scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    1. ජානවලින් තමා එන්නෙ. මානසික ලෙඩකට වඩා ස්නායු ලෙඩක් කිව්වැකි. ආබාධිත තත්වයක්
    2. තැනකට ගියාම හරිම කලබලයි. කල්පනා කරගන්න බෑ හරියට. මටනං රස්සාවක් කරගන්නත් බෑ මේ හින්ද. අවධානෙ අඩුයි. කවුරුහරි දෙයක් කිව්වම ඒක එක පාරට ඔලුවට යන්නෙත් නෑ
    3.නිට්ටාවටම සුව කරන්න බෑ ඉතිං. මම කාලයක් රිටලින් බිව්ව. මුල් මාස කීපයෙ විතරයි ගුණයක් ආවෙ. පස්සෙ ආන්සර් කෙරුවෙ නෑ
    මටත් ලාවට තියනවා වගේ ලොකුවට නම් නෑ.. උබ සිංහල බෙහෙත් කරේ නැද්ද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    1. ජානවලින් තමා එන්නෙ. මානසික ලෙඩකට වඩා ස්නායු ලෙඩක් කිව්වැකි. ආබාධිත තත්වයක්
    2. තැනකට ගියාම හරිම කලබලයි. කල්පනා කරගන්න බෑ හරියට. මටනං රස්සාවක් කරගන්නත් බෑ මේ හින්ද. අවධානෙ අඩුයි. කවුරුහරි දෙයක් කිව්වම ඒක එක පාරට ඔලුවට යන්නෙත් නෑ
    3.නිට්ටාවටම සුව කරන්න බෑ ඉතිං. මම කාලයක් රිටලින් බිව්ව. මුල් මාස කීපයෙ විතරයි ගුණයක් ආවෙ. පස්සෙ ආන්සර් කෙරුවෙ නෑ

    උඹට ලෙඩේ ඩයග්නෝස් උනේ කොයි කාලෙදි ද ?
    පොඩි කාලෙ මොකද උනේ ?
    මොනවද ගත්ත බෙහෙත් ?
    එඩියුකේශන් වලට මොකද උනේ ?
    වයස එක්ක තත්වය හොඳ අතට හැරුනද ? වැඩි උනාද ?
    මගෙ පුතාට තියෙනව , 3 වසරෙ
    :dull:
     
    • Like
    Reactions: elakiriaddict

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    917
    1,745
    93
    උඹට ලෙඩේ ඩයග්නෝස් උනේ කොයි කාලෙදි ද ?
    පොඩි කාලෙ මොකද උනේ ?
    මොනවද ගත්ත බෙහෙත් ?
    එඩියුකේශන් වලට මොකද උනේ ?
    වයස එක්ක තත්වය හොඳ අතට හැරුනද ? වැඩි උනාද ?
    මගෙ පුතාට තියෙනව , 3 වසරෙ
    :dull:
    කොහොමද මචන් මුලදිම ඒ බව අදුන ගත්තේ?
     
    • Like
    Reactions: elakiriaddict

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    කොහොමද මචන් මුලදිම ඒ බව අදුන ගත්තේ?

    හැසිරීම් වල වෙනස්කම් එනව
    අම්බානක තරහ යනව, අවදානයක් නෑ කියන දේකට
    අදික ෆෝන් ඇඩික්ශන්
    ඉස්කෝලෙ වැඩ කරන් එන්නෙම නැති උනා , සමහර දවස් වලට දවසටම මූ ලියං එන්නෙ අකුරෙන් බාගයයි.
    අපිට තේරුනා මොකක් හරි අව්ලක් කියල
    ඊට පස්සෙ සයිකැට්‍රික් කෙනෙක් ට පෙන්නුව
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ඔයාට වයිෆ්ට හරි පව්ලේ කෙනෙක්ට ඔය වගේ සින් තිබුනද?
    ඩොක්ටර් මොකද කිව්වේ
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1) ADHD හැදෙන්නේ මොනවා උනහම ද?
    2) ADHD වල රෝග ලක්ෂණ සහ adhd වලින් වෙන්න පුළුවන් හානි සහ ප්රතිඵල මොනවාද?
    3) adhd නිට්ටාවටම සුව කරන්න පුළුවන් ද?
    පිට්ටනියේ අප්පුවා ඇවිත් තව ටිකකින් ඕක මැජික් බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් කියයි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    ඔයාට වයිෆ්ට හරි පව්ලේ කෙනෙක්ට ඔය වගේ සින් තිබුනද?
    ඩොක්ටර් මොකද කිව්වේ
    එහෙම දන්න කේස් නෑ බං,
    නොදන්න උං ඉඳල ඇති
    ඉස්සර අපේ පංති වලත් උන්න නෙ ඔහොම ළමයි
    දුර්වල ළමයෙක් කියල ලේබල් කරපු
    එහෙම උං ඉන්න ඇති සමහර විට

    ඩොකා කිව්වෙ නං ජෙනටික්ස් වලිං එන එකක් කියල තමා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මටත් තියෙනවා Inattentive type ADHD. ඕකට හරිහමන් බෙහෙතක් නැහැ මචන්. මම අවුරුදු ගාණන් විවිධාකාර බෙහෙත් බිව්වා වැඩක් නැහැ side effects වලට ඇඟට අමාරු වුනා විතරයි. මට හිතෙන්නේ ADHD කියන්නේ ලෙඩක් නෙමෙයි රෝග ලක්ෂනයක්. මූලික හේතුව ජානමය/ශාරීරික දුර්වලතාවයක් වෙන්නත් පුලුවන්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම දන්න කේස් නෑ බං,
    නොදන්න උං ඉඳල ඇති
    ඉස්සර අපේ පංති වලත් උන්න නෙ ඔහොම ළමයි
    දුර්වල ළමයෙක් කියල ලේබල් කරපු
    එහෙම උං ඉන්න ඇති සමහර විට

    ඩොකා කිව්වෙ නං ජෙනටික්ස් වලිං එන එකක් කියල තමා
    බෙහෙත් බොන්න දෙන්න ඕනේ කිව්වද
    ටික ටික දින චර්යාව වෙනස් කරලා කන්ට්‍රෝල් කරන්න බෑ කිව්වද

    පොඩ්ඩාගේ පන්තියේ යාළුවෝ සෙට් එක නිසා ඔහොම වෙනවා වෙන්න බැරිද
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    917
    1,745
    93
    හැසිරීම් වල වෙනස්කම් එනව
    අම්බානක තරහ යනව, අවදානයක් නෑ කියන දේකට
    අදික ෆෝන් ඇඩික්ශන්
    ඉස්කෝලෙ වැඩ කරන් එන්නෙම නැති උනා , සමහර දවස් වලට දවසටම මූ ලියං එන්නෙ අකුරෙන් බාගයයි.
    අපිට තේරුනා මොකක් හරි අව්ලක් කියල
    ඊට පස්සෙ සයිකැට්‍රික් කෙනෙක් ට පෙන්නුව
    කොහොමද මචං දැන් පුතාට?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    බෙහෙත් බොන්න දෙන්න ඕනේ කිව්වද
    ඔය උඩ කියල තියෙනව වගේ එහෙම ලෙඩේටම කියල බේතක් නෑ, ජෙනටික්ස් සීන් එකක් නිසා
    බේත් වර්ග දෙකක් තියෙනව, අවදානය වැඩි කරන බේත් , මොළය උද්දීපනය කරන බේත්
    අපේ එකාට පෙත්තක් දෙනව ඉස්කෝලෙ යන දවසට, එදාට එතකොට වැඩ කරන් එනව
    ( ඒත් සයිඩ් ඉෆෙක්ට් එක තමා කෑම රුචිය නැති වෙනව, කන්නෙම නෑ )
    ටික ටික දින චර්යාව වෙනස් කරලා කන්ට්‍රෝල් කරන්න බෑ කිව්වද
    චර්‍ර්‍යා වර්දන ක්‍රම තමා තියෙන්නෙ කරන්න,
    ස්ක්‍රීන් ටයිම් ලිමිට් කරනව
    හොඳ වැඩ ඇප්‍රිශියේට් කරනව
    නරක වැඩ ඉග්නෝ කරනව .. ඔය වගේ දේවල් වලින් තමා ටිකක් උගෙ බිහේවියර්ස් හදන්න වෙලා තියෙන්නෙ
    පොඩ්ඩාගේ පන්තියේ යාළුවෝ සෙට් එක නිසා ඔහොම වෙනවා වෙන්න බැරිද
    නෑ බං , යාලුවො සීන් එකක් අදාල නෑ මේකට
    ADHD උංට යාලුවො සෙට් වෙන්නෙ නෑ , හරි අමාරුයි , රිලේශන්ශිප්ස් තියාගන්න අමාරුයි
    දැං නං අපේ එකාට යංතං යාලුවො 2 ක් සෙට් වෙලා ඉන්නව
    යාලුවො ඉන්න එක හොඳයි,

    කොහොමද මචං දැන් පුතාට?

    ශේප් එකේ යනව බං, කන්ට්‍රෝල් කරං පුලුවං තරං ඌව ඩිවලොප් කරන්න සපෝට් කරන එක තමා කරන්න පුලුවං
    ඕක අමුතු සීන් එකක් බං , ළමය දුර්වල , මෝඩ නෑ , ඒත් අවදානය තියං ඉන්න බෑ එක දේකට.
    අපේ එකාගෙ පොත් හිස් උනාට විබාගෙට ලකුනු තියෙනව, ගනං වලට 88 ඔය වගේ
    ඒත් ලොකු වෙනකොට කම්පිටිශන් එකත් එක්ක අමාරුයි
    ------ Post added on Jul 27, 2023 at 10:00 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    චර්‍ර්‍යා වර්දන ක්‍රම තමා තියෙන්නෙ කරන්න,
    ස්ක්‍රීන් ටයිම් ලිමිට් කරනව
    හොඳ වැඩ ඇප්‍රිශියේට් කරනව
    නරක වැඩ ඉග්නෝ කරනව .. ඔය වගේ දේවල් වලින් තමා ටිකක් උගෙ බිහේවියර්ස් හදන්න වෙලා තියෙන්නෙ
    මේ ටික හරියටම කරහන්
    ඌ කැමති sport එකක් කරන්න දැම්මොත් මොකද
    නෑ බං , යාලුවො සීන් එකක් අදාල නෑ මේකට
    ADHD උංට යාලුවො සෙට් වෙන්නෙ නෑ , හරි අමාරුයි , රිලේශන්ශිප්ස් තියාගන්න අමාරුයි
    දැං නං අපේ එකාට යංතං යාලුවො 2 ක් සෙට් වෙලා ඉන්නව
    යාලුවො ඉන්න එක හොඳයි,
    නෑ යාලුවෝ ඉන්න එක හොඳයි එත් ඉන්න උන් ඔය වගේ වැඩ කරන්නේ නැති උන්ද දන්නේ නෑනේ එතකොට උටත් වැඩක් කරන්න හිතෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: elakiriaddict

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    917
    1,745
    93

    ශේප් එකේ යනව බං, කන්ට්‍රෝල් කරං පුලුවං තරං ඌව ඩිවලොප් කරන්න සපෝට් කරන එක තමා කරන්න පුලුවං
    ඕක අමුතු සීන් එකක් බං , ළමය දුර්වල , මෝඩ නෑ , ඒත් අවදානය තියං ඉන්න බෑ එක දේකට.
    අපේ එකාගෙ පොත් හිස් උනාට විබාගෙට ලකුනු තියෙනව, ගනං වලට 88 ඔය වගේ
    ඒත් ලොකු වෙනකොට කම්පිටිශන් එකත් එක්ක අමාරුයි
    ------ Post added on Jul 27, 2023 at 10:00 PM
    අනිවා මචං කොල්ල දක්ෂයෙක් :love:,පුතාට ඉක්මන් සුව වෙන්න කියලා එක සිතින් මන් ප්‍රර්ථනා කරනවා මචං.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    මේ ටික හරියටම කරහන්
    ඌ කැමති sport එකක් කරන්න දැම්මොත් මොකද

    ස්පෝට්ස් වලට දාල තියෙන්නෙ, බාස්කට් බෝල් , ස්කවුටින් කරනව
    ඒව කරනකොට අව්ලක් නෑ
    ඌට ඉන්ට්‍රස්ට් අඩු දේවල් වලට තමා ෆෝකස් කරන්න බැරිි.
    ඉන්ට්‍රස්ට් ඒවට හයිප ෆෝකස් , ඒක නිසා තමා ස්ක්‍රීන් ඇඩික්ශන් වෙන්නෙ ටක් ගාල.
    අපේ එකත් ස්ක්‍රීන් ඇඩික්ට් වෙලා දැං කන්ට්‍රෝල් කරං ඉන්නෙ.
    ADHD උං තමා ගේම් ඇඩික්ශන් , ඩ්‍රග් ඇඩික්ශන් වගේ ඒවට ටක් ගාල සෙට් වෙන්නෙ.

    නෑ යාලුවෝ ඉන්න එක හොඳයි එත් ඉන්න උන් ඔය වගේ වැඩ කරන්නේ නැති උන්ද දන්නේ නෑනේ එතකොට උටත් වැඩක් කරන්න හිතෙන්නේ නෑනේ
    නෑ බං මේක උගෙ අස්සෙ තියෙන ප්‍රශ්නයක්