A380 @ Katunayaka Video

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
දැකපු දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා.

මේ අර ලගදි කටුනායකට ආපු A380 Aircraft එකේ video එකක්. මේකේ තියනවා flight එක land කරපු, Taxing කරපු, Push back කරපු හා නැවත Take off කරපු විදිය.

video quality එක නම් ටිකක් අඩුයි එත් සම්පුර්ණ video එකකට මම දැකපු එකම video එක නිසා දාන්න හිතුවා.






ඊට අමතරව මෙන්න මේ විස්තරත් එතන තිබුනා.....

"ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි.

මේ යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි මෙහි පැමිණ තිබෙන්නෙ. ඒ වගේම මේ ගොඩ බෑම සිදුවී තිබෙන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ සේවා සපයන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ. .ඒ වගේ මේ ගොඩ බෑම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලක් රජය වෙනුවෙන් කලින්ම ලබා දී තිබුණා. "



උපුටා ගැනීම - http://apeahasa.blogspot.com
 
  • Like
Reactions: freak88

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
thanks machan patta +++

000203FB.gif
000203FB.gif