හොඳ උස මහත පොරක් දවසක් දා බාර් එකකට ගොඩ වැදුණා. මෑන්ස් ෂොට් එකක් හලාගන්න අල්ල පනල්ලේ මෑන්ස් දිහා ඇහැ ගහන් හිටපු ගෑණු පරාණයක් හෙමීට මෑන්ස්ට කිට්ටු කළා."ඔයා රගර් ප්ලේයර් කෙනෙක් නේද?" ඇහැ කරකෝලා අමුතු බැල්මට් එකක් දාන ගමන් අර ලඳ ආපු පොරගෙන් ඇහුවා. ඔළුව වනලා ඒක හරි කිව්ව අපේ ක්‍රීඩකයා මේ ලලනාව එක්ක පොඩි කයියක් ගහන්න ගත්තා. කයිය කෙලවර උනේ දෙන්නම ක්‍රීඩකයාගේ ගෙදරට යන්න සෙට් වීමෙන්.--------- මෙතනින් එහාට පොඩි එවුන් ටික දුවපියවූ!------------ඔන්න ඉතින් ගෙදෙට්ට ගිහිල්ලා දෙන්නම අර මේරියන්ස් නලින් කියන සින්දුව "කරන්න" පටන් ගත්තා.♪♫► පළමුව සිනාසී - දෙවනුව ටෝක දී - තෙවනුව ගෙවල් පැත්තේ අරන් යයි ◄♫♪♪♫► ඉන්පසු ප්‍රේම ගඟේ - පීනාලා සතුටින් - ප්‍රේම කරයි දෙන්නට දෙන්නා.... ◄♫♪ඔන්න ආරම්භයේදීම දාඩිය දාන නිසාද මන්දා රගර් මෑන්ස් ඇඳගෙන හිටිය ටී ෂර්ට් එක ගලවලා දැම්මා. ලලනාව දැක්කා ප්ලේයර්ගේ උරහිසේ Reebok කියලා පච්ච කොටලා තියෙන බව. ඇයි එහෙම පච්චයක් කෙටුවේ කියලා ලලනාව රගර් හාදයගෙන් ඇහුවා."මම TV එකේ ඉන්ටර්වීව් වලට එහෙම ගියාම මේ පච්චේ පේන විදිහට තමා ඉන්නේ. එතකොට මට පච්චේ tv එකේ පෙන්නන හැම පාරටම reebok එකෙන් ගෙවනවා."ටික වෙලාවකින් අපේ ක්‍රීඩකයා තමන් ඇඳගෙන හිටිය බොටම් කලිසමත් ගැලෙව්වා. මෙන්න කකුලේ ඇස්වටේ හරියේ NIKE කියලා පච්ච කොටලා. ලලනාව ආයෙම අර ප්‍රශ්නේ ඇහුවා." අර කලින් REEBOK එක වගේම තමයි. මෙයාලත් මට මේ පච්චේ TV එකේ පෙන්නන හැම පාරකටම මට ගෙවනවා."ඊට පස්සේ මේ හාදයා තමන් ඇඳගෙන හිටිය අන්ඩර්වෙයාර් එකත් ගලවලා දැම්මා. මෙන්න යකෝ අහවල් එකේ පච්ච කොටලා AIDS කියලා. මේක දැක්කා විතරයි අර ලලනාව දඩ බඩ ගාලා නැගිට්ටා."අනේ දෙයියනේ, මට කියන්න එපා ඔයාට AIDS තියෙනවා කියලා ඔන්න!?" බයෙන් බයෙන් පස්සට යන ගමන් ලලනාව කියන්න ගත්තා."නෑ නෑ...කලබල වෙන්නෙපා." රගර් මෑන්ස් කාන්තාව සන්සුන් කරන ගමන් කියන්න ගත්තා,"තව මිනිත්තුවෙන් ඕක ADIDAS කියලා ලස්සණට පෙනේවි......"
ඉස්සුවේ බුකියෙන්
ඉස්සුවේ බුකියෙන්

