මචන්ලා, මට මේ දවස්වල හිතුණු දෙයක් කියන්නයි මේ ත්රෙඩ් එක දැම්මේ. අපි ඉතින් දැන් හැම දේකටම ChatGPT, Gemini වගේ AI Tools පාවිච්චි කරනවනේ. ඒත් මට මේවා එක්ක වැඩ කරද්දී මාර ප්රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා.
සමහර වෙලාවට මාරම වැදගත් වැඩක් කරගන්න ගියාම මුන් ඒක අන්තිම මොහොතේ අනාගන්නවා. එක පාරක් සුපිරියට වැඩේ කරලා දෙනවා, හැබැයි ඊළඟ පාර ඒ වගේම දෙයක් ඇහුවම මෙලෝ රහක් නැති උත්තර දෙනවා.
තව දෙයක් තමයි, අපි හොඳටම දන්න දේවල් ගැන මුන් පට්ටපල් බොරු කියනවා. අපි දන්න කියන විෂය කරුණු වුණත් වැරදියට දාලා, කිසිම ගාණක් නැතුව ඒක ඇත්ත වගේ ලියනවා. ඉතින් ඒක හරියට බලන්නේ නැතුව පාවිච්චි කළොත් අපිට තමයි කෙළ වෙන්නේ.
ඇත්තටම මට හිතෙන්නේ AI කියන්නේ අපේ ඉවසීම පුරුදු කරන්න ආපු දෙයක් කියලා. මොකද ඉතින් ඕකට බැනලා වැඩක් නැහැනේ, ඌට ඒවා දැනෙන්නේ නැති නිසා. අන්තිමට අපිටමයි ඉවසන්න වෙන්නේ. ඕකට බැන බැන ඉන්නවා වෙනුවට, වැරැද්දක් වුණාම ආයේ හදලා කරගන්න එක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ.
ඔයාලටත් AI එක්ක වැඩ කරද්දී මේ වගේ අවුල් ගිහින් තියෙනවද? කොහොමද ඔයාලා මේ වගේ වෙලාවට ඉවසන්නේ? මේවා ඇත්තටම අපේ වැඩ ලේසි කරනවද නැත්නම් ඉවසීම පරීක්ෂා කරනවද?
උඹලගේ අත්දැකීම් ටිකත් කොටාගෙන යමු බලන්න.