ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
නොකීයම නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා අද ගොලු වෙලා අද ගොලු වෙලා
නොකීයම නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා //
නෑ හිනා වින්ද කාලයක් හිතට ඈනමින් මියැදුනා
ඈ ගෙනා හීන සීත සෘතුවක මීදුමේ පැටලුනා
තෙලිතුඩින් ප්‍රේම හද පුරා ඇඳුන සිතුවමත් බොඳ උනා
ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා
වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා........
Dasun Madushan - Adare Pawasala (ආදරේ පවසලා)
Melody & Music - Kasun Wickramasinghe.
Lyrics - Kasun Wickramasinghe & Duminda Alahendra.
Drums - Kaushan Wijesooriya.(WAYO)
