොඩක් අය දන්නව ඇති. නොදන්න කට්ටියට නම් මේක ගොඩක් වැදගත් වෙයි. දන්නවනේ විභාගෙදි paper එක අතට ලැබුන ගමන් සමහරු ගිරවු වගේ ලියාගෙන යනව ඒත් අන්තිමේට බලද්දි ලකුණු නෑ. අපි ගොඩක් අය කරන වැරැද්ද තමයි ඕනවට වැඩියෙන් ලියන්න යන එක. විභාගයකට මුහුණ දෙනකොට පළවෙනි නීතිය තමයි අත්‍යවශ්‍ය දේ කෙටියෙන් ලිවීම. බොරු වැල් වටාරම් ලියන්න ගිහිං තමයි ගොඩක් අය ඇනගන්නෙ. අන්තිමේට බලන කොට වෙලාව මදි. ඉතිං අපි මුලින් ම දැන ගන්න ඕන ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ කොහොමද කියන එක. මේකට ඇගයීම් වාර්ථා ගොඩක් ප්‍රයෝජනවත්.
2012 ඉඳන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස්පෙළ ඇගයීම් වාර්ථ නිකුත් කරල තියනව.
2012 ඉඳන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස්පෙළ ඇගයීම් වාර්ථ නිකුත් කරල තියනව.
යම් ප්‍රශ්න පත්‍රයක
- පිළිතුරු,
- ලකුණු දීමේ පටිපාටිය,
- ප්‍රශ්න තෝරගෙන ඇති ආකාරය,
- පිළිතුරු සැපයූ ආකාරය,
- කෙටි විවරණ,
- ප්‍රශ්න පත්‍රය පිළිබඳ නිරීක්ෂණ,
- නිගමන හා යෝජනා,
වගේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවශ්‍ය හැම දේම වගේ මේ ඇගයීම් වාර්ථාවල තියනව.
ප්‍රශ්නයක ලකුණු දෙන main points ටික අල්ලගත්තම ඒ වර්ගයේ ප්‍රශ්න ඕන එක්කට තමන්ගේ ක්‍රමේට කෙටියෙන් උත්තර නිර්මාණය කරගන්න පුලුවන්. ගුරුවරු උත්තර ලියන විදියටම හරි පොත්වල තියන විදියටම හරි උත්තර ලියන එක නෙවේ වැදගත් වෙන්නෙ. හැමතැනින්ම අවශ්‍ය කාරණ ටිකෙන් ටික එකතු කරගෙන උත්තර ලිවීමේ තමන්ගෙම කලාවක් හදාගන්න. සරල බව තමයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න පිළිබඳ කෙටි විවරණයකුත් ඇතැම් විට මෙහි අන්තර්ගත වෙනව. ගොඩක් ළමයින්ට අතපසු වෙලා තියෙන්නේ මොනවද කියන එකත් ඔයාට මෙමගින් තේරුම් කරල දීල තියෙන හින්ද තවත් ලෙහෙසියෙන් ඔයාගෙ ක්‍රමේ හදාගන්න පුලුවන්.
ඇගයීම් වාර්ථා වලින් ගන්න පුලුවන් තවත් ප්‍රයෝජනයක් වෙන්නේ විභගයට පෙනී සිටි ළමුන්ගේ පිලිතුරු සැපයීම අනුව ප්රශ්නවල පහසුතවයන් ප්‍රස්තාරිකව පෙන්වා තිබීම. සාමාන්‍යයෙන් අපි දන්නව එක් අවුරුද්දව යම් පාඩමක ප්‍රශ්නයක් ගොඩක් අමාරු වෙලා නම් ඊලග අවුරුද්දෙ ඒ පාඩමේ ප්රශ්නය ලේසි වෙනව. 100% ක්ම මෙහෙම ම කරයි කියල කියන්න බෑ. ඒක ඉතින් උත්තර පත්‍ර හඳන අයගෙ කැමත්ට අනුව තමයි. පොඩ්ඩක් පසුගිය විභග ප්‍රශ්න පත්‍ර බැලුවම ඒක තෙරුම් ගන්න පුලුවන්.http://www.usaspela.com/
Last edited:
