එළකිරියේ සුපිරි සෙට් එකක් ඉන්නවා දැක්කා Ai යකා බැදන් සල්ලි හම්බ කරන,
තැන් තැන් වල පොඩි පොඩි tread වල සුපිරි කමෙන්ට් දාලා පට්ට සප් එකක් දෙන,
මට හිතුනා General Tread එකක් අරින්න
ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරන්න!
මට තියන common ප්‍රශ්න ටික හලන් යන්නම් වැඩ්ඩෝ (දැනට සිරා හම්බ කරන සෙට් එක) උත්තරයක් දාමු!!
1. Ai articles ලියන්න ඔයාලා use කරන tools මොනාද (chatgpt hemoma dannawa, අනිත් famous නැති ඒත් සුපිරි වැඩක් ගන්න ඒවා)
2. Ai content rank කරන්න පුලුවන් විදිය
3. Adsense approve වෙනවද Ai contents
4. Reach කොහොමද Ai content වලට
5. Automation දන්න අයගෙ උපදෙස්
6. Ai prompting tips
7. Wordpress plugging ( Ai writing)
එකි මෙකි නොකී හැම දේම කියලා දෙන්න පුලුවන් අය මේ tread එක දකී කියලා හිතනවා,
යටි අරමුණ; online සල්ලි හදන්න ගිහින් depression හැදිලා ඉන්න කොල්ලෝ (අපේ උන් අනාත වෙලා ඉන්නවා දකිනවා, ගේමක් ගහන්න ආසයි ඒත් උදව්වක් කරන්න කවෘත් නෑ, අන්න එහෙම උන් ගොඩ දාන එකයි අරමුණ, අපේ උන් වෙනුවෙන් උබ දන්න දෙයක් යටින් ලියන් යමු මචං පොඩි වෙලාවක් අරන් මේ ගැන, අනිවා උබටත් එකෙන්ම return විදියට හොද දේවල් ලැබෙයි!