Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලබන සිකුරාදා අපි සෙට් එකක් සිරිපාදේ යන්න හිතන් ඉන්නවා. මේ දවස්වල ඒ පැත්තට වහිනවද කියලා දැන ගන්න විදිහක් තියෙනවද? අනෙක් එක අත්දැකීම් තියෙන අයෙකුට කියන්න පුළුවන්ද වන්දනා සමය අවසන් වෙන සතියේ සෑහෙන්න සෙනඟ සෙට් වෙනවද?

    දන්න කෙනෙක් උදව් කළොත් පිනක්. මොකද අපිත් එක්ක පොඩි ළමයි,ටිකක් වයස ඇන්ටිලා දෙන්නෙක් එහෙම යන්න හිතාන ඉන්නවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ගිය බදාදා ගියා
    වහින්නේ නැහැ
    බය නැතුව යන්න
    මම යද්දි රුවන්වැල්ල හරියට පොඩ්ඩක් වැස්සා
    ඒත් සිරීපාදෙට වැස්සේ නැහැ පොඩ්ඩක්වත්,
    ඒ පැත්තේ අය කිව්වා අවුරුදු දවස් වල ටිකක් වැස්සලු,
    තව දවස් 5-6යි තියෙන්නේ,
    සෙනග නම් ටිකක් ඉදී
     
    • Like
    Reactions: Mindada hee sara..

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලබන සිකුරාදා අපි සෙට් එකක් සිරිපාදේ යන්න හිතන් ඉන්නවා. මේ දවස්වල ඒ පැත්තට වහිනවද කියලා දැන ගන්න විදිහක් තියෙනවද? අනෙක් එක අත්දැකීම් තියෙන අයෙකුට කියන්න පුළුවන්ද වන්දනා සමය අවසන් වෙන සතියේ සෑහෙන්න සෙනඟ සෙට් වෙනවද?

    දන්න කෙනෙක් උදව් කළොත් පිනක්. මොකද අපිත් එක්ක පොඩි ළමයි,ටිකක් වයස ඇන්ටිලා දෙන්නෙක් එහෙම යන්න හිතාන ඉන්නවා.

    මචන් මම 21,22 ගියා.මම ගියේ මස්කෙලිය නල්ලතන්නියෙ පාරෙන්. වහින්නේ නෑ අපි උදේ නැග්ගේ සෙනග නෑ උදේට පොඩ්ඩක්වත්.බහින කට්ටිය තමා ඉන්නේ. පුලුවන්නම් උදේ නගින්න යන්න. අව්ව නෑ උඩට යන්න යන්න දැන් මීදුම සීතල වැඩියි.ජැකට් කැප් තොප්පි ග්ලවුස් තියෙනවනම් අරන් යන්න. කඩ වලින් අරගන්න බලාගෙන යන්න එපා ගනන් පහල දාන්නම්. අපි උදේ නැගලා රෑ බැස්සා රෑ නගින්න කට්ටිය සූ ගාලා එනවා. සමහර තැන් වල බ්ලොක්වෙලා ඉන්න ඕනි. කලින් දවසේ රෑ නැගපු කෙනෙක් බහිද්දි කිව්වා මහගිරිදඹේ ඉදන් උඩට යන්න පැය 9ක් ගියාලු ඒ තරමට සෙනග රෑට. අපි උදෙන් නැගපු හින්දා ලොකු පෝලිමක් නැතුව හිතේ සතුටින් සිරිපතුල වැන්දා. ඉර සේවය මේ දවස් වල හොදට පේන්නේ නෑ කියලා කඩවල්වල අය කිව්වා පෝය ලග නිසා වලාකුලු වැඩියිලු. ඉර සේවය බලන්නේ නැත්නම් මං නම් කියන්නේ උදේ නගින එක තමා හොදම.

    Normal vs Sripada rates
    මෙගා බීම බෝතලයක් 330 400
    රෙඩ් බුල් 250මිලී 330 > 400
    ප්ලේන්ටියක් 25 > 40
    වැසිකිලියට යන්න 10 > 30
    කොත්තු මී / මැගී 60 > 100
    මුරුක්කු පැකට් 40 > 100
    වතුර බෝතලයක් 1L 80 > 200

    :eek::eek::eek::eek::eek::eek::eek:

    ෆෝන් කාඩ් නැත:sorry:
    මුදලට කඩවල් වලින් ෆෝන් චාජ් කරගත හැක. :confused:
    නමුත් ඉහලට යනවිට ඩයලොග් මොබිටෙල් සිග්නල් අක්‍රීය වේ. නෝ නෙට්වර්ක් :angry:
    ඉහලට යන්න යන්න කඩවල බඩු මිලද ඉහල යයි. එය දෙගුණ හෝ තෙගුණ වේ පහලම කඩයේ හා අවසානයට නම් කර ඇති කඩයේ මිල ගනන් අතර මැද කඩ වලට වඩා අඩුය.(අසා දැනගත් පරිදි වැසිකිලියකින් අය කරන මාසික කුලිය ලක්ෂ 3කි. කඩයකින් ලක්ෂ 6කි එනිසා අදාල මිලගනන් පිලිබද ගැටලුවක් ඇතිකර නොගන්න.) :shocked:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,240
    40,925
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලබන සිකුරාදා අපි සෙට් එකක් සිරිපාදේ යන්න හිතන් ඉන්නවා. මේ දවස්වල ඒ පැත්තට වහිනවද කියලා දැන ගන්න විදිහක් තියෙනවද? අනෙක් එක අත්දැකීම් තියෙන අයෙකුට කියන්න පුළුවන්ද වන්දනා සමය අවසන් වෙන සතියේ සෑහෙන්න සෙනඟ සෙට් වෙනවද?

    දන්න කෙනෙක් උදව් කළොත් පිනක්. මොකද අපිත් එක්ක පොඩි ළමයි,ටිකක් වයස ඇන්ටිලා දෙන්නෙක් එහෙම යන්න හිතාන ඉන්නවා.
    Heppila meriyan. :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    yanawa nam, friday eli wenna udata yanna palayan. Saturday set wenna yanna epa. thope waradi walata, lamai pali na ne, eka hinda Friday eli wenna udata naginna palayan.

    ubata Saturday or after SAT set unoth, eka padi yaka at least 10 min wath inna wenawa. then aith maha-giri-dabe at least 6 hours wath yanawa waiting!!! you'll be fucked.
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    අසා දැනගත් පරිදි වැසිකිලියකින් අය කරන මාසික කුලිය ලක්ෂ 3කි. කඩයකින් ලක්ෂ 6කි එනිසා අදාල මිලගනන් පිලිබද ගැටලුවක් ඇතිකර නොගන්න.) :shocked:

    මේ ගණන් නම් බොරු වගේ බන්. වැසිකිලියේ මාසික කුලිය විතරක් ලක්ෂ 3 ක් නම් එකේ ලාභයක් හොයන්න ලක්ෂ 5ක් වත් හොයන්න ඕන. එතකොට දිනකට (ලක්ෂ 5 /30)=16660. පැයකට=16660/24 =694. එක්කෙනෙක්ගෙන් ගන්නා මුදල රුපියල් 30 ක් නම් පැයකට වැසිකිලිය 23 දෙනෙක් පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ එකෙකුට ලැබෙන්නේ විනාඩි 2.6. එහෙම වෙන්න බෑ නේ.