ඔන්න මම කියන්න හදන්නේ ලෝකයේ ගොඩක්ම ජනප්රිය වුන TinTin චරිතය ගැන විස්තර ටිකක්.
චරිතයේ නිර්මාර්තෘ
Georges Prosper Remi කියන්නේ ටින්ටින් චරිතයේ නිර්මාර්තෘ වරයා. නමුත් ලෝකයා විසින් එයාව හැදින්වූයේ Hergé කියන කෙටි නාමයෙන්.බෙල්ජියම් ජාතිකයෙකු වශයෙන් 1907 මැයි 22 දින උපත ලැබුවෙක්. සම්මාන කින් පුද ලද මොහු යුරෝපයේ සිටි අති ප්රසිද්ද චිත්ර කතා රචකයෙකු වශයෙන් සලකනු ලබනවා. ඒ සදහා ප්රබලම සාදකය වුයේ ඔහු විසින් රචනාකළ tintin කතාමාලවයි. 1983 මාර්තු 3 වන දින මියයන විට ඔහු tintin කතාමාලාවේ 24වන පොත රචනා කරමින් සිටියා.
Georges Prosper Remi
චිත්ර කතා මාලාව.(Les Aventures de Tintin / The Aventures of Tintin )
ටින්ටින් චරිතයේ මුලාරම්භය වශයෙන් සැලකෙන්නේ Hergé විසින් 1926ත් 1929ත් අතර කාලයේ රචනාකළ Les aventures de Totor නමැති චිත්රකතාවේ සිටි Totor නමැති ගවේෂණාත්මක බාලදක්ෂ චරිතයයි.මෙම Totor නමැති චරිතය ලැබූ ජනප්රියත්වය නිසාම Hergé විසින් නැවත TinTIn යන නාමයෙන් යලි උපද්දවනු ලැබුවා.නමුත් කලින් සිටි බාලදක්ෂ චරිතය පුවත්පත් වාර්තාකරුවෙකු වශයෙන් ද Tintin ගේ සුරතලා වශයෙන් snowy නමැති බලු පැටවකුද කතාවට එක්කරනු ලැබුවා.ඒ 1929 ජනවාරි 10 දින රචනාකළ Le Petit Vingtième හෙවත් Tintin in the Land of the Soviets සමගයි.පළමුව Les Aventures de Tintin ලෙස ප්රංශ භාෂාවෙන් පලකරන ලද අතර ඊට සමගාමීව The Aventures of Tintin වශයෙන් ඉංග්රීසි භාෂාවෙන්ද පලකරනු ලැබුවා. කෙසේ නමුත් මෙම චරිතය යුරෝපය පුරා අති ජනප්රිය කතාවක් බවට පත්වුනා.මේ නිසාම Hergé විසින් චරිතයේ ජනප්රියතාවය ආරක්ෂාකිරීමට චරිතය ජාතිකත්වයක් නොදීමට සලකිලිමත්වුන බව විචාරකයන් පවසනවා. නමුත් කතාව තුලදී ඉතා සුළු අවස්ථා ගණනකදී ටින්ටින් බෙල්ජියම් ජාතිකයකු වශයෙන් සැලකීමට Brussels නමැති බේල්ජියමේ අගනුවර නාමය සදහන් කර තිබෙනවා.මෙම චරිතය වීරචරිතයක් වශයෙන් ජනප්රිය වීමට ප්රබල හේතුව වශයෙන් විචාරකයන් සලකන්නේ එහි පවතී සරල චරිතාංග ස්වභාවය සහ තාත්විකබවයි. Hergé විසින් 1983 වනවිට Tintin චරිතය උපයෝගීකරගනිමින් චිත්රකතා 23ක් නිර්මාණය කර තිබුනා. වැඩ අවසන් නොකළ 24 වන නිර්මාණය Hergé ගේ මරණින් වසර 3ටපසු Tintin and Alph-Art (un -Finished )වශයෙන් නිකුත්කරනු ලැබූවා.
Book List
ටින්ටින් චරිතයේ මුලාරම්භය වශයෙන් සැලකෙන Les aventures de Totor චිත්රකතාවේ ජායාරූපයක්
Tintin Cartoon මාලාව.
මෙහි පළමු කතා මාලාව වශයෙන් සැලකෙන්නේ ප්රංශ භාෂාවෙන් 1959 - 1963 අතර කාලයේ නිපදවන ලද les adventures de Tintin නමැති කතාමලවයි. Seasons 4කින් සහ episodes 107කින් සමන්විතව වනවා.මෙහි විශේෂත්වය වන්නේ කතාංගයක් විනාඩි 5ට පමණක් සීමා වීමයි. මෙම කතා මාලාව නිෂ්පාදනයෙන් Raymond Leblanc ද අධ්යක්ෂණයෙන් Ray Goossens ද දායකත්වය සැපයුවා.
The Aventures of Tintin වශයෙන් දෙවන කර්ටූන් කතා මාලාව නිපදවෙන්නේ 1991-1992 අතර කාලයේ.Ellipse Programmé සහ Nelvana යන සමාගම්වල නිෂ්පාදනයක් වූ මෙය ලොව පුරාම වැඩිම ජනප්රියත්වයක් ලැබූ Tintin කතා මාලාව වශයෙන් සැලකෙනවා. Seasons 3කින් සහ episodes 39කින් සමන්විත මෙහි එක් කතාංගයක් විනාඩි 25 ක කාලයක් පුරා දිවයනවා.
Tintin චරිතය ආශ්රයෙන් නිර්මාණය වූ චිත්රපට
Tintin චරිතය ආශ්රයෙන් චිත්රපට 5ක් මේ වනවිට නිෂ්පාදනය වීතිබෙන අතර අද්විතීය සිනමාකරු Steven Spielberg ගේ අධ්යක්ෂණයෙන් යුතුවThe Adventures of Tintin - Secret of the Unicorn නමින් තවත් චිත්රපටියක් මේ වසරේ තිරගත වීමට නියමිතයි.
මේ වසරේ තිරගත වීමට නියමිත The Adventures of Tintin - Secret of the Unicorn චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (Trailer)

- Tintin in the land of the Soviets
- Tintin in the Congo
- Tintin in America
- Cigars of the Pharaoh
- The Blue Lotus
- The Broken Ear
- The Black Island
- King Ottokar's Sceptre
- The Crab with the Golden Claws
- The Shooting Star
- The Secret of the Unicorn
- Red Rackham's Treasure
- The Seven Crystal Balls
- Prisoners of the Sun
- Land of Black Gold
- The Calculus Affair
- Destination Moon
- Explorers on the Moon
- The Red Sea Sharks
- Tintin in Tibet
- The Castafiore Emerald
- Flight 714
- Tintin and the Picaros
- Tintin In Alph-Art
ටින්ටින් චරිතයේ මුලාරම්භය වශයෙන් සැලකෙන Les aventures de Totor චිත්රකතාවේ ජායාරූපයක්
Tintin Cartoon මාලාව.
මෙහි පළමු කතා මාලාව වශයෙන් සැලකෙන්නේ ප්රංශ භාෂාවෙන් 1959 - 1963 අතර කාලයේ නිපදවන ලද les adventures de Tintin නමැති කතාමලවයි. Seasons 4කින් සහ episodes 107කින් සමන්විතව වනවා.මෙහි විශේෂත්වය වන්නේ කතාංගයක් විනාඩි 5ට පමණක් සීමා වීමයි. මෙම කතා මාලාව නිෂ්පාදනයෙන් Raymond Leblanc ද අධ්යක්ෂණයෙන් Ray Goossens ද දායකත්වය සැපයුවා.
The Aventures of Tintin වශයෙන් දෙවන කර්ටූන් කතා මාලාව නිපදවෙන්නේ 1991-1992 අතර කාලයේ.Ellipse Programmé සහ Nelvana යන සමාගම්වල නිෂ්පාදනයක් වූ මෙය ලොව පුරාම වැඩිම ජනප්රියත්වයක් ලැබූ Tintin කතා මාලාව වශයෙන් සැලකෙනවා. Seasons 3කින් සහ episodes 39කින් සමන්විත මෙහි එක් කතාංගයක් විනාඩි 25 ක කාලයක් පුරා දිවයනවා.
Tintin චරිතය ආශ්රයෙන් නිර්මාණය වූ චිත්රපට
Tintin චරිතය ආශ්රයෙන් චිත්රපට 5ක් මේ වනවිට නිෂ්පාදනය වීතිබෙන අතර අද්විතීය සිනමාකරු Steven Spielberg ගේ අධ්යක්ෂණයෙන් යුතුවThe Adventures of Tintin - Secret of the Unicorn නමින් තවත් චිත්රපටියක් මේ වසරේ තිරගත වීමට නියමිතයි.
- The Crab with the Golden Claws (1947)
- Tintin and the Golden Fleece (1961)
- Tintin and the Blue Oranges (1964)
- Tintin and the Temple of the Sun (1969)
- Tintin and the Lake of Sharks (1972)
- The Adventures of Tintin: Secret of the Unicorn (2011)
- Snowy
- Captain Haddock
- Professor Calculus
- Thomson and Thompson
- Rastapopoulos
- Bianca Castafiore
- Chang Chong-Chen
- Nestor
මේ වසරේ තිරගත වීමට නියමිත The Adventures of Tintin - Secret of the Unicorn චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (Trailer)
Last edited:

ela ela 