A.R රහමන් මහතා...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    hycp25shaktisre_HY_1278890e.jpg


    කටහඩක් වගේම ලස්සන් පෙනුමකුත් තියෙනවා....
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    us-rahman-600.jpg







    මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..එයට හේතුව ඔහු අතිවිශිෂ්ට නිර්මාණකරුවෙකු වීම පමණක්ම නොවෙයි.ඔහුගේ සෑම චිත්‍රපටයකටම සංගීතය සපයන්නේ මාගේ ප්‍රියතම සහ ලොව සිටින විශිෂ්ටතම සංගීතවේදියෙකුවන A.R රහමන් මහතා වීම නිසයි.




    4124-n.jpg


    මනිරත්නම් මහතා




    AR-rahman-mani-rathnam.jpg


    AR රහමන් මහතා සහ මනිරත්නම් මහතා







    මම අද ඔයාලට පෙන්වන ගීතය මනිරත්නම් මත්මයාගේ නවතම චිත්‍රපටයවන කඩල්(සයුර) හී මනරම් ගීතයක්.A.R රහමන් මහතාගේ තවත් අතිවිශිෂ්ට නිර්මානකරණයක්.මෙම චිත්‍රපටය නම් තවම පිටවූයේ නැහැ නමුත් ගීතය රහමන් මහතාගේ MTV UNPLUGGED 2 LIVE CONCERT එකේදී ගායනා කෙරුනා.එතැන්පටන් මෙම ගීතය කෙතරම් ජනප්‍රියවුවාද කියනවානම් youtube හි පමණක් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නරබා තිබෙනවා.කොටින්ම ධනුෂ්ගේ කොලවරි ඩී ගීතයෙන් පසුව වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබෙන්නේ මෙම ගීතයයි.ගීතයේ නම Nenjukulle(හද පතුලේ).මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවවුනේ එය ගායනා කරන ගායිකාවගේ මනහර කටහඩයි.




    kadal.jpg





    Maniratnam-Kadal-Movie-2.jpg










    චිත්‍රපටය සහ ගීතය ගැන මෙච්චර විස්තරයක් ලියලා මෙම ගීය ගායනාකරන මනරම් තරුණ ගායිකාව ගැන වචනයක් නොකිව්වොත් එය ඇයටකරනා අවනම්බුවක්.තවමත් සංගීතය හදාරන ඇයට වයස අවරුදු 17යි.ඇය නමින් ශිල්පා නායර් ආනන්ද්,,2008 වසරේදී රහමන් මහතාට ඇයව හමුවන්නේ අහම්බෙන්.ඇයගේ හැකියාවන් දුටු සැනින් රහමන් මහතා ඇයව තම කණ්ඩායමට එකතුකරගන්නවා.එතැන් පටන් ඇය ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට එකතුවනවා."මා මෙතක් ඇසු වෙනස්ම හා විශිෂ්ටතම කටහඩක් ඇයසතුයි" ඒ රහමන් මහතා ඇය පිළිබදව අදහස් දැක්වූ ආකාරයයි.



    hycp25shaktisre_HY_1278890e.jpg


    ශිල්පා නායර් ආනන්ද් මෙනවිය





    .....මම මෙච්චර කියනවට මේ සින්දුව පොඩ්ඩක් අහන්ඩකෝ.....














    Rahman-on-MTV-unplugged.jpg






    2012110513521057611325845640.jpg





    images





    actZLt55.jpg








    A.R RAHMAN MTV UNPLUGGED 2 LIVE CONCERT එක ඕනි අයට මෙන්න TORRENT LINK එක.


    http://kat.ph/a-r-rahman-mtv-unplugged-2-shammu-tmt-t6792254.html







    GOOD INFO NUWAN.... :yes::yes::yes::yes:

    good info. Rep4+ Whizzkid
     
    • Like
    Reactions: NUWAN BUWA

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජාතිය, ආගම, කුලය මොකක් උනත් මම පුද්ගලිකව අගය කරන වගේම මගේ ප්‍රියතම විදේශීය සංගීතඥයා A. R. රහුමාන් මහතායි.

    Untitled-1copy-10.jpg


    1966 ජනවාරි මස 06වන දින උපත ලැබූ ඉන්දියාවෙන් බිහිවුනු ඔස්කාර් සම්මාන ලාභි සංගීතඥයෙකු වන A. R. රහුමාන් මහතාට අද වන විට වයස අවුරුදු 47ක් පමණ වේ. දකුණු ඉන්දියානු සිනමාවෙන් පටන් අරන් බොලිවුඩය හරහා හොලිවුඩ් සිනමා සංගීතයටත් අතගහපු රහුමාන්ට 2012 වසරේ සුප්‍රකට තිර රචක Alex Kurtzman ගේ ප්‍රථම අධ්‍යක්ෂනය වන Steven Spielberg එක් නිෂ්පාදකයෙක් වන Welcome to People චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂනයෙන්ද දායක වුනා.

    චිත්‍රපට ගීත හැරුනුකොට අදටත් ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වන ගී තැටිය වන්නේ A. R. රහුමාන්ගේ කුළුඳුල් පෞද්ගලික ගීත එකතුව වන "මා තුජේ සලාම්" නැමති ගීතය ඇතුළත් "වන්දේ මාතරම්" නැමැති සංයුක්ත තැටි කිව්වොත් මම හිතනවා මා නිවැරදී කියලා.

    රෝජා, තාල්, රොක්ස්ටාර්, ලගාන්, රංග්දේ බසන්ති, දිල් සේ, ගුරු ඇතුළු චිත‍්‍රපට රැසකට සංගීත නිර්මාණයෙන් දායක වූ A. R. රහුමාන් මහතා හට ඩැනි බොයිල් ගේ ’ස්ලම්ඩෝග් මිලියනියර්’ චිත‍්‍රපටියේ සංගීතය සඳහා ඇකඩමි සම්මාන දෙකක්ද හිමිවුනා.

    මා දන්නා තරමින් වසර 15කට පසුව යළිත් පෞද්ගලික ගීත එකතුවක් එළිදැක්වීමට ඔස්කාර් සම්මානලාභී ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහුමාන් මහතා අදහස් කර ඇත.

    ස්තුතියි මචන් A. R. රහුමාන් මහතාගේ අලුත් නිර්මාණ ගැන අපිව දැනුවත් කලාට.


    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.​
     
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kadal Film Eka Patta Film Eka Ban
    Story Ekath Lassanata Karala Thiyenawa
    Film Eka Patan Gaddima Dinesh Ge Voice Eka Ehenna Gaththe
    Dinesh K Aryan(Dinesh Kanagarathnam)

    Maniratnam Gahala Thiyenne Supiri Ekak Me Para
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං උඹේ ලිපියේ පොඩි වෙනසක් වෙන්න නා, A.R. රහුමන්, මනිරත්නගේ හැම චිත‍්‍රපටයක්ම සංගීතවත් කලා කියන එක , මොකද මුල් කාලයේ මනිරත්නම්ගේ හැම චිත‍්‍රපටයක්ම වාගේ සංගීතවත් කලේ දකුණු ඉන්දියානු ප‍්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉලයරාජා විසින් ඉලයරාජා මනිරත්නම් කියන සුසංගයෝගය වෙනස් වෙන්නේ රෝජා චිත‍්‍රපටයත් සමඟ එතැන් පටන් මනරත්නම්ගේ චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා බවට A.R. රහුමන් පත්වනවා.

    රෝජා චිත‍්‍රපටයෙන් ඇසුනු මේ නැවුම් සංගීත නිර්මාණකරුවාව ඉන්දියාවේ
    පමණක් නොව මුළු ලොකයේම අවධානය දිනා ගන්නවා. දටත් මට A.R. රහුමන් කියන නාමය ඇසෙන විට මතක් වෙන්නේ රෝජා චිත‍්‍රපටයේ මධුර ගීතාවලිය.

    උඹ කියුවා වගේම මාත් මනිරත්නම්ගේ චිත‍්‍රපටයක් නම් වරද්දන්නේ නෑ, ඒ වගේම A.R. රහුමන් කියන්නෙත් මං ගොඩක් ප‍්‍රියකරන සංගීත අධ්‍යක්ෂකවරයෙක්

    ඒ වගේම මේ ගීතය ගායනා කරන ශිල්පිනියකගේ කටහඬ ඇත්තටම සුන්දරයි. අනාගතයේදී ඇය නිසැකවම දැවන්ත ගායිකාවක් බවට පත්වෙන එක නම් පැහැදිලියි.

    ස්තූතිය මේ ලිපියෙන් අප දැනුවත් කලාට
    11.gif
    11.gif


     
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචං උඹේ ලිපියේ පොඩි වෙනසක් වෙන්න නා, A.R. රහුමන්, මනිරත්නගේ හැම චිත‍්‍රපටයක්ම සංගීතවත් කලා කියන එක , මොකද මුල් කාලයේ මනිරත්නම්ගේ හැම චිත‍්‍රපටයක්ම වාගේ සංගීතවත් කලේ දකුණු ඉන්දියානු ප‍්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉලයරාජා විසින් ඉලයරාජා මනිරත්නම් කියන සුසංගයෝගය වෙනස් වෙන්නේ රෝජා චිත‍්‍රපටයත් සමඟ එතැන් පටන් මනරත්නම්ගේ චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා බවට A.R. රහුමන් පත්වනවා.

    රෝජා චිත‍්‍රපටයෙන් ඇසුනු මේ නැවුම් සංගීත නිර්මාණකරුවාව ඉන්දියාවේ
    පමණක් නොව මුළු ලොකයේම අවධානය දිනා ගන්නවා. දටත් මට A.R. රහුමන් කියන නාමය ඇසෙන විට මතක් වෙන්නේ රෝජා චිත‍්‍රපටයේ මධුර ගීතාවලිය.

    උඹ කියුවා වගේම මාත් මනිරත්නම්ගේ චිත‍්‍රපටයක් නම් වරද්දන්නේ නෑ, ඒ වගේම A.R. රහුමන් කියන්නෙත් මං ගොඩක් ප‍්‍රියකරන සංගීත අධ්‍යක්ෂකවරයෙක්

    ඒ වගේම මේ ගීතය ගායනා කරන ශිල්පිනියකගේ කටහඬ ඇත්තටම සුන්දරයි. අනාගතයේදී ඇය නිසැකවම දැවන්ත ගායිකාවක් බවට පත්වෙන එක නම් පැහැදිලියි.

    ස්තූතිය මේ ලිපියෙන් අප දැනුවත් කලාට
    11.gif
    11.gif


    Kohomada Meka