ආතර් ඈෂ් - Arthur Ashe (July 10, 1943 – February 6, 1993) යනු ඇමරිකානු ජාතික විශිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා( Grand Slam Titles) 3ක් ජයග්‍රහනය කර ඇත. 1983 දී ඔහුට වැලදුන හෘදයාබාදයක් සුව කිරීම සදහා ශල්‍යකර්මයක් සිදු කල අතර එහිදී ඔහුට ලබා දුන් රුධිරය HIV ආසාදිතයෙකුගෙන් ලබා ගත් ඒවා නිසා ආතර් ඈෂ් ඒඩ්ස් රෝගියෙකු විය.
ලෝකය පුරා සිටි ක්‍රීඩා ලෝලීන් ගෙන් ඔහුට ලිපි රාශියක් ලැබුනු අතර ඔහුට ලැබුනු එක් ලිපියක මෙවැනි පැනයක් විය.
"මේ වගේ දරුණු ලෙඩක් දෙන්න ඇයි දෙවියෝ ඔයාවම තෝර ගත්තේ"?
ආතර් ඈෂ් ඔහුට මෙවැනි පිලිතුරක් දුන්නා
ලෝකය පුරා ළමුන් මිලියන 50 ටෙනිස් සෙල්ලම් කරන්න පටන් ගන්නවා
ඉන් ළමුන් මිලියන 5 ටෙනිස් සෙල්ලම් කරන්න ඉගෙන ගන්නවා
ඉන් 500000ක් වෘත්තීමය ටෙනිස් සෙල්ලම් කරන්න පටන් ගන්නවා
ඉන් 50000ක් ජාතික තලයට සුදුසුකම් ලබනවා
5000ක් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග වලට සුදුසු කම් ලබනවා
50ක් විම්බල්ඩන්(Wimbledon) තරග වලට සුදුසු කම් ලබනවා
4 දෙනෙක් විම්බල්ඩන්(Wimbledon) අවසන් පූර්ව තරග වලට සුදුසු කම් ලබනවා දෙදෙනෙක් විම්බල්ඩන්(Wimbledon) අවසන් තරගයට සුදුසුකම් ලබනවා
එක්කෙනෙක් විම්බල්ඩන්(Wimbledon) ශූරතාවය දිනනවා.
මම විම්බල්ඩන්(Wimbledon) ශූරතාවය දිනලා කුසලානය ඔසවාගෙන හිටපු මොහොතේ ඇහුවේ නෑ
"ඇයි දෙවියනේ මමම මේ කුසලානය දිනුවේ" කියලා
ඉතින් අද ඒඩ්ස් රෝගියෙක් වෙලා අසරණව ඉන්න මොහොතෙත්
"ඇයි දෙවියනේ මටම මේ රෝගය හැදුනේ කියලා අහන්න අයිතියක් මට නෑ"
ලද හොද දෙයට ඔබ ඉස්තුතිවන්ත වී නැත්නම් ලද නරක දෙය ප්‍රශ්න කිරීමට ඔබට අයිතියක්ද නැත.