මචන්ල මම පාවිච්චි කරන්නෙ එස් එල් ටි ඉන්ටර්නෙට්. 8MB කනෙක්ෂන් එකක් වුනාට මගේ ලයින් කන්ඩිෂන් හොඳ මදි කියල 5MB තමයි දුන්නෙ. 8MB දුන්නම ලයින් එක සැරින්රේ ඩිෂ්කනෙක්ට වෙන්න ගත්ත. හොට් ලයින් කතා කරල කිව්වම ටීම් එකක් එවන්නම් කියල පහුවදාට ඔන්න කට්ටියක් ඇවිත් ඔයාගේ කම්පියුටර එක බලන්න ඕන එකේ තමයි දෝෂෙ තියෙන්නෙ කියල කියනව. අපි කවුරුත් කැමති නෑනෙ අපෙ ප්රයිවෙට් කම්පියුටර් එකට කව්රුත් අත ගහනවට. මුන් කියනව කම්පියුටර් එකේ වෛරස් ඇති කියල. මම බං කම්පියුටර් හාඩ්වෙයාර් සොෆ්ට්යොර් දෙකම කරනව ජොබ් එක හැටියට. මට මාව ෂුවර්. මගේ කම්පියුටර් එකේ වෛරස් නැහැ. දෝෂෙ තියෙන්නෙ වයර් ලයින් එකේ. වහින දවස් වලට නම් ඉන්ටර්නෙට් මලාට වැඩ නැහැ. රවුටර් එකේ ADSL බල්බි එක නිවි නිවි පත්තුවෙනව. මුන්ට මේක පැහැදිලි කරන්න විදියක් කියන්නකො. කළුතර ඔෆිස් එකට ගිහිල්ල කිව්ව, ඒතකොට කිව්ව විස්තරේ කියල ලියුමක් දෙන්න කියල ඒකත් කරා ඒත් සත පහකට වැඩක් වුණෙ නැහැ. මේ වේලාවෙ මගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 480kbps මුන් හිතනව ඇති ඒ හොදටෝම ඇති කියල. අළුත් කස්ටර්මල ඇති කරගන්න ඉස්සෙල්ලා ඉන්න කස්ටර්මල රැකගන්න මුන් දන්නෙ නැහැ. මම මේ ගැටලුවට විසදගන්න ක්රමයක් කියන්න.