මම ගිය මාසෙ සිම් එකක් ගත්තා. රු. 599 freedom පැකේජ් එකක් දා ගත්තා. අද මාසෙ ඉවර වුණ නිසා තව එකක් දා ගත්තා. මේක අසාමාන්‍ය විදිහට වාසියිනෙ බං.
මාසයක් පුරාවටම දවසට 1GB ගාණෙ හම්බෙනවා normal browsing වලට. ඒකට social media usage අදාළ නැහැ. ඒ කියන්නෙ FB, Instagram, Whatsapp, YouTube කොච්චර පාවිච්චි කරත් 1GB වලින් කැපෙන්නෙ නැහැ. අනිත් නෙට්වර්ක් වගේ 360p විතරක් unlimited හරි, පට්ට slow හරි නෙවෙයි, සිරාවටම unlimited. අනික youtube, fb එහෙම 1080p buffering නැතිව බලන්න පුළුවන්. 6 mbps (750kb/s) විතර වේගයක් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි බං, ඔච්චර data දෙනවා මදිවාට airtel ඒවාට මාසෙම call sms සම්පූර්ණ free. (whatsapp සම්පූර්ණ free එකේ video call වුණත්)
ඒකත් මදි කියලා හිතෙනවා නම් තව විනාඩි 300 කුයි sms 1000 කුයි අනික් network වලටත් free දෙනවා. සේරම රුපියල් 599 කට මාසෙකටම!!
ඕකත් මදි උන්ට කැමති නම් දවසට හම්බෙන data ප්‍රමාණය 2GB කරගන්න පුළුවන් 999 පැකේජ් එකෙන්. ඔය සේරම ඒ විදිහටම තියෙන අතරෙ අනිත් නෙට්වර්ක් වලට calls sms එහෙමත් වැඩි වෙනවා.
මම මාසයක් පාවිච්චි කරපු නිසා මට ෂුවර් කිසිම FUP එකක්, speed cap එකක් නෑ. එහෙම තියෙනවා නම් ඒක youtube වලට 50GB වලින් එහා සහ fb, whatsapp වලට 25GB ගාණෙ විතර වෙන වෙනම වගේ තියෙනවා වෙන්න ඕන. එහෙම තිබුණත් එච්චර පාවිච්චි කරන්නත් බෑනෙ බං හිතලාම නාස්ති කරේ නැත්නම්.
මුන් මෙච්චර වාසි දෙන්නෙ මොකක් හරි යටි අරමුණකින්වත්ද බං?