ADVANCED ENGLISH

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    englishlearn.png

    ADVANCED ENGLISH
    මන් හිතන්නේ අද ලංකාවේ කව්රුවත් නෑ ඉන්ග්ලිෂ් වලින් කතා කරන්න බැරි. හැමෝටම හොදටම බැරි උනත් හිතේ තියෙන දේ තව කෙනෙක්ට තේරෙන්න කියා ගන්න පුළුවන්. පොඩිකාලේ ඉදන්ම ගෙවල් වල ඉන්ග්ලිෂ් වලින් කතාකරන අයටය්, ඉන්ටර්නැෂනල් ස්කුල් වල පොඩිකාලේ ඉදන්ම ඉගෙන ගත්ත අයටය් නං ඉතින් ඉන්ග්ලිෂ් වතුර වගේ පුළුවන්.

    එත් කොලබින් පිට හැදුන අපිට ඒ වාසනාව නැ. කතා කරද්දී හිර වෙනවා. ඕනේ කරන වචනේ කටට එන්නේ නැ. සමහර වචන දන්නේ නැ. වෙලාවකට ලජ්ජය් වැරදුනොත් කියල. සිංහල අපිට ඉන්ග්ලිෂ් බැරි උනාට කමක් නැ කියල හිතෙනවා වෙලාවකට.

    මටත් ඔය ලෙඩ ටිකක් තියෙනවා. ඒ නිසාම තමය් එළකිරි යාළුවොත් එක්ක එකතු වෙලා දන්න ඉන්ග්ලිෂ් තව ටිකක් පොලිෂ් කර ගන්න හිතුනේ. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දුන්නම, දන්න දේ හොදට මතක තියෙනවා. මට නං ඒක අත්දැකීමෙන් හොදටම දැනිච්ච දෙයක්. ඕව ඉතින් යාලුවෙක්ට වචනයක්වත් කියල දෙන්නේ නැති කුහකයන්ට තේරෙන්නේ නෑ. එයාලගෙන් අපි කව්රුත් අහන්න යන්නෙත් නැනේ.

    හරි එහෙනම්. යාලුවෝ ඇවිත් වචනයක් හරි අපිට කියල දෙන්න. අපිට වචනයක් හොයාගන්න පුළුවන් වෙන ක්‍රම අනන්තවත් තියෙනවා තමය්. හැබය් එහෙම හිතන නිසාම අපි ගොඩක් වචන ඉගෙන ගන්න එක මග ඇරලා, පස්සට කල් දාලා. අනික මෙහෙම හැමෝටම බැලු ගමන් පේන්න දාල තියෙන වචන නිතර ඇහැගැටුනම මතක තියෙනවත් වැඩිය්නේ.

    ඉන්ග්ලිෂ් පුළුවන් කියල හිතන් හිටියට නිව්ස් පේපර් එකක් කියවද්දී අලුත් වචන දෙක තුනක් හරි අපිට හම්බ වෙනවා. එහෙම නැ කියල කියනවා නං මන් අර කලින් කව්වා වගේ ගෙවල් වල පොඩි කලේ ඉදන් ඉන්ග්ලිෂ් කතා කරපු හරි, පොඩි කාලේ ඉදන් ඉන්ටර්නැෂනල් ස්කුල් එකකට ගිය කව්රු හරි වෙන්න ඕනේ. එහෙම අය ඉතින් 1000 කට එකය් ලංකාවේ ඉන්නේ.

    මොන උනත් කතා කරද්දී තමා හොදටම ප්‍රැක්ටිස් වෙන්නේ. එත් එහෙම කරන්න අමාරුය්. පුළුවන් නං පොඩියට ස්කය්ප් ගෘප් එකකුත් කරමු. කව්රු හරි පටන් ගන්නවා නං අපිත් එකතු වෙන්නම්. අලුත් වචන ඉගෙන ගන්න එක තමය් වැදගත්ම වැඩේ. ග්ර්මර් නං හැමෝටම පුළුවන්. ඒ නිසා ස්පෙෂල් ග්ර්මර් විතරය් ටාගට් කරන්නේ. වචන තමා වැඩියෙන් ටාගට් කරන්නේ. වචන කොච්චර ඉගෙන ගත්තත් වැඩි වෙන් නෑ. මේ ත්‍රෙඩ් එකට ඕනේ කුණු ගොඩක්, ඕනේ කුනුහරුපයක් අරන් ඇවිත් ඉන්ග්ලිෂ් වලින් කතා කරමු. වයස් භේදයක් ඕනේ නෑ. ඖට්කම් එකක් විදියට ඉන්ග්ලිෂ් පොලිෂ් වෙනවා නං එච්චරය්.
    කව්රුවත් අතරේ තරගයක් නෑ. හැමෝම එකතු වෙලා සහයෝගයෙන් දැනුම එකිනෙකා අතරේ බෙදාගමු. ඔයාලගේ සහයෝගය නැතිව අපිට තනියෙන් ඉගෙන ගන්න බෑ . භාෂාවක් තනියම ඉගෙන ගත්තොත් මතක හිටින්නෙත් නෑ.



    So these are the things I'm thinking to talk, improve and share with our friends. Hope friends will do the same!! I appreciate if our friends correct my posts if there are errors and mistakes.
    gleegqclasspicture.jpg

    cliches
    vocabulary
    slang
    idioms
    catchphrases
    accents
    acronyms
    internet acronyms
    internet slang
    colloquial phrases
    special grammar terms
    swear words :D
    resources
    helpful websites
    radio channels
    natural reader softwares
    story books
    skype group
    video lessons
    dialogues
    words used in special occasions and places. - hospital, sports, kitchen, garden, court, religious places etc.

    channing_tatum_shirtless.jpg
    tumblr_lqjdaeLlh21qdqv28o1_500.jpg


    Dulanzz and ltty head එක්ක එකතු වෙලා තමා වැඩේ පටන් ගන්නේ :yes:
    indikson sameerasadaru Pinkpanther tigo sachi91 Deadmau5 ලත් ත්‍රෙඩ් එකට සපෝර්ට් කරනවා :cool:.

    Bump.Good Work