again missing airplane

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය

    Air_Asia.jpg





    ඉන්දුනීසියාවේ - සුරබායා සිට සිංගප්පූරුව බලා අද උදෑසන ගමන් ඇරඹූ මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා. එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් QZ 8501 දරන ගුවන් යානය මෙලෙස අතුරුදන් වී ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ එකසිය හැට දෙදෙනෙකු සිටි බව සඳහන්. එයාර් බස් ඒ 320 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 155 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ.

    ගුවන් මගීන් අතර ඉන්දුනීසියානුවන් 149 දෙනෙකු, කොරියානුවන් තුන් දෙනෙකු මෙන්ම සිංගප්පූරුව, බි‍්‍රතාන්‍යය, මැලේසියාව යන රටවල වැසියන් එක් අයෙකු බැගින් සිටි බවද එම නිවේදනයේ දැක්වෙනවා. වැඩිහිටි පුද්ගලයන් 138 දෙනෙකු, ළමයින් 16 දෙනෙකු සහ ළදරුවෙකුද යානයේ ගමන් කර තිබෙනවා. ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන 7 යි 55 ට ගමන් ඇරඹූ ගුවන් යානයේ සන්නිවේදනයන් ඊට විනාඩි 42 කට පසු නතරවූ බවයි ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ඒ අනුව යානය අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ වූ ගුවනේ්දියි. අතුරුදන්වූ මගී ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බව එයාර් ඒෂියා ගුවන් සේවය සඳහන් කළා. එයාර් ඒෂියා මැලේසියාව කේන්ද්‍ර කරගත් පිරිමැසුම් ගුවන් සේවයක්.

    මේ වසරේදී මැලේසිියානු මගී ගුවන් යානයක් මුහුණදුන් තුන්වන අනතුර මෙයයි. මේ වසරේ මාර්තු මාසයේ මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් යානයක් ජාකර්තා සහ බීජිං අතරදී අතුරුදන්වූ අතර, මගීන් 298 දෙනෙකු රැගත් මැලේසියානු මගී ගුවන් යානයක් පසුගිය ජුලි මාසයේ යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප‍්‍රහාරයකින් කඩා වැටුනා.

    13.13 PM - ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබියදී පුද්ගලයන් 162 කු සමග අද උදෑසන අතුරුදන්වූ ගුවන් යානයෙන් අනතුරු සංඥා කිසිවක් නිකුත් නොකෙරුණු බව ගුවන් යානය අයත් එයාර් ඒෂියා සමාගම පවසනවා. කෙසේ නමුත් දැඩි වළාකුළු සහිත කාලගුණය හේතුවෙන් ගුවන් යානය වෙනස් මගක ගමන් කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ බව සඳහන්. අතුරුදන්වූ යානයේ සිටි 6 දෙනෙකු හැර අනෙක් සියලූදෙනාම ඉන්දුනීසියානුවන්. යානය අතුරුදන්වී ඇත්තේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ අහසේදියි.

    10.49 AM - ගුවන් යානයේ සිටි මගීන් 155 දෙනාගෙන් 149 දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින් වන අතර කොරියන් ජාතිකයන් තුන් දෙනෙකු සිට ඇත.තවද බ්‍රිතාන්‍ය,මැලේසියාව සහ සිංගප්පුරු ජාතිකයින් එක බැගින් මෙම ගුවන් යානයේ ගමන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    10.11 AM - එයාර් ඒසියා ගුවන් සමාගම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔහුන්ගේ ෆේස්බුක් ගිණුමෙ සහ ට්විටර් ගිණුමෙහි ඉදිරිපස ඡායාරූපයන් කළු සුදු වර්ණයෙන් යොදා ඇත්තේ මේ ආකාරයටයි.



    ෆේස්බුක් ගිණුම

    Untitled-1.jpg



    ට්විටර් ගිණුම

    tweet.jpg





    air-asia-airline.jpg



    මොකක්ද බං මේ වෙන්නේ :no::no::rolleyes::rolleyes: ප්ලේන් වලට කලින් නැති උනඑකේ නට් එකක් වත් හොයා ගන්න නෑ.. දැන් තව එකක්.. මේක නං ප්ලෑන් කරල කරන ලොකු ගේමක් වගේ...

    UPDATE

    #‎අතුරුදන්_වූ_MH370_යානයේ_මඟියෙක්_මිතුරෙකුට_එවූ_ඡායාරූපය‬. ‪#‎අතුරුදහන්‬ වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි. ‪#‎Jim_Stone‬ නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි. ‪#‎Phillip‬ Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත. ‪#‎එම‬ ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත.

    >>>>>vVV “I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.” ‪

    #‎එමෙන්ම‬ ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන ‪#‎metadata‬ අගයන් සටහන්ව ඇත

    Dimensions: 240 x 320 Device
    Make: Apple
    Device Model: iPhone 5
    Color Space: RGB
    Color Profile: sRGB IEC61966-2.1
    Focal Length: 4.12 Alpha
    Channel: No
    Red Eye: No
    F Number: 2.4
    Exposure Program: 2 Exposure
    Time: 1/15
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්ද බං මේ වෙන්නේ :no::no::rolleyes::rolleyes: ප්ලේන් වලට කලින් නැති උනඑකේ නට් එකක් වත් හොයා ගන්න නෑ.. දැන් තව එකක්.. මේක නං ප්ලෑන් කරල කරන ලොකු ගේමක් වගේ...

    Mama nam flight ekak petta palate wat yanne na :no::no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙතන මොකක් හරි සීන් එකක් තියනවා ඇයි මැලේසියාවට අයිති ගුවන් සමාගම් වලම ගුවන් යානා එක පාරටම අතුරුදහන් වෙන්නේ :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Update about ‪#‎QZ8501‬
    AirNav Indonesia say they lost radar contact with QZ8501 at 23:18 UTC (6 minutes after Flightradar24 lost coverage). This is the estimated position of QZ8501 at that time.


    10686779_823273134378778_8782219054615613937_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    #‎අතුරුදන්_වූ_MH370_යානයේ_මඟියෙක්_මිතුරෙකුට_එවූ_ඡායාරූපය‬.

    ‪#‎අතුරුදහන්‬ වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි.

    ‪#‎Jim_Stone‬ නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි.

    ‪#‎Phillip‬ Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත.

    ‪#‎එම‬ ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත. >>>>>vVV

    “I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

    ‪#‎එමෙන්ම‬ ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන ‪#‎metadata‬ අගයන් සටහන්ව ඇත

    Dimensions: 240 x 320
    Device Make: Apple
    Device Model: iPhone 5
    Color Space: RGB
    Color Profile: sRGB IEC61966-2.1
    Focal Length: 4.12
    Alpha Channel: No
    Red Eye: No
    F Number: 2.4
    Exposure Program: 2
    Exposure Time: 1/15
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    බම්ප් ... යකෝ මැලේෂියන් ප්ලේන් වලට මාර අපල කාලයක්නෙ ... ඕකෙ ගිය උන් ටිකත් අනිත් ප්ලේන් වලට උන දේවල් මතක් කරගෙන යන්න ඇති ..
     

    Similar threads