අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.129ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.152ක් වනවා.
ඩිසල් ලීටරයක නවතම මිල වන්නේ රු. 103ක් ලෙසයි. එමෙන්ම සුපිරි ඩිසල් ලීටරයක මිල රු. 126ක් ලෙස ඉහළ යනු ඇති.
ජාත්‍යන්තර වෙළදපලේ බොර තෙල් මිළ යාමත් සමග මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ela nee
