ada match eka api දිනයිද?පරදියිද?
අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම අවිනිශ්චිතය යෑයි සැලකෙන විස්සයි/20 තරග අංශයේ ශූරයන් තෝරනු ලබන සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් ඉදිරියට යැම හෝ එසේත් නැතහොත් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනවාද යන්න පිළිබඳ අතිශයින් තීරණාත්මක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (31 දා) චිතගොංහි සහූර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය්දී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 7 ට ආරම්භ වනු ඇත.
සුපිරි කණ්ඩායම් 10 තරග වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ජය ගනු ලබන කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන බැවින් මෙම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙස හැඳින්විය හැක.
ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්ත කණ්ඩායමද පළමු කාණ්ඩය යටතේ තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක ජයද තරගයක් බැගින් පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට සහ නෙදර්ලන්ත පිලට එරෙහිව ජය ගත්තද එංගලන්තය හමුවේ පරාජය වීම විශේෂත්වයක් විය. නවසීලන්ත පිල ප්‍රභල එංගලන්තය සමග තරගය සහ නෙදර්ලන්තය සමග තරග ජය ගත් නමුත් දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත්වී තිබේ.
එංගලන්ත පිලට තවත් එක් තරගයක් ඉතිරිව තිබුණද එම තරගයේ ජය අවසන් පූර්ව තරග වටයට පිවිසීමට තරම් වලංගුතාවක් නොමැත. එබැවින් අද තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්a වුවහොත් හෝ ලකුණු සමව අවසන් වුවද නවසීලන්තයට වඩා ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.
විස්සයි/20 නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අද තරගය තහනම් වන බැවින් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංග විසින් සිදු කරනු ලබයි. තාවකාලිකව නායකත්වයට පත් වුණද විස්සයි/20 තරග ඉතිහාසයේ 7 වැනි නායකයා ලෙස මාලිංගගේ නම ඉතිහාස ගත වනු ඇත.
චන්දිමාල් නොමැතිවීම මත කණ්ඩායමට පිතිකරුවකු අඩුවන නමුත් ඒ සඳහා පිතිකරුවකු යෙදවීමට වඩා තවත් පන්දු යවන්නකු කණ්ඩායමට ඇතුළත් කිරීම වඩාත් වැදගත් වන බව නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංගගේ අදහස වී තිබේ.
සවස් යාමයේ පැවැත්වීමට නියමිත වූ පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාලිංග සඳහන් කර සිටියේ කණ්ඩායමේ පිතිකරුවන් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන්ද පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට සමත්ව සිටීම මත පන්දු යවන්නකුගේ සහාය ලබා ගැනීම වඩාත් යහපත් වනු ඇති බව තම විශ්වාසය වන බව සඳහන් කර සිටියේය.
""අපේ පිතිකරුවන් මේ තරගාවලියෙදි හොඳින් දක්ෂතා අතර සිටිනවා. නුවන් කුලසේකර වැනි පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් පවා පිත්තෙන් දක්ෂතා දක්වලා තියෙනවා. එහෙම බැලුවහම පන්දුවාර 20 ක් කියන්නේ පොඩි කාලයක් පන්දුවට පහර දෙන නිසා තව පන්දු යවන්නකුට අවස්ථාවක් දීමත් සලකා බලනවා. කොහොම වුණත් හෙට පැවැත්වෙන පළමු තරගයෙන් පසු පිනි තත්ත්වය සලකා බලලා ක්‍රීඩා කරන 11 දෙනා තෝරනවා"" යනුවෙන් මාලිංග සඳහන් කළේය.
කෙසේ වෙතත් පිතිකරණ අංශයෙන් වැඩි අවදානමක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තරමක අකැමැති අයුරක් පෙනෙන බැවින්, බොහෝ විට චන්දිමාල් වෙනුවට ළහිරු තිරිමාන්න ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කළ හැක. තිරිමාන්න ඉකු=ත් ආසියානු කුසලාන තරගාවලියේදී ශතක 2 ක් වාර්තා කළ එකම පිතිකරුවා වූ නමුත් ඩිල්ෂාන් කණ්ඩායමට නැවත පැමිණීමත් සමග තිරිමාන්නට විස්සයි/20 තරග අංශයේ එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එබැවින් තිරිමාන්නගේ ආගමනය මත කණ්ඩායමේ පිතිකරණ අංශය හීනවීමේ කිසිදු ප්‍රශ්නයක් පැන නොනගිනු අතර කණ්ඩායමේ පිතිකරණ ශක්තිය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිසාසයේ වේග පන්දු යවන්නකු විසින් කණ්ඩායමක් මෙහෙයවනු ලබන පළමු අවස්ථාව වශයෙන් සටහන් වන මාලිංගගේ නායකත්වයේදී ""ලැබුණු නායකත්වය ගැන මම වැඩිය හිතන්නේ නැහැ. කණ්ඩායමේ නායකත්වය දරපු අයගේ උදව්වත් හෙට තරගය අතරතුර මට ලැබේවි. කොහොම හරි තරගය ජය ගෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වෙනවා"" වශයෙන් මාලිංග අදහස් දැක්වීය.
මාලිංගට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු වේග පන්දු යවන්නකු කණ්ඩායමක් මෙහෙයවා නොමැති අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් මීට ඉහතදී කණ්ඩායම මෙහෙයවා තිබේ. ඩී. එස්. ද සිල්වා සහ රවී රත්නායක එක් ටෙස්ට් තරගයකට නායකත්වය ලබාදී තිබෙන අතර ඔවුන් දෙදෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති.
මේ අතර නවසීලන්ත පිල වෙනුවෙන් අදහස් දැක්වූ ඉදිරි පෙළ පිතිකරු කේන් විලියම්සන්, තරගාවලියේ ඉදිරියට යැමට නම් මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු බවත්, හොඳින් ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකාව පරාජය කිරීම විශාල අභියෝගයක් වන බවත් සඳහන් කර සිටියේය.
""මෙය අපි දිනාගත යුතුම තරගයක්. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් නිසා ඔවුන්ව පරාජය කිරීමට අපට පහසු වෙන්නේ නැහැ"" යනුවෙන් පවසන විලියම්සන් කණ්ඩායමට එල්ල විය හැකි විශාලම අභියෝගය ලෙස සලකනු ලබන්නේ ලසිත් මාලිංගගේ පන්දු යෑවීම වන බවත්, පෙර තරගවලදී ඔහුට එරෙහිව පන්දුවට පහර දීමේදී ලද අත්දැකීම්ද ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියේය.
නායකත්වය ලැබීම පිළිබඳව ""දිවයින" සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දැක්වූ මාලිංග, කණ්ඩායමේ සිටින හිටපු නායකයන් සියලු දෙනාගේ උපරිම සහයෝගයද ලබා ගනිමින් මෙම තරග ජය ගැනීමට හැකි සෑම ශක්තියක්ම යොදවන බව සඳහන් කර සිටියේය.
""අපේ බලාපොරොත්තුව තියෙන්නේ හෙට තරගය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරග අවස්ථාවට පැමිණීම ගැන. ඒක තමයි ලොකුම බලාපොරොත්තුව"" යනුවෙන් මාලිංග පවසයි. මෙහිදී නායකත්වයේ ඔටුන්න පිළිබඳව තමා එතරම් නොසිතන බව පවසන මාලිංග නවසීලන්තයට එරෙහිව ජය ලැබීමට නම් පන්දු යවන්නන්ට එහිදී වැඩි කාර්ය භාරයක් පැවරෙන බවද සඳහන් කර සිටියේය.
""වැදගත් වෙන්නේ තරගය පැවැත්වෙන පැය දෙක තුනේදී වැරදි අඩුවෙන් කරලා හොඳ දේවල් වැඩියෙන් කරන්න. කණ්ඩායමේ හැම දෙනාමට විස්සයි/20 තරග වල ගොඩක් අත්දැකීම් තියෙනවා. අඩුපාඩු අවමයෙන් කරලා අවසානයේ තරගය ජයගැනීමයි හැමෝගෙම බලාපොරොත්තුව"" යනුවෙන් පවසන මලිංග, ""පන්දු යවන්නන්ගේ අතේ තමයි මෙවැනි තරගවල තීරණය රැඳී පවතින්නේ. උදාහරණයක් විදියට එංගලන්තය සමග තරගයේදී අපි හොඳින් පන්දු යෑව්වේ නැහැ. ඒක නිසයි ඒ තරගයේදී ලකුණු 189 ක් නවතාගන්න බැරි වුණේ. ඒ වැරදි සියල්ල හදාගෙන හෙට තරගයට මුහුණ දෙනවා"" යනුවෙන් සඳහන් කළේය.
අද මැච් එක අපි දිනයිද පරදියිද?දාමු බලන්න vote එකක්.

.. වාසනාවත් ටිකක් බලපානවා .
. බලමු බලමු . අපේ කොල්ලෝ පිස්සු කෙලින්නේ නැතුව සෙල්ලම් කලොත් ගොඩ 